ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් පළාත් සුපිරි සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (11) පැවති තරගවල දී ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. ඒ නුවර සහ කොළඹ කණ්ඩායම්වලට එරෙහිව යි.
දිනයේ කැපී පෙනෙන ක්‍රීඩකයා බවට පත් වූයේ ගාලු කණ්ඩායමේ උපුල් තරංග ය. ඔහු ශතකයක් ලබා ගනිමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේය. මේ අතර සුපිරි 4 තරගාවලියේ කෝඩුකාර ක්‍රීඩකයන් සේ අද තරගවලට එක් වූ සඳුන් වීරක්කොඩි (96) මිනෝද් භානුක (82) සහ චරිත් අසලංක (51) අර්ධ ශතක රැස් කිරීම කැපී පෙණුනි.
සදීරගෙන් වර්ණවත් ශතකයක්; වැන්ඩර්සේ සාර්ථක කඩුලු දඩයමක
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන අන්තර් පළාත් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (08)…..
ගාලු ක්‍රීඩකයෝ පළමු වටය නිමාවේ දී ප්‍රසාද ලකුණු පුවරුවේ පළමු ස්ථානයේ සිටි අතර ඔවුන් අද ලැබූ ජයග්‍රහණයත් සමඟින් තව දුරටත් එම ස්ථානය රැක ගැනීමට සමත් වූහ. දඹුල්ල ක්‍රීඩකයෝ පළමු තරග ත්‍රිත්වය නිමාවේ දී තෙවැනි ස්ථානයේ සිටි අතර ලැබූ මෙම ජයග්‍රහණයත් සමඟින් එක් ස්ථානයක් ඉදිරියට පිවිසීමට සමත් විය.
ප්‍රසාද ලකුණු පුවරුවේ සිව්වැනි ස්ථානයේ සිටින නුවර ක්‍රීඩකයෝ අද ලැබූ පරාජයත් සමඟින් පිට පිට තරග ත්‍රිත්වයක පරාජයන් ලැබූ කණ්ඩායම බවට පත්විය.
ගාල්ල සහ නුවර අතර තරගය
කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 3ක ජයක් හිමි කර ගැනීමට ගාලු ක්‍රීඩකයෝ සමත් වූහ.
කාසියේ වාසිය දිනූ නුවර ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් කඩුලු 9ක් දැවී ලකුණු 272ක් රැස් කළහ. එම ඉනිමේ දී කඩුලු රකින ක්‍රීඩක මිනෝද් භානුක පන්දු 83කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 82ක් රැස් කළේය. චරිත් අසලංක පන්දු 58ක දී ලකුණු 55ක් ලබා ගත්තේ හතරේ පහර 9ක් ද සමඟිනි.
අද තරගයේ දී නුවර කණ්ඩායමේ නායකත්වය හිමි වූ ජීවන් මෙන්ඩිස් ලකුණු 43ක් ලබා ගත් අතර ඔහු මිනෝද් භානුක හා එක්ව 6 වැනි කඩුල්ලට ලකුණු 123ක සබඳතාවක් ගොඩ නැගීමට දායක වීම කැපී පෙණුනි.
පන්දු යැවීමේ දී මාලින්ද පුෂ්පකුමාර ලකුණු 41කට කඩුලු 4ක් දවා ගත්තේය.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි ගාලු ක්‍රීඩකයෝ තරගයේ ආරම්භයේ සිටම සටන්කාමි ඉනිමක නිරත වූහ. ඔවුන්ගේ ඉනිමේ කැපී පෙණුන ක්‍රීඩකයා වූයේ අද තරගයේ නායකයා වූ උපුල් තරංග ය. ඔහු පන්දු 121කට මුහුණ දෙමින් හතරේ පහර 16ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 127ක් ලබා ගත්තේය.
උපුල් තරංග සහ රමිත රඹුක්වැල්ල (34) අතර පළමු කඩුල්ලේ සබඳතාව ලකුණු 81කි. මැද පෙළින් පිටියට පිවිසි සම්මු අශාන් පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 51ක් ලබා ගත්තේය.
ටෙස්ට් ක්‍රිකට් පිටියේ නවකයින් තිදෙනා
ක්‍රිකට් ලෝකය අයර්ලන්තය සහ ඇෆ්ගනිස්ථානය ටෙස්ට් තරග සඳහා පිළිගැනීමට සූදානමෙන් ……
ඉනිමේ අවසන් අදියරේ දී ක්‍රියාත්මක වූ සීකුගේ ප්‍රසන්න පන්දු 16ක දී නොදැවී ලකුණු 34ක් ලබා ගත්තේය. ඔහුගේ ඉනිමට හතරේ පහර 2ක් සහ හයේ පහර 3ක් ඇතුලත් විය.
කඩුලු ලබා ගැනීමේ දී පිත්තෙන් ද දක්ෂතා දැක්වූ චරිත් අසලංක සමඟින් ප්‍රභාත් ජයසූරිය සහ සචිත් පතිරණ කඩුලු 2 බැගින් දවා ගත්හ.
නුවර කණ්ඩායම; කඩුලු 9ක් දැවී 272 (50.0): චරිත් අසලංක 55, මිනෝද් භානුක 82, ජීවන් මෙන්ඩිස් 43, සචිත් පතිරණ 25, ධම්මික ප්‍රසාද් 2/71, මාලින්ද පුෂ්පකුමාර 4/41
ගාල්ල කණ්ඩායම; කඩුලු 7ක් දැවී 276 (47.4): රමිත රඹුක්වැල්ල 34, උපුල් තරංග 127, සම්මු අශාන් 51, සීකුගේ ප්‍රසන්න නොදැවී 34, චරිත් අසලංක 2/46, ප්‍රභාත් ජයසූරිය 2/42, සචිත් පතිරණ 2/41
දඹුල්ල සහ කොළඹ අතර තරගය
කොළඹ සී. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයේ දී දඹුලු කණ්ඩායම කඩුලු 6ක පහසු ජයක් ලැබුවේය. කාසියේ වාසිය දිනූ කොළඹ ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් සියලුම ක්‍රීඩකයෝ දැවී ලබා ගත්තේ ලකුණු 164ක් පමණි.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ කඩුලු රකින ක්‍රීඩක ලසිත් අබේරත්න ය. ඔහු පන්දු 80කට මුහුණ දෙමින් ලකුණු 49ක් ලබා ගත්තේය. ඔහුට අමතරව අද තම පළමු තරගයට ක්‍රීඩා කළ වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමේ නායක කමිඳු මෙන්ඩිස් පන්දු 45කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සමඟින් ලකුණු 33ක් ලබා ගත්තේය. මීට අමතරව ඇන්ජලෝ පෙරේරා රැස් කළ ලකුණු සංඛ්‍යාව 33කි.
පන්දු යැවීමේ දී අශාන් ප්‍රියංජන් ලකුණු 11කට කඩුලු 3ක් දවා ගත් අතර ටී. එන්. සම්පත් සහ සචිත්‍ර සේරසිංහ කඩුලු 2 බැගින් දවා ගත්හ.
පිළිතුරු ඉනිමට පිටියට පිවිසි දඹුලු ක්‍රීඩකයෝ තවත් පන්දුවාර 13ක් ඉතිරිව තිබිය දී තම ඉලක්කය සපුරා ගත්තේ තවත් කඩුලු 6ක් ද අතැතිව ය. එම ඉනිමේ දී වමත් ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි ලකුණු 96ක් ලබා ගත්තේය. ඔහු මේ සඳහා පන්දු 93කට මුහුණ දුන් අතර හතරේ පහර 9ක් සහ හයේ පහර 4ක් තම ඉනිමට එක් කළේය. සචිත්‍ර සේරසිංහ නොදැවී ලකුණු 29ක් ලබා ගනිමින් තරගය අවසන් කළේය.
පන්දු යැවීමේ දී ආරම්භක වේගපන්දු යවන සචින්ත පීරිස් ලකුණු 31කට කඩුලු 2ක් දවා ගත්තේ ය.
කොළඹ කණ්ඩායම; සියලුම දෙනා දැවී 162 (39.4): කමිඳු මෙන්ඩිස් 33, ලසිත් අබේරත්න 49, ඇන්ජලෝ පෙරේරා 33, තිසර පෙරේරා 23, ටී. එන්. සම්පත් 2/42, සචිත්‍ර සේරසිංහ 2/20, අශාන් ප්‍රියංජන් 3/11
දඹුල්ල කණ්ඩායම; කඩුලු 4ක් දැවී 166 (36.3): සඳුන් වීරක්කොඩි 96, සචිත්‍ර සේරසිංහ නොදැවී 29, සචින්ත පීරිස් 2/31
තරගාවලියේ මීළඟ තරග මේ මස 14 වැනි සඳුදා පැවැත්වෙන අතර එහි දී ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර තරගය කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ද, කොළඹ සහ නුවර කණ්ඩායම් අතර තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ දී ද පැවැත්වීමට නියමිතයි.
මේ තරග අතරින් කොළඹ පී. සරා ඕවල් පිටියේ දී පැවැත්වෙන ගාල්ල සහ දඹුල්ල කණ්ඩායම් අතර තරගය සජීවී ව ඔබ වෙත සමීප කරවීමට ThePapare.com කටයුතු යොදා ඇත.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















