උමේෂ්ගේ කඩුලු 6 අපතේ යයි

63

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද (28) දිනයේ පැවති අර්ධ අවසන් පූර්ව වටයේ තරග අතුරින් කැපී පෙනෙන පන්දු යැවීමක නිරත වීමට පානදුර ක්‍රීඩා සමාජයේ උමේෂ් කරුණාරත්න සමත් විය. එහෙත් එහි ප්‍රතිඵලයක් ගැනීමට ඔවුන් අසමත් වූයේ තරගයේ ජයග්‍රහණය ප්‍රතිවාදීන් සතු වීම නිසාය. 

2016ට පසුව ශ්‍රී ලංකාව සිම්බාබ්වේ දේශයට!

2020 වසර යනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ඉතාමත් කාර්‍ය බහුල තරග කාලසටහනක් තිබෙන වසරක. එය, එළඹෙන ජනවාරි…..

පානදුර ක්‍රීඩා සමාජය සහ හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය අතර තරගයේ දී උමේෂ් මෙම දක්ෂතා දැක්වූයේ ලකුණු 67 කට කඩුලු 6 ක් දවා ගනිමිනි. 

අද පැවති තරග වල ජයග්‍රහණය ලැබූ යුද හමුදාව, එස්. එස්. සී., හලාවත මේරියන්ස් සහ එන්. සී. සී. කණ්ඩායම් අවසන් පූර්ව වටයේ තරග වලට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූ අතර එම තරග හෙට (29) දිනයේ දී කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩංගණයේ දී සහ කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවැත්වීමට නියමිත ය. 

ගුවන් හමුදාව සහ යුද හමුදාව අතර තරගය 

කටුනායක නිදහස් වෙළෙඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 5 ක ජයග්‍රහණයක් හිමිකර ගැනීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනා ගත් යුද හමුදා ක්‍රීඩා සමාජයේ ආරාධනාවෙන් පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩකයෝ කඩුලු 8 ක් දැවී ලකුණු 206 ක් රැස්කර ගත් අතර ඊට පිළිතුරු ලෙසින් යුද හමුදා ක්‍රීඩකයෝ කඩුලු 5 ක් පමණක් දැවී එම ඉලක්කය පසු කළේ තවත් පන්දු 33 ක් ම ඉතිරි කර ගනිමිනි. 

ගුවන් හමුදා ඉනිම වෙනුවෙන් සුමින්ද ලක්ෂාන් පන්දු 89 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් සමඟින් ලකුණු 63 ක් රැස්කර ගත්තේය. ඊට අමතරව මාධව නිමේෂ් පන්දු 40 කට මුහුණ දෙමින් හතරේ පහර 4 ක් සහ හයේ පහර 2 ක් සමඟින් ලකුණු 47 ක් රැස්කර ගැනීමට සමත් විය.

Photos: SLC Invitation Limited Over Tournament 2019/20 – QF 4 – Air Force SC Vs Army SC  

කඩුලු ලබා ගැනීමේ දී දකුණතින් වේගපන්දු යවන හේෂාන් හෙට්ටිආරච්චි ලකුණු 47 කට කඩුලු 3 ක් දවා ගත්තේය. 

පිළිතුරු ඉනිමේ දී කැපී පෙනෙන ඉනිමක් ක්‍රීඩා කිරීමට දිනේෂ් චන්දිමාල් සමත් විය. ශ්‍රී ලංකා යුද හමුදාවට එක්වූ පසුව ක්‍රීඩා කළ තම පළමු තරගයේ දී ඔහු දැක්වූ දක්ෂතාවය වූයේ පන්දු 69 කට මුහුණ දෙමින් හතරේ පහර 6 ක් සමඟ නොදැවී ලකුණු 67 රැස්කර ගැනීමයි. 

ඔහු නායක අසේල ගුණරත්න සමඟ එක්වෙමින් සිව්වන කඩුල්ලට ලකුණු 71 ක සබඳතාවයක් ගොඩනැගීමට ද සමත් විය. අසේල ගුණරත්න පන්දු 42 කට මුහුණ දෙමින් හතරේ පහර 2 ක් සමඟින් ලකුණු 36 ක් රැස්කර ගත්තේය. 

ශ්‍රී ලංකා ගුවන් හමුදා ක්‍රීඩා සමාජය : කඩුලු 8  ක් දැවී 206 (50) උදයවංශ පරාක්‍රම 26, ශාබික් ඉෆ්ත්‍රි 22, සුමින්ද ලක්ෂාන් 63, මාධව නිමේෂ් 47, හේෂාන් හෙට්ටිආරච්චි 3/47, ලහිරු විජේතුංග 2/20. 

ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩා සමාජය : කඩුලු 5 ක් දැවී 207 (44.3) ලක්ෂාන් එදිරිසිංහ 48, දුශාන් විමුක්ති 25, දිනේෂ් චන්දිමාල් නොදැවී 67, අසේල ගුණරත්න 36, සුමින්ද ලක්ෂාන් 2/42. 


එස්. එස්. සී. සහ ටැමිල් යුනියන් අතර තරගය 

කොළඹ එන්. සී. සී. ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ දී එස්. එස්. සී. කණ්ඩායමට ලකුණු 200 ක විශිෂ්ට ජයග්‍රහණයක් හිමි විය. 

කාසියේ වාසිය දිනා ගත් එස්. එස්. සී. කණ්ඩායමේ නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ලබා ගත් අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 6 ක් පමණක් දැවී ලකුණු 299 ක් රැස්කර ගත්හ. පිළිතුරු ඉනිමේ දී ටැමිල් යුනියන් ක්‍රීඩකයන්ට සියලු දෙනා දැවී වාර්තා කර ගැනීමට හැකි වූයේ ලකුණු 99 ක් පමණි. 

Photos: SSC Vs Tamil Union C & AC | QF-1 | SLC Invitation Limited Over Tournament 2019/20

එස්. එස්. සී. කණ්ඩායම වෙනුවෙන් මුල්පෙළ පිතිකරුවන් වූ දිමුත් කරුණාරත්න, සඳුන් වීරක්කොඩි සහ චරිත් අසලංක අර්ධ ශතක රැස්කර ගැනීමට සමත් වීම කැපී පෙනුනි. මේ අතුරින් දිමුත් සහ සඳුන් අතර පළමු කඩුල්ලට එක්වූ  සබඳතාව ලකුණු 129 කි. දිමුත් කරුණාරත්න පන්දු 77 කට මුහුණ දෙමින් හතරේ පහර 7 ක් සමඟින් ලකුණු 70 ක් ද, සඳුන් වීරක්කොඩි පන්දු 45 කට මුහුණ දෙමින් හතරේ පහර 9 ක් සහ හයේ පහර 2 ක් සමඟින් ලකුණු 62 ක් ද රැස්කර ගැනීමට සමත් වූහ.  

චරිත් අසලංක පන්දු 55 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් සමඟින් ලකුණු 56 ක් වාර්තා කර ගත්තේය. 

කමිඳු මෙන්ඩිස් තුන් ඉරියව් දක්ෂතා දක්වයි

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ ආරාධිත සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ අද ( 2 3 ) දිනයේ අවසන්…..

ටැමිල් යුනියන් ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ ප්‍රසංසන ජයමාන්න ය. ඔහු පන්දු 33 කට මුහුණ දී ලකුණු 24 ක් රැස්කර ගත්තේය. කඩුලු ලබා ගැනීමේ දී ජෙෆ්රි වැන්ඩර්සේ පන්දුවාර 2 ක් යවමින් ලකුණු 3 කට කඩුලු 3 ක් දවා ගැනීමට සමත් විය. 

එස්. එස්. සී. : කඩුලු 6 ක් දැවී 299 (50) දිමුත් කරුණාරත්න 70, සඳුන් වීරක්කොඩි 62, සචිත්‍ර සේනානායක 22, චරිත් අසලංක 56, ධම්මික ප්‍රසාද් නොදැවී 46, රමිත් රඹුක්වැල්ල 2/44, සදිෂ් පතිරගේ 2/29. 

ටැමිල් යුනියන් ක්‍රිකට් සමාජය : සියලු දෙනා දැවී 99 (24) ප්‍රසංසන ජයමාන්න 24, මධුක ලියනපතිරණගේ 18, හිමේෂ් රාමනායක 2/30, සචිත්‍ර සේනානායක 4/15, ජෙෆ්රි වැන්ඩර්සේ 3/03. 


හලාවත මේරියන්ස් සහ පානදුර අතර තරගය 

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 130 ක ජයග්‍රහණයක් වාර්තා කිරීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනා ගත් පානදුර ක්‍රීඩා සමාජයේ නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ කඩුලු 9 ක් දැවී ලකුණු 315 ක් රැස්කර ගත්හ. එම ඉනිම වෙනුවෙන් මුම්බායි රිස්වි කණ්ඩායම නියෝජනය කරමින් මෙරට තරගාවලියට පිවිසි ආරම්භක පිතිකරු සුමිට් ගාඩ්ගොන්කර් පන්දු 108 කට මුහුණ දෙමින් හතරේ පහර 12 ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 100 ක් රැස්කර ගැනීමට සමත් විය. ඔහු කමිඳු මෙන්ඩිස් සමඟ එක්වෙමින් දෙවැනි කඩුල්ලට ලකුණු 163 ක් එක්කිරීමට ද සමත් වූවේය. 

Photos: Panadura SC Vs Chilaw MCC | SLC Invitation Limited Over Tournament 2019/20 – QF-3

කමිඳු මෙන්ඩිස් පන්දු 89 කට මුහුණ දෙමින් හතරේ පහර 5 ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 63 ක් රැස්කර ගත්තේය. ඊට අමතරව නායක ෂෙහාන් ජයසූරිය පන්දු 61 කට මුහුණ දෙමින් හතරේ පහර 4 ක් සහ හයේ පහර 6 ක් සමඟින් ලකුණු 88 ක් රැස්කර ගැනීමට සමත් විය. පන්දු යැවීමේ දී දකුණතින් පිට දඟපන්දු යවන උමේෂ් කරුණාරත්න ලකුණු 67 කට කඩුලු 6 ක් දවා ගත්තේය. 

පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි පානදුර ක්‍රීඩා සමාජයට සියලු දෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 185 ක් පමණි. එම ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ නායක හර්ෂ කුරේ ය. ඔහු පන්දු 74 කට මුහුණ දෙමින් හතරේ පහර 3 ක් සමඟ ලකුණු 41 ක් රැස්කර ගත්තේය. 

පා දඟපන්දු යවන පුලින තරංග ලකුණු 16 කට කඩුලු 4 ක් දවා ගැනීමට සමත් වෙමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළේය. 

හලාවත මේරියන්ස් ක්‍රිකට් සමාජය : කඩුලු 9 ක් දැවී 315 (50) සුමිට් ගාඩ්ගොන්කර් 100, කමිඳු මෙන්ඩිස් 63, ෂෙහාන් ජයසූරිය 88, තික්ෂිල ද සිල්වා 28, උමේෂ් කරුණාරත්න 6/67. 

පානදුර ක්‍රීඩා සමාජය : සියලු දෙනා දැවී 185 (14.3) විශ්ව චතුරංග 37, හර්ෂ කුරේ 41, කාෂිෆ් නවීඩ් 20, ෂෙහාන් ජයසූරිය 2/36, කමිඳු මෙන්ඩිස් 3/40, පුලින තරංග 4/16. 

නායක දිමුත් ICC පළමු 10න් ඇද වැටෙයි?

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායක දිමුත් කරුණාරත්න ICC ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථාන 10 න් ඉවතට……

එන්. සී. සී. සහ සැරසන්ස් අතර තරගය 

කොළඹ කෝල්ට්ස් පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 3 ක තියුණු ජයග්‍රහණයක් හිමිකර ගැනීමට එන්. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ. 

කාසියේ වාසිය දිනා ගත් එන්. සී. සී. නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ඒ අනුව පිටියට පිවිසෙමින් ඔවුන් කඩුලු 8 ක් දැවී ලකුණු 244 ක් රැස්කර ගැනීමට සමත් විය. ඊට පිළිතුරු ලෙසින් සැරසන්ස් ක්‍රීඩකයන්ට කඩුලු 7 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 241 ක් පමණි. 

එන්. සී. සී. ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූයේ පැතුම් නිස්සංක ය. ඔහු පන්දු 116 කට මුහුණ දෙමින් හතරේ පහර 7 ක් සමඟ ලකුණු 78 ක් රැස්කර ගත්තේය. ඊට අමතරව චතුරංග ද සිල්වා රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව ලකුණු 51 කි. ඒ සඳහා ඔහු පන්දු 40 කට මුහුණ දුන් අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 4 ක් සහ හයේ පහරක් ඇතුළත් විය.  

Photos: NCC Vs Saracens SC | QF 2 | SLC Invitation Limited Over Tournament 2019/20

පන්දු යැවීමේ දී ආරම්භක වේගපන්දු යවන සාලිය සමන් ලකුණු 41 කට කඩුලු 4 ක් දවා ගත්තේය. 

පිළිතුර ඉනිමේ දී ආරම්භක වමත් පිතිකරු සිතාර ගිම්හාන් පන්දු 83 කට මුහුණ දෙමින් හතරේ පහර 9 ක් සමඟ ලකුණු 68 ක් රැස්කර ගත්තේය. ඊට අමතර ප්‍රමෝද් මධුවන්ත පන්දු 93 කට මුහුණ දෙමින් හතරේ පහර 6 ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 62 ක් වාර්තා කර ගත්තේය. 

එන්. සී. සී : කඩුලු 8 ක් දැවී 244 (50) පැතුම් නිස්සංක 78, මහේල උඩවත්ත 41, ඇන්ජලෝ පෙරේරා 37, චතුරංග ද සිල්වා 51, චාමික කරුණාරත්න 21, සාලිය සමන් 4/41, හර්ෂ රාජපක්ෂ 3/52. 

සැරසන්ස් ක්‍රීඩා සමාජය : කඩුලු 7 ක් දැවී 241 (50) සිතාර ගිම්හාන් 68, රනිත ලියනාරච්චි 23, ප්‍රමෝද් මධුවන්ත 62, සාලිය සමන් 24, චාමික ගුණසේකර 2/42, සචිඳු කොළඹගේ 2/21. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<