හිටපු ඉන්දීය පන්දු රැකීමේ පුහුණුකරුවකු වන R. Sridhar දින දහයක පන්දු රැකීමේ පුහුණු සැසියක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.
මැයි මස 07 වැනි දා ආරම්භ කිරීමට නියමිත මෙම පුහුණු වැඩසටහන් මාලාව මගින් ශ්‍රී ලංකා කාන්තා සහ පිරිමි ජාතික ක්‍රිකට් කණ්ඩායම් මෙන්ම, නැගී එන කණ්ඩායම්, පළමු පෙළ ක්‍රීඩකයින්, 19න් පහළ කණ්ඩායම් සහ කාන්තා A කණ්ඩායම ද විශේෂ පුහුණුවකට භාජනය වනු ඇති.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
2014 වසරේ සිට 2021 දක්වා ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කළ R. Sridhar ක්‍රිකට් තරග 300ක් පමණ ඉන්දීය කණ්ඩායම සමඟ සිය වගකීම දරනු ලැබුවා.
ඔහු විසින් ශ්‍රී ලංකාවේ දී පළමුව පිරිමි ජාතික කණ්ඩායම සමඟ සිය වැඩසටහන පවත්වනු ඇති අතර, පසුව අනෙක් කණ්ඩායම් වෙනුවෙන් ද සිය වැඩසටහන් ක්‍රියාත්මක කරනු ඇති.
ඔහු විසින් මෙහි දී පන්දු රැකීමට අදාළ විශේෂ තරග අවස්ථා, කුසලතා පිළිබඳ ක්‍රීඩකයින්ට අත්දැකීම් ලබා දෙනු ඇති.
දෙස් විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<