Home Sinhala කුසල් වීරයා වෙමින් තරගාවලිය ජය ගනී

කුසල් වීරයා වෙමින් තරගාවලිය ජය ගනී

Bangladesh Tour of Sri Lanka 2025

10
Bangladesh Tour of Sri Lanka 2025

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර අද (08) නිමා වූ 3 වැනි සහ අවසන් එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයේ දී ලකුණු 99ක ජයග්‍රහණයක් වාර්තා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ ඒ අනුව පැවැති තරග 3කින් යුත් තරගාවලිය ද 2-1ක් ලෙසින් ද ජයග්‍රහණ කළා.

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී පළමුවෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කඩුලු 7ක දැවී ලකුණු 285ක් ලබා ගත් අතර සංචාරක බංග්ලදේශ ක්‍රීඩකයන්ට ලබා ගැනීමට හැකි වෙන්නේ සියලුම දෙනා දැවී ලකුණු 186ක් පමණයි.

අද තරගයේ දී ශ්‍රී ලංකාව සුපුරුදු පරිදි පෙර තරගයේ පරාජිත කණ්ඩායම ම කැඳවා තිබූ අතර ජයග්‍රාහී බංග්ලාදේශ කණ්ඩායම එක් වෙනස්කමක් සිදු කරමින් පිටියට පිවිසියා. ඒ   Hasan Mahmud වෙනුවට Taskin Ahmed කැඳවමිනුයි.

ශ්‍රී ලංකාව

 

චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක,  නිශාන් මදුශ්ක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), කමිඳු මෙන්ඩිස්, ජනිත් ලියනගේ, දුනිත් වෙල්ලාලගේ, වනිඳු හසරංග, මහීෂ් තීක්ෂණ, දුශ්මන්ත චමීර සහ අසිත ප්‍රනාන්දු.

බංග්ලාදේශය

 

Mehidy Hasan Miraz (නායක), Parvez Hossain Emon, Tanzid Hasan, Najmul Hossain Shanto, Shamim Hossain, Towhid Hridoy, Jaker Ali (කඩුලු රකින්නා), Tanzim Hasan Sakib, Tanvir Islam, Mustafizur Rahman, Taskin Ahmed

සුපුරුදු ලෙසින් ම ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ පැතුම් නිස්සංක සහ නිශාන් මදුශ්ක විසිනුයි. අද තරගයේ දී ද නිශාන් මදුශ්ක බංග්ලාදේශ පන්දු යවන්නන් ඉදිරියේ අසාර්ථක පිතිකරුවෙක් බවට පත් වීමට සිදු වුණා. ඔහුට මෙම තරගාවලියේ ඉනිම 3 දී ලබා ගැනීමට හැකි වෙන්නේ 6-17-1ක් ලෙසින් වූ ලකුණු 24ක් පමණයි.

ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව පිටියට පිවිසි කුසල් මෙන්ඩිස්, පැතුම් නිස්සංක හා එක් වෙමින් 2 වැනි කඩුල්ලට පන්දු 69ක දී ලකුණු 56ක සබඳතාවක් ගොඩ නගනවා. එසේ වෙද්දී පැතුම් නිස්සංක පන්දු 47කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 35ක් ලබා සිටිය දී 2 වැනි කඩුල්ල ලෙසින් දැවී යනවා.

කමිඳු මෙන්ඩිස් ට ද මෙම තරගාවලිය එතරම් ම හිතකර එකක් නොවී ගෙවා දමන්නට වෙන්නේ ලකුණු 16කට තම ඉනිම අවසන් කර ගැනීමත් සමඟිනුයි. ඒ වෙද්දී ශ්‍රී ලංකා ලකුණු පුවරුව දැක් වුණේ කඩුලු 3ක් දැවී ලකුණු 100ක් ලෙසයි.

අනතුරු ව චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් එක් ව ශ්‍රී ලංකා ඉනිමට යෝධ ලකුණු බැම්මක් ඉදිකරනවා.

ශ්‍රී ලංකා ඉනිමේ ලකුණු 200ත් චරිත් අසලංකගේ ලකුණු 50ත් එක ම අවස්ථාවක දී ලකුණු පුවරුවට පිවිසි අතර ඊට පසු පන්දු 2ක දී කුසල් මෙන්ඩිස් ගේ ශතකය ද ඊට එක් වුණා. කුසල් මෙන්ඩිස් අද රැස් කළේ තම එක්දින ජාත්‍යන්තර තරග දිවියේ 6 වැනි ශතකයයි. ඔහු පල්ලෙකැලේ දී වාර්තා කරන ලද මංගල ශතකය ද මෙයයි. මීට පෙර පල්ලෙකැලේ දී ඔහු ලබා සිටි වැඩිම ලකුණු සංඛ්‍යාව වූයේ 2022 වසරේ දී ඔස්ට්‍රේලියාවට එරෙහි ව පන්දු 87කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලබා සිටි ලකුණු 86යි.

ඔවුන් දෙදෙනා එක් ව සිව් වැනි කඩුල්ලට ගොඩ නැගූ සබඳතාව ලකුණු 124ක්. ඒ වෙනුවෙන් ඔවුන් දෙදෙනා පන්දු 117ක් වැය කරනවා. චරිත් අසලංක පන්දු 68කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 58 දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව අවසන් වෙනවා. චරිත් ගේ ඒ නිමා වූයේ 16 වැනි ජාත්‍යන්තර අර්ධ ශතක ඉනිමයි.

අනතුරු ව ඉනිමේ 6 වැනි කඩුල්ල ලෙසින් කුසල් මෙන්ඩිස් ද දැවී යනවා. ඒ වෙද්දී ඔහු පන්දු 114කට මුහුණ දෙමින් හතරේ පහර 18ක් සමඟින් ලකුණු 124ක් ලබා සිටියා.

අද තරගයේ දී ජනිත් ලියනගේ ලකුණු 12කට දැවී යන අතර ඔහුගේ දැවී යෑමෙන් අනතුරු ව දුනිත් වෙල්ලාලගේ ද ලකුණු 6කට දැවී යනවා. ශ්‍රී ලංකාව ඉනිම අවසන් වන විට වනිඳු හසරංග පන්දු 14කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 18ක් ද සහ දුශ්මන්ත චමීර පන්දු 8කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් නොදැවී ලකුණු 10ක් ද ලබා සිටියා.

කඩුලු දවා ගැනීමේ දී  Mehidy Hasan Miraz සහ Taskin Ahmed කඩුලු ද්විත්වය බැගින් ද සහ Shamim Hossain, Tanzim Hasan Sakib සහ Tanvir Islam කඩුල්ල බැගින් දවා ගත්තා.

ප්‍රතිවාදී බංග්ලාදේශ ඉනිමේ පළමු කඩුලු ද්විත්වය ලකුණු 19ක් වෙද්දී දවා ගනිමින් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ සාර්ථක ආරම්භයක් ලබා ගන්නවා. එහෙත් ඔවුන් 3 වැනි කඩුල්ලට පන්දු 58ක දී ලකුණු 42ක සබඳතාවක් එක් කරමින් තම කණ්ඩායමට ජීවය එක් කරනවා. ඊට දායකත්වය දක්වන්නේ Parvez Hossain Emon සහ Towhid Hridoy විසිනුයි.

ඔවුන් දෙදෙනා අතුරින් Parvez Hossain Emon පන්දු 44කට මුහුණ දෙමින් හතරෙත් පහර 4ක් සමඟින් ලකුණු 28ක් ලබා ගනිමින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳ දමමින් දැවී ගියා.

Towhid Hridoy බංග්ලදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් 6 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 78කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුනු 51ක් ලබා ගත්තා.

ඊට අමතර ව නායක Mehidy Hasan Miraz පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ද සහ Jaker Ali පන්දු 35කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 27ක් ද ලබා ගත්තා.

කඩුලු දවා ගැනීමේ දී අසිත ප්‍රනාන්දු සහ දුශ්මන්ත චමීර කඩුලු 3ක් බැගින් දවා ගනිමින් සම දක්ෂතා දක්වන අතර දුනිත් වෙල්ලගේ සහ වනිඳු හසරංග ද කඩුලු ද්විත්වය බැගින් දවා ගන්නවා.

තරගයේ කෙටි ලකුණු පුවරුව

  • ශ්‍රී ලංකාව – සියලුම දෙනා දැවී 248 (45.5)පැතුම් නිස්සංක 35, කුසල් මෙන්ඩිස් 124, චරිත් අසලංක 58, වනිඳු හසරංග නොදැවී 18, Mehidy Hasan Miraz2/48, Taskin Ahmed
  • බංග්ලාදේශය – සියලුම දෙනා දැවී 186 (39.4)Parvez Hossain Emon28, Towhid Hridoy 51, Mehidy Hasan Miraz 28, Jaker Ali 27, අසිත ප්‍රනාන්දු 3/33, දුශ්මන්ත චමීර 3/51, දුනිත් වෙල්ලාලගේ 2/33, වනිඳු හසරංග 2/35

ශ්‍රී ලංකාවට ලකුණු 99ක ජයක්.

තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස් (ශ්‍රී ලංකාව)

තරගාවලියේ වීරයා – කුසල් මෙන්ඩිස් (ශ්‍රී ලංකාව)

Result


Sri Lanka
285/7 (50)

Bangladesh
186/10 (39.4)

Batsmen R B 4s 6s SR
Pathum Nissanka c Parvez Hossain Emon b Tanvir Islam 35 47 4 0 74.47
Nishan Madushka c Najmul Hossain Shanto b Tanzim Hasan Sakib 1 6 0 0 16.67
Kusal Mendis c & b Shamim Hossain 124 114 18 0 108.77
Kamindu Mendis lbw b Mehidy Hasan Miraz 16 20 3 0 80.00
Charith Asalanka c Mehidy Hasan Miraz b Taskin Ahamed 58 68 9 0 85.29
Janith Liyanage  hit-wicket b Mehidy Hasan Miraz 12 16 0 0 75.00
Dunith Wellalage c Shamim Hossain b Taskin Ahamed 6 6 1 0 100.00
Wanindu Hasaranga not out 18 14 2 0 128.57
Dushmantha Chameera not out 10 8 1 0 125.00


Extras 5 (b 0 , lb 2 , nb 0, w 3, pen 0)
Total 285/7 (50 Overs, RR: 5.7)
Bowling O M R W Econ
Taskin Ahamed 10 0 51 2 5.10
Tanzim Hasan Sakib 6 0 41 1 6.83
Tanvir Islam 10 0 61 1 6.10
Mustafizur Rahman 10 0 52 0 5.20
Mehidy Hasan Miraz 10 0 48 2 4.80
Shamim Hossain 4 0 30 1 7.50


Batsmen R B 4s 6s SR
Parvez Hossain Emon c Nishan Madushka b Dunith Wellalage 28 44 4 0 63.64
Tanzid Hasan b Asitha Fernando 17 13 3 0 130.77
Najmul Hossain Shanto b Dushmantha Chameera 0 3 0 0 0.00
Towhid Hridoy b Dushmantha Chameera 51 78 3 1 65.38
Mehidy Hasan Miraz c Janith Liyanage  b Dunith Wellalage 28 25 4 1 112.00
Shamim Hossain st Kusal Mendis b Wanindu Hasaranga 12 18 1 0 66.67
Jaker Ali b Asitha Fernando 27 35 2 1 77.14
Tanzim Hasan Sakib c Kusal Mendis b Dushmantha Chameera 5 8 0 0 62.50
Taskin Ahamed b Asitha Fernando 1 3 0 0 33.33
Tanvir Islam c Nishan Madushka b Wanindu Hasaranga 8 10 2 0 80.00
Mustafizur Rahman not out 0 1 0 0 0.00


Extras 9 (b 0 , lb 2 , nb 0, w 7, pen 0)
Total 186/10 (39.4 Overs, RR: 4.69)
Bowling O M R W Econ
Asitha Fernando 7 0 33 3 4.71
Dushmantha Chameera 8 1 51 3 6.38
Maheesh Theekshana 6 1 18 0 3.00
Dunith Wellalage 8 0 33 2 4.12
Wanindu Hasaranga 8.4 1 35 2 4.17
Kamindu Mendis 2 0 14 0 7.00



දෙරට අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ මේ මස 10 වැනිදා සිට පැවැත්වීමට නියමිත අතර එහි පළමු තරගය එදින මහනුවර, පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<