කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක අතර පැවැති සාර්ථක සබඳතාව හේතුවෙන් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති පළමු විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයෙන් කඩුලු 7ක පහසු ජයග්‍රහණයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ අද (10) සමත් වෙනවා.
පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රිඩාංගණයේ දී පැවැති මෙම තරගයේ දී කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ අවස්ථාව ප්‍රතිවාදීන් සතු කළ අතර ඒ අනුව පිටියට පිවිසි ඔවුන් කඩුලු 5ක් දැවී ලකුණු 154ක් ලබා ගත්තා. ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මෙම අභියෝගය හඹා යන්නේ කඩුලු 3ක් පමණක් අහිමි කර ගනිමින් වන අතර ඔවුන් තරගයෙන් ජයග්‍රහණය කරන විට තවත් පන්දු 6ක් ද ඉතිරි ව තිබුණා.
අද තරගයේ දී හිටපු ශ්‍රී ලංකා නායක දසුන් ශානක වසරකට පසුව නැවත කණ්ඩායම සමඟ එක් වූ අතර චාමික කරුණාරත්න ද වසර 2කට පසුව ශ්‍රී ලංකා කණ්ඩායම හා එක් වීමට වරම් ලබා ගත්තා.
බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන වෙනස්කම වී තිබුණේ 25 හැවිරිදි වියේ පසුවෙන වමත් පිතිකරු Mohammad Naim, 2022 වසරට පසුව කණ්ඩායමට එක් කර තිබීමයි.
ශ්‍රී ලංකාව
චරිත් අසලංක (නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස් (කඩුලු රකින්නා), කුසල් පෙරේරා, අවිශ්ක ප්‍රනාන්දු, දසුන් ශානක, චාමික කරුණාරත්න, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩර්සේ, බිනුර ප්‍රනාන්දු සහ නුවන් තුෂාර.
බංග්ලාදේශය
Litton Das (නායක සහ කඩුලු රකින්නා), Parvez Hossain Emon, Tanzid Hasan, Mohammad Naim, Towhid Hridoy, Mehidy Hasan Miraz, Shamim Hossain, Mohammad Saifuddin, Taskin Ahmed, Rishad Hossain සහ Tanzim Hasan Sakib.
පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි බංග්ලාදේශ කණ්ඩායමේ පළමු කඩුල්ල සඳහා ලකුණු 46ක් එක් කිරීමට Parvez Hossain Emon සහ Tanzid Hasan සමත් වෙනවා. ඔවුන් දෙදෙනා මෙම සබඳතාව එක් කරන්නේ පන්දු 30ක් පමණක් උපයෝගී කර ගනිමින් වන අතර එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ Tanzid Hasan ගේ දැවී යෑමත් සමඟිනුයි. ඔහු දැවී යන විට පන්දු 17කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 16ක් ලබා සිටියා.
අනතුරු ව නායක Litton Das ගේ ඉනිම ද ලකුණු 65කට සීමා වෙන අතර 3 වැනි කඩුල්ලට Parvez Hossain Emon ගේ ඉනිම ද නිමා වෙනවා. ඒ වෙද්දී ඔහු පන්දු 22කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 38ක් ලබා සිටියා.
බංග්ලාදේශ ඉනිමේ 5 වැනි කඩුල්ල සඳහා පන්දු 36ක දී ලකුණු 46ක් ලබා ගැනීමට Mohammad Naim සහ Mehidy Hasan Miraz සමත් වෙනවා. එම කඩුල්ලේ සබඳතාව බිඳී යන්නේ Mehidy Hasan Miraz ගේ දැවී යෑමත් සමඟිනුයි. ඒ වෙද්දී ඔහු පන්දු 23කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 29ක් ලබා සිටියා.
බංග්ලාදේශ ඉනිම නිමා වන විට Mohammad Naim පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 32ක් ද සහ Shamim Hossain පන්දු 5කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 14ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු 37කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව දසුන් ශානක, ජෙෆ්රි වැන්ඩර්සේ සහ නුවන් තුෂාර කඩුල්ල බැගින් දවා ගන්නවා.
- ශ්‍රී ලංකාව වනිඳු නොමැතිව T20 සටනට පිවිසෙයි
- බංග්ලාදේශය සමඟ T20 තරගාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි
- රමේෂ් පිට පිට තෙවැනි අර්ධ ශතකයත් වාර්තා කරයි
- Youth පිටියේ පෑයු තරු
- ක්‍රිකට් නීති කිහිපයක් වෙනස් වෙයි
අද තරගයේ දී ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරන්නේ පැතුම් නිස්සංක සහ කුසල් මෙන්ඩිස් එක්වයි. ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට පන්දු 28ක දී ලකුණු 78ක් එක් කරනවා. ඔවුන් අතුරින් පැතුම් නිස්සංක පළමුවෙන් දැවී යන අතර ඔහු දැවී යද්දී පන්දු 16කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 42ක් ලබා සිටියා.
අනතුරු ව කුසල් මෙන්ඩිස්ට එක් වෙන්නේ කුසල් පෙරේරා. දකුණත් සහ වමත් මේ සුසංයෝගය 2 වැනි කඩුල්ලට පන්දු 49ක දී ලකුණු 42ක් එක් කරනවා. කුසල් පෙරේරා පන්දු 25කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 24ක් ලබා සිටිය දී දැවී යෑමත් සමඟින් එම කඩුල්ලේ සබඳතාව ද බිඳ වැටෙනවා.
කුසල් මෙන්ඩිස් ඉනිමේ 3 වැනි කඩුල්ලට දැවී යද්දී පන්දු 51කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 73ක් ලබා ගන්නවා. ඔහු අද රැස් කරන්නේ තම විස්සයි විස්ස ජාත්‍යන්තර තරග දිවියේ 15 වැනි අර්ධ ශතකයයි.
තරගය ජයග්‍රහණයෙන් කෙළවර වෙද්දී අවිශ්ක ප්‍රනාන්දු පන්දු 17කට මුහුණ දෙමින් නොදැවී ලකුණු 11ක් ද සහ නායක චරිත් අසලංක පන්දු 5කට මුහුණ දෙමින් හයේ පහරක් ද සමඟින් නොදැවී ලකුණ 8ක් ද ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Mohammad Saifuddin, Mehidy Hasan Miraz සහ Rishad Hossain කඩුල්ල බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- බංග්ලාදේශය – කඩුලු 5ක් දැවී 154 (20.0)Parvez Hossain Emon38, Mohammad Naim නොදැවී 32, Mehidy Hasan Miraz 29, මහීෂ් තීක්ෂණ 2/37
- ශ්‍රී ලංකාව – කඩුලු 3ක් දැවී 159 (19.0) පැතුම් නිස්සංක 42, කුසල් මෙන්ඩිස් 73, කුසල් පෙරේරා 24
ශ්‍රී ලංකාවට කඩුලු 7ක ජයක්.
තරගයේ වීරයා – කුසල් මෙන්ඩිස් (ශ්‍රී ලංකාව)
Result
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Parvez Hossain Emon | c Dasun Shanaka b Maheesh Theekshana | 38 | 22 | 5 | 1 | 172.73 |
| Tanzid Hasan | c Maheesh Theekshana b Nuwan Thushara | 16 | 17 | 2 | 0 | 94.12 |
| Liton Das | lbw b Jeffery Vandersay | 6 | 11 | 0 | 0 | 54.55 |
| Mohammad Naim | not out | 32 | 29 | 1 | 1 | 110.34 |
| Towhid Hridoy | c Kusal Mendis b Dasun Shanaka | 10 | 13 | 0 | 0 | 76.92 |
| Mehidy Hasan Miraz | c Charith Asalanka b Maheesh Theekshana | 29 | 23 | 4 | 0 | 126.09 |
| Shamim Hossain | not out | 14 | 5 | 0 | 2 | 280.00 |
| Extras | 9 (b 5 , lb 3 , nb 0, w 1, pen 0) |
| Total | 154/5 (20 Overs, RR: 7.7) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Chamika Karunaratne | 1 | 0 | 8 | 0 | 8.00 | |
| Nuwan Thushara | 4 | 0 | 32 | 1 | 8.00 | |
| Binura Fernando | 3 | 0 | 22 | 0 | 7.33 | |
| Maheesh Theekshana | 4 | 0 | 37 | 2 | 9.25 | |
| Dasun Shanaka | 4 | 0 | 22 | 1 | 5.50 | |
| Jeffery Vandersay | 4 | 0 | 25 | 1 | 6.25 | |
| Batsmen | R | B | 4s | 6s | SR | |
|---|---|---|---|---|---|---|
| Pathum Nissanka | c Rishad Hossain b Mehidy Hasan Miraz | 42 | 16 | 5 | 3 | 262.50 |
| Kusal Mendis | c Shamim Hossain b Mohammad Saifuddin | 73 | 51 | 5 | 3 | 143.14 |
| Kusal Perera | c Liton Das b Rishad Hossain | 24 | 25 | 2 | 1 | 96.00 |
| Avishka Fernando | not out | 11 | 17 | 0 | 0 | 64.71 |
| Charith Asalanka | not out | 8 | 5 | 0 | 1 | 160.00 |
| Extras | 1 (b 0 , lb 1 , nb 0, w 0, pen 0) |
| Total | 159/3 (19 Overs, RR: 8.37) |
| Bowling | O | M | R | W | Econ | |
|---|---|---|---|---|---|---|
| Mohammad Saifuddin | 3 | 0 | 22 | 1 | 7.33 | |
| Taskin Ahamed | 3 | 0 | 43 | 0 | 14.33 | |
| Tanzim Hasan Sakib | 4 | 0 | 34 | 0 | 8.50 | |
| Mehidy Hasan Miraz | 4 | 0 | 24 | 1 | 6.00 | |
| Shamim Hossain | 1 | 0 | 11 | 0 | 11.00 | |
| Rishad Hossain | 4 | 0 | 24 | 1 | 6.00 | |
දෙරට අතර පැවැත්වෙන 2 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර ක්‍රිකට් තරගය මේ මස 13 වැනිදා රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්විමට නියමිතයි.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<






















