එළඹෙන 18 වැනිදා ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවර දී ආරම්භ වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා තරග වදින ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සංචිතයට ක්‍රීඩකයින් සිව්දෙනෙකුගෙන් හා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු ඇතුලත් කිරීමට ශ්‍රී ලංකා බැඩ්මින්ටන් සම්මේලනයේ තේරීම් කමිටුව විසින් තීරණය කර ඇත.
2018 ආසියානු ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාවේ සූදානම කෙසේ ද?
ක්‍රීඩක ක්‍රීඩිකාවන් 185 දෙනෙකුගෙන් යුතු සංචිතයක් 18 වන ආසියානු ක්‍රීඩා උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිත බව වාර්තා වේ.
පිරිමි කණ්ඩායම
මේ කණ්ඩායම සඳහා අත්දැකීම් බහුල ක්‍රීඩකයින් දෙදෙනෙක් හා දක්ෂ තරුණ ක්‍රීඩකයින් දෙදෙනෙක් ද ඇතුලත් කර ඇත. ඒ අතරින් ක්‍රීඩකයින් කිහිප දෙනෙකුම පසුගිය දා නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඉතිහාසයේ පෙරළිකාරකම් කිහිපයක්ම සිදුකරන ලදි.
නිලූක කරුණාරත්න

ශ්‍රී ලංකා ජාතික බැඩ්මින්ටන් ශූරයා වන ඔහු 2002 හා 2010 යන වර්ෂවල දී පැවති ආසියානු ක්‍රීඩා උළෙල වල පිරිමි ඒකල තරග ඉසව්වල දී හොඳම ක්‍රීඩකයින් අවසන් 32 තරග වටය සඳහා ක්‍රීඩා කර ඇති අතර 2012 දී එංගලන්තයේ ලන්ඩන් නුවර දී පැවති ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ දී ඒකල තරග ඉසව්වේ හොඳම 16 දෙනාගේ තරග වටය දක්වා පැමිණීමට සමත්ව ඇත.
දිනූක කරුණාරත්න

ඔවුන් දෙදෙනාම මේ මස 18 වැනිදා ආරම්භ වන ආසියානු ක්‍රීඩා උළෙලේ බැඩ්මින්ටන් තරග ඉසව් සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට අවශ්‍ය සුදුසුකම් ලබාගෙන ඇත. දිනූක නිමා වූ පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ පිරිමි ඒකල තරග ඉසව්ව යටතේ සුපිරි 8 දෙනාගේ තරග ඉසව්ව දක්වා පැමිණීමට සමත්කම් දක්වන ලදි.
එසේම 2006 හා 2010 වර්ෂවල දී පැවති ආසියානු ක්‍රීඩා උළෙලේ වලදී ඒකල පිරිමි තරග ඉසව්වන් දෙකේ දී ම සුපිරි 16 දෙනාගේ තරග වටය දක්වා පැමිණීමට ඔහුට හැකි විය. ඒ දස්කම් නිසා නිලූක ඒකල තරග ඉසව් යටතේ ලොව 279 වැනි ස්ථානය දිනා ගැනීමට සමත් වූ අතර යුගල ඉසව්වල ලොව හොඳම ක්‍රීඩකයින් අතර 187 වැනි තැන දිනා ගැනීමට ඔහුට අවස්ථාව උදා විය.
සචින් ඩයස්

එසේම 2016 දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී ඒකල පිරිමි තරග ඉසව්වේ තෙවැනි තැන දිනා ගත් ඩයස් එම තරගාවලියේ යුගල තරග ඉසව්වේ දී ඩයස්, බුවනෙක ගුණතිලක හා එක්ව දෙවන තැන දිනා ගත්තේය. එය ශ්‍රී ලංකා බැඩ්මින්ටන් ඉතිහාසයට මෙන්ම ඔවුන් දෙදෙනාගේ පුද්ගලික ක්‍රීඩා දිවියට ද එය ඉතාමත් වටිනා සංධිස්ථානයක් විය.
“අනාගතය ගැන බයයි. ඒත් ජයග්‍රහණ අපිට බලාපොරොත්තුවක්” – සචින් සහ බුවනෙක
කනිෂ්ඨ ක්‍රීඩකයින් ලෙස ක්‍රීඩා කරන කාලයේ සිට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර තලයේ ඉදිරියට රැගෙන …
බුවනෙක ගුණතිලක

2016 වසරේ දී ඉන්දියාවේ දී පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී කණ්ඩායම් ඉසව්වෙන් දෙවන තැන හා පිරිමි යුගල හා මිශ්‍ර යුගල අංශයේ තෙවැනි තැන දිනා ගැනීම ගුණතිලක 2016 වසරේ දී සිය ක්‍රීඩා දිවියේ හොඳම දස්කම් අතරට පැමිණි වසර ලෙස හැඳින්වීම සඳහා ඇති හොඳම උදාහරණ කිහිපයකි. එසේම ගෝල්ඩ් කෝස්ට් නුවර පැවති 2018 පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී පිරිමි යුගල අංශයේ සිව්වැනි තැන දිනා ගැනීමට ද ඔහු සමත් විය.
කාන්තා කණ්ඩායම
තිලිණි හෙන්දහේවා

චීනයේ දී පැවති තරුණ ඔලිම්පික් තරගාවලියේ දී කාන්තා ඒකල තරග ඉසව්වේ හා මිශ්‍ර යුගල ඉසව්වේ 9 වන තැන දිනා ගත් අතර 2016 වසරේ දී ඉන්දියාවේ පැවති දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී රිදී පදක්කම් දිනා ගැනීමට හෙන්දහේවා සමත් වූවාය. ඊට අමතරව පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මිශ්‍ර යුගල 16 දෙනාගේ තරග වටය දක්වා හා කාන්තා යුගල අංශයේ හොඳම 8 දෙනාගේ තරග වටය දක්වා පැමිණීමට ඇයගේ දස්කම් ප්‍රමාණවත් විය.
බැඩ්මින්ටන් පිටියේ සිය අණසක පතුරවන තිලිණි හෙන්දහේවා.
ශ්‍රී ලංකා බැඩ්මින්ටන් පිටියේ ජාතික ශූරිය ලෙස දශක ගණනාවක් සිය ආධිපත්‍ය පතුරවන්නට චන්ද්‍රිකා ද සිල්වා …
කවිදි සිරිමාන්නගේ

එසේම ඕස්ට්‍රේලියාවේ පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී මිශ්‍ර යුගල අංශය යටතේ 32 දෙනාගේ තරග වටය දක්වා පැමිණි අතර කාන්තා යුගල තරග ඉසව්වේ අවසන් පූර්ව වටය දක්වා පැමිණීමට කවිදි සිරිමාන්නගේ සමත් විය.
මේ තරගාවලියේ සියලුම තොරතුරු ඔබේ වෙතට ගෙන ඒමට ThePapare.com සූදානමින් සිටියි. රැඳී සිටින්න ThePapare.com සමඟින්.
*මේ සංචිතය ක්‍රීඩා ඇමතිතුමාගේ අනුමැතිය සඳහා යොමු කර ඇති නමුත් ඒ සඳහා තවමත් එතුමාගේ අනුමැතිය ලැබී නොමැත.
>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<























