මරදාන සාන්ත ජෝසප් විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැත්වෙන සිංගර් කුසලාන පළමු පෙළ දෙදින පාසල් ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අද (8) කොළඹ කොල්ට්ස් පිටියේ දී ආරම්භ වූ අතර තරගයේ පළමු දිනය තුළ සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම ලකුණු 300කට සීමා කිරීමට ත්‍රිත්ව විද්‍යාලය සමත් විය. එහි දී සාන්ත ජෝසප් විද්‍යාලයේ නායක ජෙහාන් ඩැනියල් (86) දක්ෂ පිතිකරණයක නිරත විය.
19න් පහළ සුපිරි වැඩ්ඩන්ගේ අවසන් මහා තරගය
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන අන්තර් පාසල් වයස අවුරුදු 19න් පහළ සිංගර් කුසලාන පළමු කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසාන මහා තරගය…
සුපිරි 16 දෙනාගේ තරග වටයේ දී ගියවර ශූරතාවය දිනූ රිච්මන්ඩ් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ද, අර්ධ අවසන් පූර්ව වටයේ දී මොරටුව සාන්ත සෙබස්තියන් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ද, අවසන් පූර්ව වටයේ දී කොළඹ මහානාම විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබාගෙන මේ අවසන් මහා තරගයට සාන්ත ජෝසප් විද්‍යාලය සුදුසුකම් ලබා ගන්නා ලදි.
ත්‍රිත්ව විද්‍යාලය මේ දක්වා පැමිණි ගමනේ දී සුපිරි 16 දෙනාගේ තරගයේ දී ගාල්ල සාන්ත ඇලෝසියස් විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගනිමින් ද, අර්ධ අවසන් පූර්ව වටයේ දී කොළඹ නාලන්ද විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබමින් ද සහ සුපිරි 4 දෙනාගේ තරගයේ දී මොරටුව වේල්ස් කුමර විද්‍යාලයට එරෙහිව පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබාගෙන මේ අවසන් මහා තරගයට පැමිණීමට වරම් දිනා ගත්තේය.
මේ තීරණාත්මක තරගයේ දී කාසියේ වාසිය දිනාගත් සාන්ත ජෝසප් විද්‍යාල නායක ජෙහාන් ඩැනියල් පළමුව පන්දුවට පහර දීමට තීරණය කරන ලදි. සාන්ත ජෝසප් විද්‍යාලයේ ආරම්භක කඩුල්ලේ සබඳතාවය පළමු පන්දුවාරය තුළම බිඳ හෙළීමට තිසරු රශ්මික සමත් විය.
අනතුරුව පිටියේ එක්වූ නිපුන් සුමන්සිංහ හා රෙවාන් කෙලී දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 63ක සබඳතාවයක් ගොඩනංවමින් සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිමේ අඩිතාලම සකස් කරන ලදි.
රිච්මන්ඩ් මාතාවගේ අභිමානවත් ක්‍රිකට් චාරිකාව
ගාල්ල පුරවරයේ සුප්‍රසිද්ධ පාසලක් වන රිච්මන්ඩ් විද්‍යාලය ක්‍රිකට් ක්‍රීඩා අතින් විශාල ඉතිහාසයකට උරුමකම් කියන්නා වූ පාසලකි.
සාන්ත ජෝසප් විද්‍යාලයේ මුල්පෙළ කඩුලු 5 ලකුණු 145ක් තුළ දැවී ගිය පසුව පිටියේ ක්‍රියාත්මක වූ නායක ජෙහාන් ඩැනියල් හා වමතින් පිත්ත හසුරුවන දුනිත් වෙල්ලාලගේ 6 වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 80ක සාර්ථක සබඳතාවයක් ගොඩනැංවූයේ, ත්‍රිත්ව විද්‍යාල පන්දු යවන්නන් හට අභියෝගයක් වෙමිනි. තරගය අතරතුර තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වුවත් එම ප්‍රමාද වූ කාලය තරගයට බාධාවක් නොවූයේ තරගයේ පළමු දිනය තුළම සාන්ත ජෝසප් විද්‍යාලයේ පළමු ඉනිම ලකුණු 300ක් වැනි තරගකාරී මට්ටමේ ලකුණු ප්‍රමාණයකට සීමා වූ නිසාවෙනි.
නායක ඩැනියල් 4 පහර 4ක් හා 6 පහර 4ක් සමඟ ලකුණු 86කට දැවී ගියේ විමුක්ති නෙතුමල්ගේ පන්දුවකටයි. 4 පහර 3ක් හා එක් 6 පහරක් ලබාගත් දුනිත් ලකුණු 42ක් ලබාගෙන සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිමේ පසුපෙළ සවිමත් කළේය.
ශ්‍රී ලංකා වයස අවුරුදු 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වමතින් මඳ වේගපන්දු යවන තිසරු රශ්මික ලකුණු 43ක් තුළ කඩුලු 3ක් දවා ගනිමින් සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම ලකුණු 300කට සීමා කිරීමට ත්‍රිත්ව විද්‍යාලයට සවියක් විය.
19න් පහළ පාසල් එක්දින පිටියේ වීරයා “පොඩි මෙන්ඩා”
ඔහු ක්‍රිකට් දුටුවේ බහ තෝරන්නටත් ප්‍රථමයෙනි. ගෙදර තනිකරම ක්‍රිකට් ය. තාත්තාගේත් අයියාගේත් ලෝකය ක්‍රිකට් වෙද්දී මේ පොඩ්ඩාගේ ලෝකය ද ක්‍රිකට්ම විය.
අනතුරුව සිය පිළිතුරු පළමු ඉනිම දියත් කළ ත්‍රිත්ව විද්‍යාලයේ ආරම්භක කඩුල්ලේ සබඳතාවය ලකුණු 8කට සීමා කිරීමට ලක්ෂාන් ගමගේ සමත් වූයේ, ලකුණු 7ක් ලබා සිටි හසින්ත ජයසූරිය දවා ගැනීමත් සමඟයි. තරගයේ පළමු දිනය අවසන් වන විට පුබුදු බණ්ඩාර හා ජෙෆ් වීරසිංහ පිළිවෙළින් ලකුණු 11ක් හා ලකුණු 13ක් ලබාගෙන කඩුල්ලේ රැඳී සිටියි.
සාන්ත ජෝසප් විද්‍යාල පළමු ඉනිම – 300 (82.4): ජෙහාන් ඩැනියල් 86, දුනිත් වෙල්ලාලගේ 42, රෙවාන් කෙලී 39, තිසරු රශ්මික 3/43.
ත්‍රිත්ව විද්‍යාල පළමු ඉනිම (පළමු දිනය අවසානයේ) – 35/1 (7):
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















