යොවුන් ක්‍රීඩකයින්ගේ මූලික අඩිතාලමක් ලෙස සැලකෙන සිංගර් කුසලාන පාසල් ක්‍රිකට් තරගාවලියේ වයස අවුරුදු 15න් පහළ පළමු පෙළ තරග කිහිපයක් පසුගිය දා සාර්ථකව පැවැත්විය.

එම තරග අතුරෙන් මාරිස් ස්ටෙල්ලා, කෝට්ටේ ජනාධිපති, ඉසිපතන, ත්‍රිත්ව, තර්ස්ටන්, ආනන්ද, සාන්ත පීතර, වත්තල සාන්ත ජෝසප් හා මාතර සාන්ත තෝමස් යන විද්‍යාල පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සමත් විය.

අනුරාධගේ ශතකය නිසා සාන්ත ජෝසප් විද්‍යාලයට සුපිරි ජයක්!

සිංගර් කුසලාන වයස අවුරුදු 15න් පහළ අන්තර් පාසල් ක්‍රිකට් තරගාවලිය අරඹමින් පළමු කාණ්ඩය යටතේ පැවති තරග 8ක් දිවයින පුරා පැවති ක්‍රීඩාංගණ කිහිපයක දී නිමාවට පත්විය…

මහානාම විද්‍යාලය හා වෙන්නප්පුව සාන්ත ජෝසප් වාස් විද්‍යාලය

ජය පරාජයෙන් තොරව නිමා වූ මෙම තරගයේ දී විනුක රෑබසිංහ හා පසිඳු කවිශ වර්ණවත් ශතකය බැගින් ලබා ගැනීම කැපී පෙනෙන සිදුවීමක් විය. තරගය පානදුර දී පැවැත්විය.

මහානාම විද්‍යාලය – 275/4 dec (පන්දුවාර 60): විනුක රෑබසිංහ 102, පවන් රත්නායක 80, ටශාන් ගුණවර්ධන 56, චමත් ප්‍රනාන්දු 2/12

සාන්ත ජෝසප් වාස් විද්‍යාලය – 166/5 (පන්දුවාර 37): පසිඳු කවීෂ 102, සෙනුර ප්‍රනාන්දු 31, සමිත් රශ්දාන් 2/35


මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය හා ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය

G කාණ්ඩයේ තරගයක් ලෙසින් පඤ්ඤානන්ද විදුහල් ක්‍රීඩා පිටියේ දී පැවැත්වූ මෙම තරගයෙන් මාරිස් ස්ටෙල්ලා විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමි විය. කාසියේ වාසිය ජයග්‍රහණය කර පළමුව පන්දු යැවූ පඤ්ඤානන්ද විද්‍යාලය මාරිස් ස්ටෙල්ලා ඉනිම ලකුණු 172කට සීමා කරන ලදි.

මාරිස් ස්ටෙල්ලා විද්‍යාලය – සියල්ලන්ම දැවී 172 (පන්දුවාර 30.3): පසිඳු පෙරේරා 35, නිහාන් ද සිල්වා 34, තිලිණ ඩිල්ශාන් 25, තිදූශ ප්‍රනාන්දු 25, සුපුන් ධනංජය 3/27, දුලාර කෞෂල්‍ය 2/29, රවීෂ තිසේරා 2/41

ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය – සියල්ලන්ම දැවී 97 (පන්දුවාර 40.2): කවිශ්ක දිල්හාර 23, ඉශෝධ්‍ය යශෝරා 22, ශෙනාස් ප්‍රනාන්දු 4/32, පසිඳු සිල්වා 2/14

ශ්‍රී පඤ්ඤානන්ද විද්‍යාලය (දෙවැනි ඉනිම) f/o – 71/6 (පන්දුවාර 28): කවිශ්ක දිල්හාර 24, පසිඳු සිල්වා 2/08


පිළියන්දල මධ්‍ය විද්‍යාලය හා කේරි විද්‍යාලය

පිළියන්දල මැදි විදුහල් තණතීරුවේ දී පැවැත්වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් විය. D කාණ්ඩයේ තරගයක් වූ මෙහි කාසියේ වාසිය ජයග්‍රහණය කළ කේරි විදුහල් නායකයා පළමුව පන්දු යැවීමට තීරණය කරන ලදි.

පිළියන්දල මැදි විදුහල – 205/7 dec (පන්දුවාර 58): තරුෂ රන්සර 73, ලෂාන් වගීෂ 58, සිතුම් නිමල්ක 37, විරංග හේශාන් 2/43, පූර්ණ මදුසංක 2/47

කේරි විද්‍යාලය – 110/7 (පන්දුවාර 43): මොහොමඩ් ඉමාට් 26*, අබ්දුල් ශාකූර් මොවින් තිසේරා 2/10, චනූප ජානුල් 2/11


කෝට්ටේ ජනාධිපති විද්‍යාලයට එදිරිව ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලය

E කාණ්ඩයේ තරගයක් වූ මෙහි කාසියේ වාසිය ජයග්‍රහණය කළ සත්කාරක ජනාධිපති විද්‍යාලය පළමුව පන්දු යැවීමට තීරණය කර අතර, ඔවුන්ට මෙම තරගයේ පළමු ඉනිමේ ජය හිමි විය. මෙහි දී පහන් බ්‍රයිටෝ දක්ෂ පන්දු යැවීමක නිරත විය.

බණ්ඩාරනායක විද්‍යාලය – සියල්ලන්ම දැවී 120 (පන්දුවාර 41.1): සඳුන් මාගම්මන 41, සමිත් රාජපක්ෂ 24, පහන් බ්‍රයිටෝ 8/50

ජනාධිපති විද්‍යාලය – 201/7 dec (පන්දුවාර 36): තිසල් තුශාන්ත 42, ටශික ධර්මප්‍රිය 39, තීවන් තෙව්මික 26, උදිල් බණ්ඩාර 24, කවිඳු ජයකොඩි 3/52, දිනුශ්ක අත්තනායක 3/83

බණ්ඩාරනායක විද්‍යාලය (දෙවැනි ඉනිම) – 58/3 (පන්දුවාර 16): සඳුන් මාගම්මන 28, පහන් බ්‍රයිටෝ 2/35


සාන්ත බෙනඩික්ට් විද්‍යාලය හා ඉසිපතන විද්‍යාලය

කුරේ පිටියේ දී පැවැත්වූ මෙම තරගයෙන් ඉසිපතන විද්‍යාලයට පළමු ඉනිමේ ජයග්‍රහණයක් හිමි විය.

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය – සියල්ලන්ම දැවී 30 (පන්දුවාර 20): දනිරු ලෝමිත 4/08, ලිසුර විනාත් 4/13, රවිඳු පෙරේරා 2/07

ඉසිපතන විද්‍යාලය – සියල්ලන්ම දැවී 85 (පන්දුවාර 34.3): ලිසුර විනාත් 25, සවිඳු උත්සර 16, අකිඳු කරුණාරත්න 4/19, ඉන්දික වනසිංහ 3/29, චමත් තේනුර 2/04

සාන්ත බෙනඩික්ට් විද්‍යාලය (දෙවන ඉනිම) – කඩුලු 5ක් දැවී 102 (පන්දුවාර 41.3): හසිඳු කවිරත්න 45, ලංකාජ රත්නායක 27, පසන් සුවහස් 20, දනිරු ලෝමිත 3/36


ත්‍රිත්ව විද්‍යාලය හා ඉබ්බාගමුව මැදි විදුහල

පසන් ගනේගොඩගේ නොදැවුනු විශිෂ්ට ශතකය නිසාවෙන් ත්‍රිත්ව විද්‍යාලයට මෙම තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණය හිමි විය. තරගය ඉබ්බාගමුව මධ්‍ය විදුහල් පිටියේ දී පැවැත්විය.

ත්‍රිත්ව විද්‍යාලය – 207/4 dec (පන්දුවාර 34.1): පසන් ගනේගොඩ 101*, අභිශේක් ආනන්දකුමාර් 4/25, පවන් පතිරාජ් 42, ශසිත ඒකනායක 2/54

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය – සියල්ලන්ම දැවී 81 (පන්දුවාර 32): ප්‍රබුද්ධ ප්‍රේමලාල් 26, උමෙයිර් රිස්වාන් 6/17, දිනේක ඇහැලේපොළ 3/18

ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලය (දෙවන ඉනිම) f/o -55/7 (පන්දුවාර 24): අභිෂේක් ආනන්දකුමාර් 4/25, උමෙයිර් රිස්වාන් 3/29


ආනන්ද විද්‍යාලය හා අශෝක විද්‍යාලය

අනුද ජයවීර ගේ දස්කම් නිසාවෙන් ආනන්ද විදුහල් පිටියේ දී පැවැත්වූ මෙම තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට සත්කාරක ආනන්ද විද්‍යාලයට හැකි විණි.

අශෝක විද්‍යාලය – සියල්ලන්ම දැවී 168 (පන්දුවාර 48.2): ලසිත විතානගේ 84, ලහිරු විතානගේ 22, සජිත් ද සිල්වා 3/50, මොහොශාද් ප්‍රනාන්දු 2/21, සංකේත් ප්‍රේමරත්න 2/25

ආනන්ද විද්‍යාලය – 170/9 dec (පන්දුවාර 40.2): අනුද ජයවීර 58, සයුරු බණ්ඩාර 23, මොහොශාද් ප්‍රනාන්දු 21, මිනෙත් ප්‍රේමරත්න 21, කෙනුර රන්සිඳු 4/21, ලහිරු විතානගේ 2/47, ලසිත විතානගේ 2/69

අශෝක විද්‍යාලය (දෙවන ඉනිම) – කිසිවෙකු නොදැවී 39 (පන්දුවාර 6): ලසිත විතානගේ 26*


වත්තල සාන්ත ජෝසප් විද්‍යාලය හා මොරටු විද්‍යාලය

මොරටු විදුහල් පිටියේ දී පැවැත්වූ මෙම තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට වත්තල සාන්ත ජෝසප් විද්‍යාලය සමත් විය.

සාන්ත ජෝසප් විද්‍යාලය – සියල්ලන්ම දැවී 178 (පන්දුවාර 50): ඉසුරු කාවින්ද 53, ශසීන් විජේසුන්දර 41, හංසජ ගුණසේකර 22, එන්. ජේ. ප්‍රනාන්දු 5/43, ඒ. එස්. පෙරේරා 2/21

මොරටු විද්‍යාලය – සියල්ලන්ම දැවී 156 (පන්දුවාර 34): ඔශාන් හංසක 48, විශ්ව ප්‍රනාන්දු 48, දුලාජ් ගුණසේකර 5/54

සාන්ත ජෝශප් විද්‍යාලය (දෙවන ඉනිම) – 40/1 (පන්දුවාර 7):


මාතර සාන්ත තෝමස් විද්‍යාලය හා සාන්ත සර්වේසස් විද්‍යාලය

මාතර සනත් ජයසූරිය පිටියේ දී නිමා වූ මෙම තරගයේ පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සාන්ත තෝමස් විද්‍යාලය සමත් විය.

සාන්ත සර්වේසස් විද්‍යාලය – 129/9 dec (පන්දුවාර 60): ශෙහාන් දිල්හාර 25, සචිල රශ්මික 6/58

සාන්ත තෝමස් විද්‍යාලය – 214/3 (පන්දුවාර 35): වොශිත අත්සර 110*, පතිරණගේ හරිඳු 42, හිරන්ත ලක්ෂාන් 41, අශාන් සඳරු 3/69


සාන්ත පීතර විද්‍යාලය හා හලාවත සාන්ත මරියා විද්‍යාලය

ප්‍රභාත් පෙරේරාගේ දැකුම්කළු අර්ධ ශතකය සවියක් කර ගත්,  සත්කාරක සාන්ත පීතර විද්‍යාලයට මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණය ලබාගැනීමට හැකි විය.

සාන්ත මරියා විද්‍යාලය – සියල්ලන්ම දැවී 89 (පන්දුවාර 41.4): ලෙහාන් මිරෙන්ඩෝ 28, වනුජ සහන් 2/01, ජාඩෙන් ජාලි 2/10, විනුජ ලියනගේ 2/22

සාන්ත පීතර විද්‍යාලය – 130/2 dec (පන්දුවාර 21): ප්‍රභාත් පෙරේරා 50, ජේසන් හාර්ඩන්ග් 42*

සාන්ත මරියා විද්‍යාලය (දෙවන ඉනිම) – 90/7 (පන්දුවාර 38): විනුජ ලියනගේ 3/19


තර්ස්ටන් විද්‍යාලය හා ඩී. එස්. සේනානායක විද්‍යාලය

තර්ස්ටන් පිටියේ දී නිමාවට පත් වූ මෙම තරගයේ පළමු ඉනිම ජයග්‍රහණය කිරීමට තර්ස්ටන් විද්‍යාලයට හැකි විය.

ඩී. එස්. සේනානායක විද්‍යාලය – සියල්ලන්ම දැවී 121 (පන්දුවාර 48.2): මොවිඳු අභිෂේක් 31, මනේන්ද්‍ර ජයතිලක 26, මොහොමඩ් ශිමාස් 6/24, සොනාල් පරණවිතාන 2/28

තර්ස්ටන් විද්‍යාලය – 203/9 (පන්දුවාර 47): අභිෂේක් පෙරේරා 54, විහඟ ජයනාම 50, ඉසිර මතීෂ 27*, යසස් බස්නායක 2/20, මනේන්ද්‍ර ජයතිලක 2/48


මහනුවර සාන්ත අන්තෝනි විද්‍යාලය හා සාන්ත මරියා විද්‍යාලය

මහනුවර දී ජය පරාජයෙන් තොරව අවසන් වූ මෙම තරගය තුල දී ද අසිත වන්නිනායක විසින් අගනා ශතකයක් ලබා ගන්නා ලදි.

සාන්ත අන්තෝනි විද්‍යාලය – 249/6 dec (පන්දුවාර 48): අසිත වන්නිනායක 104*, චමිදු වික්‍රමසිංහ 35, චන්දිමාල් හේරත් 28, ටෙශාන් සිරිවර්ධන 22*, ප්‍රවීන් ලියනගේ 2/23, සම්පත් තිලකරත්න 2/39

සාන්ත මරියා විද්‍යාලය – 87/8 (පන්දුවාර 40.4): යොහාන් වීරසේකර 33, අසිත වන්නිනායක 4/12, නිමන්ක ජයතිලක 2/39


නාලන්ද විද්‍යාලය හා පානදුර රාජකීය විද්‍යාලය

කැම්බල් පිටියේ දී පැවැත්වූ මෙම තරගය ජය පරාජයෙන් තොරව අවසන් වූවත්, රවීන් ද සිල්වා තම පිත්ත පිටිය සිසරා ක්‍රියාත්මක කරවමින් තම ශතකය සම්පූර්ණ කර ගැනීමට සමත් විය.

නාලන්ද විද්‍යාලය – 183/6 dec (පන්දුවාර 53.4): රවීන් ද සිල්වා 100*, උත්පල රණසිංහ 24, මිලින්ද සංජය 3/49, ප්‍රශාන් කල්හාර 2/31

රාජකීය විද්‍යාලය – 55/5 (පන්දුවාර 17.4): ප්‍රශාන් කල්හාර 30, දිනෙත් සමරවීර 2/24


සිරි පියරත්න විද්‍යාලය හා කේරි විද්‍යාලය

රේල්වේ පිටියේ දී පැවැත්වූ මෙම තරගයේ දී පූර්ණ ජයවර්ධන විසින් පන්දුවෙන් දස්කම් දක්වන විට, පුබුදු පිතිකරණයෙන් ලකුණු 62ක් ලබා ගැනීමට සමත් විය. තරගය ජය පැරදුමකන් තොරව අවසන් විය.

සිරි පියරත්න විද්‍යාලය – 210/8 (පන්දුවාර 57.4): සවීන් දෙව්මින 42, යසිරු දිනෙත් 42, ප්‍රමෝද් ගිත්මින 41, රසිඳු හංසික 25*, පූර්ණ ජයවර්ධන 6/75

කේරි විද්‍යාලය – 123/4 (පන්දුවාර 37): පුබුදු වේලාගිරිය 62, අබ්දුල් ශාකූර් 04, බුද්ධි මතීෂ 2/33


මහින්ද විද්‍යාලය හා දේවපතිරාජ විද්‍යාලය

මහින්ද විද්‍යාලය – 219/3 dec (පන්දුවාර 55): කෝසල උදයංග 58*, සිතිර හේලිත 55, සුධේව ඉඳුවර 44, චේතිය දිනිඳු 38*, නවෝද් පරණවිතාන 12

දේවපතිරාජ විද්‍යාලය – 83/6 (පන්දුවාර 33): සුධීර වීරරත්න 19*, නිතින චමුද 17, පවන් සංදේශ් 16,සහන් මදුසංක 15, නවෝද් පරණවිතාන 3/16, කුශාන් මදූශ 2/25

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට්  ක්‍රීඩා පිටුවට