වසරේ රග්බි ක්‍රීඩකයා ඉසිපතනයේ චමෝද් ප්‍රනාන්දු

703

පාසල් රග්බි සම්මේලනයත්, අධ්‍යාපන අමාත්‍යංශයත්, සිංගර් ශ්‍රී ලංකා ආයතනයත් එක්ව සංවිධානය කරන සිංගර් පාසල් වර්ණ රාත්‍රිය මෙවරත් අති උත්කර්ෂවත් අන්දමින් බිෂොප් විද්‍යාලයීය ශ්‍රවනාගාරයේ දී ඊයේ (25) පැවැත්විය.

දිවයිනේ පාසල් රැසක පාසල් ක්‍රීඩකයින් ඇතුළු පුහුණුකරුවන්, විදුහල්පතිවරුන් විශාල පිරිසක් මේ සඳහා  එක්වී සිටි අතර මෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා, පී. ඒ. අබේරත්න මහතා සහ සිංගර් ආයතනය වෙනුවෙන් තවත් අධ්‍යක්ෂකවරු රැසක් එක්වී සිටියහ.

පොලිසියෙන් හැව්ලොක්ට නොසිතූ අභියෝගයක්

‘Dialog’ අන්තර් සමාජ ලීග් රග්බි තරගාවලියේ දෙවන අදියර යටතේ පොලිස් ක්‍රීඩා සමාජය..

කාණ්ඩ තුනක් යටතේ අනුකාණ්ඩ 14කට අයත් පාසල් රැසක් මේ රාත්‍රියේ දී වර්ණ ලබා ගැනීම විශේෂත්වයක් විය. කාගේත් අවධානය දිනාගත් වසරේ රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය වෙනුවෙන් ඉතා තියුණු සටනක් පැවති අතර විද්වත් ඇදුරු මඩුල්ලක් හමුවේ විනිශ්චය සිදු වූ අතර එහි දී කොළඹ වෙස්ලි විද්‍යාලය වෙනුවෙන් අවිශ්ක ලී, කොළඹ රාජකීය විද්‍යාලය වෙනුවෙන් හම්සා රීසා, මහනුවර ත්‍රිත්වය වෙනුවෙන් අවිශ ප්‍රියංකර ද  නිර්දේශ වුන අතර අවසානයේ දක්ෂතම තරුව ලෙස  හිටපු ඉසිපතන පසුපෙළ ක්‍රීඩක චමෝද් ප්‍රනාන්දු වසරේ රග්බි ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගත්තේය.

2017 තරග වාරය වෙනුවෙන් උත්සාහක දිනුම 14කට හිමිකම් කියමින් සමස්ත තරගාවලියේම හා වසරේ වැඩිම උත්සාහක දිනුම් ලබාගත් ක්‍රීඩකයා ලෙස කොළඹ රාජකීය විද්‍යාලයේ හම්සා රීසා සම්මාන ලැබීය. ඒ අතර පසුගිය වසරේ පෙරළිකාර කණ්ඩායමක් වූ  කොළඹ සහිරා විද්‍යාලයේ සයිඩ් සිංහවංශ වසරේ හොඳම ස්ථාන පා පහර දෙන්නා ලෙස (Place Kicker) සම්මාන ලැබීම ද විශේෂත්වයක්. ඒ ලකුණු 64ක් තම පාදයෙන් පාසල වෙත එක් කරමිනි. මෙහි දී රාජකීය විද්‍යාලය වෙනුවෙන් ශකිර් නවුෆර් ලකුණු 67ක් ලබා ගැනීම ද කැපී පෙනිණ.

ප්‍රධානතම සම්මාන අතර තවත් වැදගත්ම සම්මාන ද්විත්වයක් වන වසරේ ජනප්‍රියම පාසල් රග්බි ක්‍රීඩකයා සහ ජනප්‍රියම පාසල් රග්බි කණ්ඩායම වෙනුවෙන් වූ කුසලාන පිළිවෙළින් කොළඹ සාන්ත තෝමස් විද්‍යාලයේ ආබිත් කාදර් සහ වසරේ ජනප්‍රියම පාසල් රග්බි කණ්ඩායම ලෙස කොළඹ සාන්ත තෝමස් විද්‍යාලය සම්මාන ලැබීය.

ඉහළම කණ්ඩායම් සම්මානය වන පළමු කාණ්ඩයේ ශූරතාවය 2017 වසර වෙනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලය දිනාගත් අතර ඒ ප්‍රබල ඉසිපතන විද්‍යාලය වෙනුවෙන් එහි අනුශුරතාව උරුම කර දෙමිනි. පසුගිය තරගවාරයේ ඔවින් අස්කි තම නායකත්වයෙන් රාජකීය විද්‍යාලය වෙනුවෙන් “බ්‍රැඩ්බි” පලිහ ද දිනා දුන් අතර එම විද්‍යාලයේ දක්ෂතා සම්බන්ධයෙන් වැඩි කතාබහට ලක්වීම ද සිහිපත් කරන්නේ දක්ෂතාවයත් කණ්ඩායම් හැඟීමත් යන කාරණා ඔස්සේ අනාගත ක්‍රීඩකයන්ට නිදසුන් සපයමිනි.

මෙහි දී අදහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ ක්‍රීඩාවත්, අධ්‍යාපනයත් එක්ව ඉදිරිය ජය ගත යුතු බවත් මේ සඳහා ගරු අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් මැතිතුමාගේ ද නොමද සහය නිතැනින්ම ලැබෙන බවත්ය. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ අමාත්‍යංශ නව සංකල්පයකට අනුව ආරම්භ වුන “සුරක්ෂා”  රක්ෂණ ආවරණය පසුගිය තරග වාරයේ ක්‍රීඩක ආබාධ වෙත සම්පුර්ණයෙන්ම සහය වුන බවත්, අනතුරු අවදානම් වැඩිම ක්‍රීඩාවක් වන රග්බි ක්‍රීඩාවේ කාලයක් පුරාවට පැවති ආබාධ වෙනුවෙන් කරන්නා වූ ගෙවීම් වෙනුවෙන් “සුරක්ෂා” මනා පිටිවහලක් වූ බවත්ය.

එහි දී අදහස් දැක්වූ සුනිල් මහතා “තවමත් පාසල් මට්ටමේ ක්‍රීඩා කරන්නේ 18%- 20%ක් පමණයි. ක්‍රීඩා සංගම් හා අප කනගාටු වෙනවා විභාග පසුපස දුවන දරුවොත්, විභාග පසුපස දුවන දෙමාපියොත් නිසා ජාතික ක්‍රීඩාවන් අනතුරට පත්වෙනවා, ඔබ සැමට යුතුකමක් තිබෙනවා මේ පණිවිඩය පාසල වෙත රැගෙන ගොස් සහභාගිත්වය වැඩි කරන්න.”

“ආසියාවේ අපේ පාසල් කණ්ඩායම් පසුගිය වසරවල ලබාගත් ප්‍රගතිය ගැන අප සැවොම සෑහීමකට පත්වෙනවා, විශේෂයෙන්ම 18න් පහළ, 20න් පහළ රග්බි කණ්ඩායම් දැනටමත් ඒ හැකියා පෙන්වා හමාරයි.”

අවසන් වශයෙන් අනාගත රග්බි ක්‍රීඩාවේ උන්නතියත්, පාසල් ක්‍රීඩාවේ ප්‍රගතියත් වෙනුවෙන් කටයුතු කිරීමත් අප සැමගේ යුතුකමක් බැව් එතුමා ප්‍රකාශ කළේය.

2018 වසර වෙනුවෙන් වන පාසල් රග්බි තරගාවලිය මාර්තු 3 වනදා ආරම්භ වීමට නියමිතයි.

සම්මාන රාත්‍රියේ සම්මාන ලබාගත් පාසල් සහ ක්‍රීඩකයන්  කාණ්ඩ වශයෙන් සවිස්තරවPhotos: Singer Schools Rugby Awards 2017

3 කාණ්ඩය

  • III වන කොටස – 1B කොටස – අනු – පඬුවස්නුවර ම. වී. පඬුවස්නුවර
  • III වන කොටස – 1 වන කොටස – ශූරයා ශ්‍රීමත් ජෝන් කොතලාවල විද්‍යාලය කුරුණෑගල
  • III වන කොටස – 2 වන කොටස – අනුශූරතාවය මහානාම නවෝදය ම.වී. පානදුර
  • III වන කොටස – 2 වන කොටස – ශූරතා සා. තෝමස් සූදානම් පුහුණු පාසල
  • III වන කොටස – 1A කාණ්ඩයේ – දෙහිඕවිට ජාතික පාසල දෙහිඕවිට
  • III වන කොටස – 1 වන කොටස – ශූරතා, රුවන්වැල්ල මධ්‍ය මහා විද්‍යාලය

2 වන කාණ්ඩය

  • II වන කාණ්ඩය – ඵලක ශූරතාව – අනුශූරතාව විද්‍යෝදය ම. වී. ගාල්ල
  • II වන කාණ්ඩය – ශූරතාවය ශ්‍රී රාහුල විද්‍යාලය කටුගස්තොට
  • II වන කාණ්ඩය – කුසලාන ශූරතාව – අනුශූරතාවය කේරි විදුහල කොළඹ
  • II වන කාණ්ඩයේ – ශූරතාව – සාන්ත ආනා විද්‍යාලය කුරුණෑගල

1 වන කාණ්ඩය

  • I කාණ්ඩය – පළිහ ශූරතාව – අනු ශුරතාව කොළඹ නාලන්ද විද්‍යාලය
  • I කාණ්ඩය – ශූරතාව සාන්ත ඇලෝසියස් විද්‍යාලය ගාල්ල
  • I කාණ්ඩය – බඳුන   ශූරතාව-  අනුශුරතාව – මලියදේව විද්‍යාලය කුරුණෑගල
  • I කාණ්ඩය – ශූරතාව – කොළඹ ආනන්ද විද්‍යාලය
  • I කාණ්ඩය – ඵලක ශූරතාව – අනුශුරතාව – මහනුවර ධර්මරාජ විද්‍යාලය
  • I කාණ්ඩය – ශූරතාව – සාන්ත අන්තෝනි විද්‍යාලය මහනුවර
  • I කාණ්ඩය – කුසලාන ශූරතාවය – අනුශුරතාවය – ඉසිපතන විද්‍යාලය කොළඹ
  • I කාණ්ඩය – ශූරතාවය – රාජකීය විද්‍යාලය කොළඹ

සිංගර් – 2017 වසරේ වඩාත් ජනප්‍රිය පාසල් රග්බි කණ්ඩායම
සාන්ත තෝමස් විද්‍යාලය ගල්කිස්ස

සිංගර් – 2017 වසරේ වඩාත් ජනප්‍රිය පාසල් රග්බි ක්‍රීඩකයා
අබීඩ් කාදර් -සා. තෝමස් විද්‍යාලය ගල්කිස්ස

Singer පාසල් රග්බි ලීග් 2017 – හොඳම ස්ථාන පා පහර දෙන්නා (place kicker)
සයීඩ් සිංහවංශ – සහිරා විද්‍යාලය කොළඹ 10,

Singer පාසල් රග්බි ලීග් 2017 – 2017 වසරේ වැඩිම උත්සාහක දිනුම් ලබාගත් ක්‍රීඩකයා
හම්සා රීසා – රාජකීය විද්‍යාලය

සිංගර් ලීග් 2017 – 2017 වසරේ පාසල් රග්බි ක්‍රීඩකයා
චමෝද් ප්‍රනාන්දු – ඉසිපතන විද්‍යාලය කොළඹ

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<