පාසල් රග්බි තරග කල් යන ලකුණු

837

පාසල් රග්බි සංගමය විසින් මෙවරත් සංවිධානය කරන අන්තර් පාසල් රග්බි තරගාවලිය මේ මස 21වන දා ආරම්භ වීමට නියමිතව තිබුණද, යම් යම් ගැටලුකාරී තත්ත්වයන්  නිසාවෙන්, රග්බි තරගාවලිය මසකින් පමණ කල් දැමීමට පාලක මණ්ඩලය හා පාසල් රග්බි සංගමය සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

මහනුවර හමුවේ හැව්ලොක් දන නමයි; යුධ හමුදාවට පොලිසියෙන් තෑග්ගක්

මෙවර තරගාවලියේ ශූරතා සටනේ කරට කර තරගකරුවන් වූ මහනුවර ක්‍රීඩා සමාජය සහ හැව්ලොක් ක්‍රීඩා සමාජය, අවසන් මහා තරගයක් බඳු සටනක් සඳහා එකිනෙකා මුණ ගැසුනේ කොළඹ හැව්ලොක් ක්‍රීඩාංගණයේ දීයි.

ThePapare.com වෙත ලැබුණු විශ්වාසනීය ආරංචි මාර්ග අනුව මෙම මස 21 වනදා ආරම්භ වීමට නියමිතව තිබෙන අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලිය, මාසයකින් පමණ කල් යන අතර මෙම තරගාවලියේ අනුග්‍රාහකත්වය තවමත් ස්ථිර වී නොතිබීම මෙන්ම ඩයලොග් ක්ලිෆර්ඩ් කුසාලන තරගාවලිය නිසාවෙන් මෙම තරගාවලිය පැවැත්වීමට නියමිතව ඇති ක්‍රීඩාංගණ යම් යම් දිනවල දී කාර්යබහුල වීම එයට හේතුවූ බව වාර්තා වේ.

පසුගිය වසර මුලදී ද අන්තර් පාසල් සත් සාමාජික රග්බි තරගාවලිය ද කල් ගියේය. මෙම තරගාවලිය ජාත්‍යන්තර රග්බි දින දර්ශනය අනුව පැවැත්වෙන අතර, මෙම හේතුව නිසා මාසයක පමණ කාලයක් රග්බි තරගාවලිය පමා වුවහොත් එම දින දර්ශනය නැවතත් යාවත්කාලීන කර සකස් කල යුතුව ඇත.

පෙබරවාරි මැද සතියේ සිට මාර්තු මැද සතිය පමණ දක්වා පාසල් කෙලිබිම පාසල් ක්‍රිකට් තරග හා මෙම රග්බි තරගාවලිය නිසාවෙන් සම්පූර්ණයෙන්ම කාර්යබහුල වන අතර, මෙම තරගාවලිය කල් යාම නිසාවෙන් රග්බි තරග සිකුරාදා හෝ සදුදා දින වලදී බොහෝ විට පැවැත්වෙනු ඇත.

කෙසේ වෙතත් මේ සම්බන්ධව අවසන් තීරණය ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය විසින් ලබන සිකුරාදා (10) ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇත.

  තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි ක්‍රීඩා පිටුවට