පාසල් රග්බි තරග දින නියමයකින් තොරව කල් යයි

1633
Schools Rugby Matches Postponed

පසුගිය සති අන්තයේ දී පාසල් රග්බි පිටියේ ඇති වූ මතභේදාත්මක සිදුවීම් රැසක් හේතුවෙන් පාසල් රග්බි තරග නැවත දැනුම් දෙන තුරු කල් දැමීමට පලාත් පාලන හා ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා තීරණය තිබේ.

විද්‍යා විද්‍යාලයේ අපරාජිත වාර්තාව බිඳ වැටේ

සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවේ තවත් තරගයක් අද (20)………

සියලුම පාසල් අතර සම්මුතියකට පැමිණෙන තුරු මෙම තරග කල් දැමීම ක්‍රියාත්මක වන බව අද (23) නිකුත් කළ මධ්‍ය නිවේදනයක සඳහන්ය.

පසුගිය සති අන්තය සිංගර් පාසල් ලීග් රග්බි තරගාවලියට එතරම් හොඳ සතිඅන්තයක් නොවූ අතර තරග කිහිපයකටම ප්‍රේක්ෂකයින්ගෙන් බාධා සිදු වීම නිසා ගැටලුකාරී තත්වයන් පැන නැගුණි.

වෙස්ලි විද්‍යාලය හා රාජකීය විද්‍යාලය අතර තරගයේ දී මෙන්ම මලියදේව විද්‍යාලය හා සාන්ත තෝමස් විද්‍යාලය අතර තරගයේ දී ද, ඩී. එස් සේනානායක විද්‍යාලය හා විද්‍යා විද්‍යාලය අතර තරගයේ දී ද විනිසුරුගේ  අවසාන නලා නාදයෙන් පසුව ක්‍රීඩා පිටියේ ප්‍රේක්ෂකයින් අතර කලබලකාරී තත්ත්වයන් දක්නට ලැබුණි.

මෙම තත්වයන් සැලකිල්ලට ගෙන ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා ශ්‍රී ලංකා රග්බි විනිසුරුවන්ගේ සංගමයට දන්වා ඇත්තේ පාසල් රග්බි තරග සඳහා කිසිදු විනිසුරුවරයෙක් ලබා නොදෙන ලෙසයි.

“මෙය පාසල් රග්බි තරගාවලියේ ගෞරවයට තර්ජනයක්, ශ්‍රී ලංකා රග්බි හා ශ්‍රී ලංකා රග්බි විනිසුරුවරුන්ගේ සංගමය තීරණය කර තිබෙනවා පාසල් රග්බි සංගමය සමඟ සාකච්ඡාවකට පැමිණ ගැටලු නිරාකරණය කරගන්නා තුරු පාසල් රග්බි තරග සඳහා විනිසුරුවරුන් ලබා නොදෙන්න, අධ්‍යාපන අමාත්‍යංශය සහ පාසල් බලධාරීන් පාසල් රග්බි ක්‍රීඩාවේ විනය ස්ථාපිත කිරීමට ක්‍රියා කළ යුතුයි.” යැයි අමාත්‍යවරයා මාධ්‍ය නිවේදනයේ සඳහන් කර තිබුණි.

එම නිසා මේ සතිය සඳහා පැවැත්වීමට සැලසුම් කර තිබුණු සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ සියලු තරග දින නියමයකින් තොරව කල් දැමීමට තීරණය කර තිබේ.

වෙස්ලි ක්‍රීඩකයෝ අපරාජිත රාජකීයයන් බියගන්වති

CR & FC ක්‍රීඩාංගණය මිනිත්තු හැත්තෑවකට කම්පනය කරමින් සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි…

ThePapare.com වෙත අදහස් දක්වමින් ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමයේ ලේකම් නිරෝධ විජේරාම මහතා මෙසේ පැවසීය.

“අමාත්‍යවරයා හමුවීමෙන් පසු අමාත්‍යවරයාගේ උපදෙස් අනුව ක්‍රියා කරනවා, මේ සති අන්තයට අදාළ සියලු තරග කල්දමනවා, අපි එළඹෙන සිකුරාදා මේ පිළිබඳ සාකච්ඡා කිරීමට නැවත හමුවෙනවා.”

කුසලාන, පළඟ, බඳුන හා පලිහ කාණ්ඩවල සියලු තරග මෙම සති අන්තයේ දී නොපැවෙත්වෙන අතර එළඹෙන සිකුරාදා ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සංගමය නැවත රැස්වී මේ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිතයි.

රාජකීය ඉසිපතන ගැටුම හා ශාන්ත පීතර විදුහල හා ශාන්ත ජෝසප් විදුහල අතර කුසලාන ශුරතාවලියේ ජයග්‍රාහකයා තීරණය විය හැකි ඉතා වැදගත් තරග කිහිපයයක් මේ සති අන්තයේ පැවැත්වීමට නියමිතව තිබුණි.

>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<