ශ්‍රී ලංකා පාසල් රග්බි පාපන්දු සම්මේලනය (SLSRFA) විසින් ජූලි 9 සහ 10 දිනවල පැවැත්වීමට නියමිතය තිබූ ‘Dialog පාසල් රග්බි ලීගයේ’ 3 වැනි සතියේ තරග සියල්ල කල් දැමීමට කටයුතු කර තිබෙනවා.

අද (07) පැවති SLSRFA විධායක කමිටු රැස්වීමේ දී, රටේ මේ වන විට පවතින තත්වය පිළිබඳව සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය ගැනීමට කටයුතු කළා. එමෙන්ම 6 වැනි සතියේ තරග තවත් කල් දැමීම සිදු නොකරන අතර එම තරග නියමිත පරිදි පැවැත්වෙනු ඇත”, යනුවෙන් SLSRFA හි ලේකම් නිරෝධ විජේරාම මහතා පවසා සිටියා.
- විද්යාර්ථය හමුවේ පීතරයින් පසුබසිද්දී කිංග්ස්වුඩ්ට රාජකීය ප්රහාරයක්
- ඉසිපතන සහ ත්‍රිත්ව ක්රීඩකයින් අපරාජිකත්වය රැක ගනී
- සාන්ත පීතර සහ වෙස්ලි ක්රීඩකයින් පළමු සතියේ ජයග්රාහකයින් අතරට
පළමු කාණ්ඩයේ තරගයක් ලෙස අද (08) පැවැත්වීමට නියමිත රාජකීය විදුහල සහ ත්‍රිත්ව විදුහල අතර තරගය කිසිදු වෙනසකින් තොරව රාජකීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වෙනු ඇත. එම තරගයේ සජීව විකාශය සඳහා රැඳී සිටින්න ThePapare.com සමඟින්.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<





















