පසුගිය වසරේ අහිමි වූ A කාණ්ඩයේ සිහිනය යථාර්ථයක් කර ගැනීමට මෙවර මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයීය ක්‍රීඩකයෝ පාසල් රග්බි පිටිය ආක්‍රමණය කරනු ඇත. ප්‍රබල කණ්ඩායම් රැසකටම අභියෝගයක් වෙමින් පසුගිය වසරේ සුපිරි දස්කම් පෙන්වූ මහනුවර විද්‍යාර්ථ විදුහලේ රග්බි කණ්ඩායම සොයා ගිය ThePapare.com අප, ඔවුන් පිළිබඳ තබන සටහනකි මේ.

පාසල් රග්බි සටනට ඇතුගල්පුර හමුදාව සීරුවෙන්

අවසන් වසරේ ජ්‍යේෂ්ඨ ක්‍රීඩකයන් 13 දෙනෙකුගෙන් පමණ සමන්විත ශක්තිමත් රග්බි..

අනිවාර්යයෙන් මේ අවුරුද්දේ B කාණ්ඩය ටොප් කරලා චැම්ප්ස් වෙන්න තම බලාපොරොත්තු වෙන්නේ, ගිය පාර වගේම මේ පාරත් බිග් මැච් එක දිනනවා.

රදීෂ සෙනවිරත්න, CR & FC කණ්ඩායමේ නායක කවිඳු පෙරේරා, සුපිරි ක්‍රීඩක චානක චන්දිමාල්, ජේසන් දිසානායක, අශාන් බණ්ඩාර මෙන්ම පසුකලක දී සාන්ත තෝමස් කණ්ඩායමට ක්‍රීඩා කළ මහනුවර ක්‍රීඩා සමාජයේ අනුරුද්ධ විල්වර ද සිය රග්බි ක්‍රීඩාවට අත්පොත් තැබුවේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලයෙන් වීම විශේෂ කරුණක්.

2012 වසරේ දී යම් සිදුවීමක් නිසා C කාණ්ඩය දක්වා පහළ වැටීමට සිදුවුව ද, වසර පහකට පසු 2017 දී B කාණ්ඩයට පිවිස B කාණ්ඩයේ ප්‍රබල පාසල් සියල්ලටම ප්‍රබල අභියෝගයක් වීමට ඔවුන් සමත් විය.

විද්‍යාර්ථ විද්‍යාලයීය නායක තාරුත දිලීප

පසුගිය වසරේ සාන්ත සිල්වෙස්තර විදුහල පරාජය කරමින් පී. එම්. එල්. බණ්ඩා හා බර්ටි නිල්ලේගොඩ අනුස්මරණ මහා රග්බි තරගය ජය ගැනීම පසුගිය තරග වාරයේ ඔවුන්ගේ වටිනාම ජයග්‍රහණය ලෙස ඔවුන් සලකයි.

පළමු වටයේ කිංග්ස්වුඩ් විද්‍යාලයට එරෙහිව පැවති තරගය පමණක් පරාජය වූ විද්‍යාර්ථ විද්‍යාලය දෙවන වටයේ පළඟ ශූරතාව ජය ගැනීමට සමත් වූයේ එක් තරගයක් පමණි.

‘Center’ ස්ථානයේ ක්‍රීඩා කරන තාරුක දිලීප තිස්ස හට මෙවර විද්‍යාර්ථ රග්බි බලකාය මෙහෙය වීමේ වගකීම භාරව තිබේ. සිව්වැනි වසර සඳහා කණ්ඩායම නියෝජනය කරන ඔහු මෙවර කණ්ඩායම් කොඳු නාරටිය ලෙස කණ්ඩායමට සවිය දෙනු ඇත.

විද්‍යාර්ථ විද්‍යාලයීය උපනායක බණ්ඩාර

M. K. L. බණ්ඩාර මෙවර කණ්ඩයමේ උපනායකත්ව වගකීම භාරව කටයුතු කරනු ඇත. ’No 8’ ස්ථානයේ ක්‍රීඩා කරමින් ඉදිරිපෙළ මෙහෙය වන ඔහු නායකයාගේ වගකීම් අඩු කරමින් දිලීප තිස්ස හට සිය සුපුරුදු වේගවත් ක්‍රීඩා රිද්මයට ළඟා වීමට ඉඩ සලසා දෙනු ඇත.

දෙවන වසර සඳහා කණ්ඩායම නියෝජනය කරන වේගවත් P. A. T. M. හෙට්ටිආරච්චි ‘Fly Half’ ස්ථානයේ ක්‍රීඩා කරන අතර මෙවර කණ්ඩායමේ ඉදිරි ගමන කෙරෙහි ඔහු මහත් සවියක් වනු ඇත. ක්ෂණිකව ක්‍රියාත්මක වන P. I. උමයංග ‘Scrum Half’ ස්ථානයේ අනගි ක්‍රීඩා විලාසයක යෙදෙමින් කණ්ඩයම සවිමත් කරනු අතර,

ගිය සීසන් එකේ කරපු වැරදි නිවැරදි කරන්න හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

”මේ පාර අපේ ඉදිරිපෙළ වගේම පසුපෙළ ද එක වගේ සෙල්ලම් කරනවා, අනිවාර්යයෙන් මේ අවුරුද්දේ B කාණ්ඩය ටොප් කරලා චැම්ප්ස් වෙන්න තම බලාපොරොත්තු වෙන්නේ, ගිය පාර වගේම මේ පාරත් බිග් මැච් එක දිනනවා. ටීම් එකේ සීනියර්ස්ලා ගොඩක් ඉන්නවා, සීනියර්ස්ලා වගේම අලුතෙන් කණ්ඩායමට ආපු අයත් එක වගේ සෙල්ලම් කරනවා, හොඳට සෙල්ලම් කරලා කොහොම හරි දිනන්න තමා බලාපොරොත්තුව” අප වෙත අදහස් දක්වමින් කණ්ඩයමේ නායක දිලීප තිස්ස පැවසිය.

අමාරු ටීම් කියල ඉන්නේ විද්‍යා විද්‍යාලය විතරයි, එකත් අපි හොඳට ප්ලැන් කරලා, දිනන්න බලාපොරොත්තු වෙනවා

”කණ්ඩායම හොඳටම හොඳයි, ඉස්කෝලෙන් හොඳ සහයෝගයක් දෙනවා, මේ පාර කොහොම හරි A කාණ්ඩයට යන්න තමා අපේ බලාපොරොත්තුව” ThePapare.com වෙත අදහස් දක්වමින් කණ්ඩායමේ උපනායක H. M. K. L. බණ්ඩාර පැවසීය. තව දුරටත් අදහස් දැක්වූ ඔහු අපි නිතරම පුහුණුවීම් කරනවා, ගිය සීසන් එකේ කරපු වැරදි නිවැරදි කරන්න හොඳ තරගයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.” යැයි පැවසිය.

කණ්ඩායමේ පුහුණුකරු තනතුර සුමේධ මාලේවන මහතා හට හිමිව තිබේ. වසර ගණනාවක් ජාතික කණ්ඩායම නියෝජනය කළ ඔහු නාවික හමුදා ක්‍රීඩා සමාජය ද වසර 15ක දීර්ඝ කාලයක් නියෝජනය කළ පරිණත පුහුණුකරුවෙකි.

”මේ සීසන් එකේ අපිට දිනන්න පුළුවන්. අමාරු ටීම් කියල ඉන්නේ විද්‍යා විද්‍යාලය විතරයි, එකත් අපි හොඳට ප්ලැන් කරලා, දිනන්න බලාපොරොත්තු වෙනවා, කොහොම හරි A කාණ්ඩයට යන එක තමා බලාපොරොත්තුව” අප වෙත අදහස් දක්වමින් ඔහු පැවසීය. ධනුෂ්ක පුෂ්පකුමාර කණ්ඩයමේ සහය පුහුණුකරු ලෙස කටයුතු කරයි.

  • විද්‍යාර්ථ විද්‍යාලයීය සහය පුහුණුකරු ධනුෂ්ක පුෂ්පකුමාර

සංචිතය:

තාරුක දිලීප තිස්ස (නායක), H. M. K. L. බණ්ඩාර (උපනායක), P. A. T. හෙට්ටිආරච්චි, P. W. S. M. I. S. උමයංග, R. M. S. කාවිංග බණ්ඩාර, K. G. P. S. වීරසිංහ, R. G. S. M. ගුණරත්න, M. A. C. ලක්රුවන්, C. D. කෝදාගොඩ, R. M. T. R. රත්නායක, G. G. T. S. තිලකරත්න, H. B. T. P. U. ජයකොඩි, M. S. කළුගම්පිටිය, K. N. කළුආරච්චි, R. M. G. R. වීරසිංහ, C. B. කළුආරච්චි,  D. H. ඇන්තනි, W. G. I. සෙව්වන්ද, M. D. N. කුමාර, K. S. ජයවර්ධන, K. K. G. S. T. කරුණාතිලක, N. K. H. C. පියරත්න, A. M. C. T. අතාවුද, W. S. H. තල්ගොඩපිටිය, P. G. R. S. රංග, I. G. K. D. ලියනගේ, S. උඩගෙදර, T. නිරෝධ, G. K. පසිඳු ලක්ෂිත

පාසල් රග්බි ලීගයේ B කාණ්ඩයේ තරග ආවරණය කිරීමට ThePapare.com සූදානම්, රැඳී සිටින්න.

 >> තවත් විශේෂාංග ලිපි සඳහා පිවිසෙන්න <<