සත් සාමාජික රග්බි පිටියේ ප්‍රභල කණ්ඩායම් වන නවසීලන්ත, ඕස්ට්‍රේලියා, ප්‍රංශ සහ ආර්ජන්ටිනා කණ්ඩායම් වලට පදක්කම් බලාපොරොත්තු අත්හැරගන්නට සිදු විය. ඒ අර්ධ අවසන් පූර්ව තරග වලදී පිලිවෙලින් ෆීජි, දකුණු අප්‍රිකා, ජපාන සහ මහා බ්‍රිතාන්‍ය කණ්ඩායම් හමුවේ පරාජය වෙමිනුයි.
පසුගිය ලිපි: රියෝ උණුසුම – ඕල් බ්ලැක්ස්ට අනපේක්ෂිත පරාජයක්

දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ප්‍රංශ කණ්ඩායමටත් ලකුණු 12 – 07ක් ලෙස පරාජයේ වේදනාව උරුම කරන්නට මෙවර ඔලිම්පික් රග්බි පිටියේ පෙරලි කාරයින් වන ජපානය ක්‍රීඩකයෝ සමත් විය.
කලකට අමතක නොවන ආකාරයේ සටනක් ගත් 3වන අර්ධ අවසන් පූර්ව තරගයේ නියමිත කාලය අවසන් වනතෙක් ආජන්ටිනාවට හෝ මහා බ්‍රිතාන්‍යයට ලකුණු ලබා ගැනීමට හැකි වූයේ නැත. නියමිත කාලයේ අවසන් මිනිත්තුවේදී ආර්ජන්ටිනාවට දඬුවම් පහරක් ලැබුණත් එය අසාර්ථක වීම හේතුවෙන් තරගය ජය ගැනීමේ ස්වර්ණමය අවස්තාව ඔවුන්ට අහිමි විය. මේ අනුව අතිරේක කාලය දක්වා දීර්ඝ වූ තරගය මහා බ්‍රිතාන්‍ය ජයක් බවට පරිවර්තනය වූයේ අතිරේක කාලයේ 5වන මිනිත්තුවේදී ඩෑන් බිබී වාර්තා කල උත්සාහක දිනුම හේතුවනි.
4වන අර්ධ අවසන් පූර්ව තරගයේදී ඕස්ට්‍රේලියානු වොලබීස් කණ්ඩායම පහසුවෙන් පරදවන්නට දකුණු අප්‍රිකානු ස්ප්‍රින්ග් බොක්ස් කණ්ඩායමට හැකි විය. තරගයේ ලකුණු තත්ත්වය දැක්වූයේ 22 -05ක් ලෙසින්.
ප්‍රංශ සවාරියේ ශූරයා යලිත් අසාර්ථක වෙයි.

පසුගියදා පැවති මාර්ග ධාවන පාපැදි තරගයේදී ඔහුට හිමිවූයේ 12 වන ස්ථානයයි. එබැවින් මෙම තරගයේදී ෆෘම් පිලිබඳ ඉහල අවධානයක් යොමුව තිබුණි. කෙසේ වෙතත් පැය 1 මිනිත්තු 12 තත්පර 15.42 කින් කාල ගණන තරගය අවසන් කරමින් එම ඉසව්වේ රන් පදක්කම දිනා ගන්නට සමත් වූයේ ස්විට්සර්ලන්තයේ ෆේබියන් කැන්සෙලරා ය. ඔහුට වඩා මිනිත්තුවකටත් අධික කාලයක් වාර්තා කල ක්‍රිස් ෆෘම්ට හිමි වූයේ ලෝකඩ පදක්කමයි.
එක් ඉසව්වකින් දෙදෙනෙක්ට ලෝක වාර්තා.

ලියු ගේද සම්පූර්ණ බර ප්‍රමාණය කිලෝග්‍රෑම් 379ක් වුවත් ඔහුට එම සමස්ත බර සඳහා වන ලෝක වාර්තාව සහ රන් පදක්කම ගිලිහී ගියේ ඔහු ස්නැච් ක්‍රමය යටතේ පළමු උත්සාහය අසාර්ථක කර ගැනීමෙන් පසු මෙම දස්කම දැක්වීම හේතුවෙනුයි. අඩු උත්සාහයන් සංඛ්‍යාවකින් අදාළ දක්ෂතාවය වාර්තා කල රහීමොෆ් හට රන් පදක්කම සහ නව ලෝක වාර්තාවේ අයිතිය හිමි වන ලදී.
බර වැඩිවූ බර එසවීම

මෙම අනතුර නිසා ඔහුගේ වම අතේ වැලමිට ප්‍රදේශයේ අස්ථි බිඳී යාමක් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.






















