මෙවර ඔලිම්පික් උළෙලට අලුතින්ම එක්වූ සත් සාමාජික රග්බි ඉසව්ව සඳහා සහභාගී වූ ජනප්රියම රග්බි තරුවකට එක් තරගයකින්ම තම ඔලිම්පික් ගමන නිමා කරන්නට සිදු විය. නවසිලන්ත ඕල් බ්ලැක්ස් රග්බි කණ්ඩායමේ සනී බිල් විලියම්ස් ඒ ක්රීඩකයායි. ඔහුට මෙසේ තරගාවලියම අහිමි වන්නේ, පිරිමි සත්සාමාජික රග්බි පළමු වටයට අදාලව ජපානය සමග පැවති තරගයේ දෙවන අර්ධය තුළදී ඇතිවූ පාදයේ ආබාධයක් හේතුවෙනි.
පසුගිය ලිපි: මැතිව්ගේ ගමනත් නවති

2015 රග්බි ලෝක කුසලානය දිනාගත් නවසීලන්ත රග්බි කණ්ඩායමේ ප්රබල සාමාජිකයෙක් වූ සනී බිල් විලියම්ස්, ලොව පුරා අතිශය ජනප්රිය තරුවක් බවට පත් වූයේ තම ගෙල පැළඳි රන් පදක්කම පිටිය මැදට පැමිණීමේදී පොලීසියේ ප්රහාරයකට ලක්වූ දරුවෙකුට ලබා දීම හේතුවෙනි.
අංක එකේ දෙදෙනාම කඳුළු මැදින් ඉවතට

මෙම පරාජය විලියම්ස් පවුලේම පදක්කම් බලාපොරොත්තුවේ අවසානය බවට පත් වූයේ මීට පෙර කාන්තා යුගල ටෙනිස් ඉසව්වේ පළමු වටයේදීම සෙරීනා සහ වීනස් විලියම්ස් සොයුරියන් පරාජය වීම හේතුවෙනුයි.

විම්බල්ඩන් ශූර ඇන්ඩි මරේ සහ ඔහුගේ සොයුරු ජේමි ට පිරිමි යුගල ඉසව්ව පළමු වටයෙන්ම අවසන් කරන්නට සිදු වූයේ බ්රසීල ක්රීඩකයන් දෙපලක් හමුවේයි. රොජර් ෆෙඩරර් මෙවර ඔලිම්පික් උළෙලට සහභාගී වූයේ නැත. මේ අනුව පිරිමි තරග අංශයේ ප්රධාන තරුවක් ලෙස දැනට ඉතිරිව සිටින්නේ ස්පාඥ්ඥයේ රෆායල් නඩාල් පමණයි.
බර ඉසිලීමන් ලෝක වාර්තා 2ක්.

වෙයි ඩෙන්ග් ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්රමයට එසවූ කිලෝග්රෑම් 147ක බර ප්රමාණයත් නව ලෝක වාර්තාවක් ලෙස ඉතිහාසයට එක් විය.
ඔලිම්පික් රජු පදක්කම් පැස තවත් තර කර ගනී

පෙල්ප්ස් ඊයේ මීටර් 200 X 4 නිදහස් ආර සහය පිහිනුම් ඉසව්ව ජයගත් ඇමරිකානු කණ්ඩායමේ ප්රධාන සාමාජිකයෙක් ලෙස සිය 20 වන රන් පදක්කම දිනා ගන්නා ලදී. ඔහු 21වන රන් පදක්කම දිනා ගත්තේ මීටර් 200 සමනල ආර ඉසව්ව ජය ගනිමිනුයි. එම කේවල ඉසව්ව අවසන් කරන්නට පෙල්ප්ස් ගත කල කාලය මිනිත්තු 1යි තත්පර 53.36ක්.
මයිකල් පෙල්ප්ස් මේ වන විට ඔලිම්පික් උළෙල 4කදී රන් පදක්කම් 21ක් ඇතුළු සමස්ත පදක්කම් 25ක් දිනාගෙන ඇති අතර ඔලිම්පික් ඉතිහාසයේ වැඩිම රන් පදක්කම් ලාභීන්ගේ ලයිස්තුවේ දෙවන ස්ථානයට හිමිවී ඇත්තේ රන් පදක්කම් 9ක් පමණයි.
ප්රවේශ පත්ර ජාවාරමක් හෙළිවෙයි
රියෝ ඔලිම්පික් ප්රවේශ පත්ර නීති විරෝධී ලෙස වැඩි මිලට අලෙවි කළ සමාගමක නියෝජිතයින් දෙදෙනෙක් බ්රසීල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. THG ස්පෝර්ට්ස් නම් යුරෝපීය ආයතනයක අධ්යක්ෂවරයෙක් වන කෙවින් මාලන් නමැති අයර්ලන්ත ජාතිකයෙක් සහ පෘතුගීසි භාෂා පරිවර්තක වරියක් මෙසේ අත්අඩංගුවට පත්වී ඇති බවයි වාර්තා වන්නේ. පොලිසිය පවසන්නේ ඔවුන් අධික වටිනාකමකින් යුත් VIP ප්රවේශපත්ර නියමිත වටිනාකමටත් වඩා ඉතා ඉහල මුදලකට අලෙවි කර ඇති බවයි.

මේ අයුරින්ම හෙටත්, රියෝ ඔලිම්පික් හි පුවත් සියල්ල එකම ලිපියකින් බලාපොරොත්තු වන්න.
අද දිනට පදක්කම් සටහන























