20න් පහළ ශූරතාවය ප්‍රෙස්බිටේරියන් බාලිකාවන්ට

578

සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ දැල්පන්දු තරගාවලියේ වයස අවුරුදු 20න් පහළ කාණ්ඩය යටතේ පැවැත්වූ අවසන් මහා තරගයේ දී දෙහිවල ප්‍රෙස්බිටේරියන් බාලිකා පාසල ලකුණු 33–32ක් ලෙස තරගය අවසන් කරමින්  කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට එදිරිව තියුණු ජයක් ලබා ගැනීමට සමත් විය. මෙම තරගාවලිය කොළඹ ටොරිංටන් පිටියේ දී පැවැත්විය.

ශූරතා දෙකම ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමයට

කොළඹ ටොරිංටන් පිටියේ දී පැවැත්වූ සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙලේ…

පසුගිය වසරේ දීද කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය වයස් කාණ්ඩයන් ත්‍රිත්වයේම ශූරතාවය ජයග්‍රහණය කිරීමට අපොහොසත් විය. මෙවර 16න් පහළ හා 18න් පහළ ශූරතාවයන් ද්විත්වයම ජයග්‍රහණය කර ගැනීමට ඔවුන්ට හැකිවුවත් , වයස අවුරුදු 20න් පහළ දැල්පන්දු ශූරතාවය ජයග්‍රහණය කිරීමට ඔවුන්ට නොහැකි විය. (පසුගිය වර්ෂයේ එම තරග පැවැත්වූයේ වයස අවුරුදු 15න් පහළ, 17න් පහළ හා 19න් පහළ ලෙසයි.)

පසුගිය වර්ෂයේ දී පැවැත්වූ මෙම වයස්  කාණ්ඩයේ අවසන් තරගයේ දී ශුද්ධ වූ පවුලේ කන්‍යාරාම ක්‍රීඩිකාවෝ ලකුණු 31–23ක් ලෙස පහසුවෙන්ම තරගය ජයග්‍රහණය කළහ. නමුත් මෙවර ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ප්‍රෙස්බිටේරියන් ක්‍රීඩිකාවන් ඔවුන්ට තියුණු තරගයක් ලබාදීමෙන් අනතුරුව මෙම වයස් කාණ්ඩයේ ශූරතාවය ජයග්‍රහණය කිරීමට සමත් විය.

ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය සතුව සිටින දක්ෂ ක්‍රීඩිකාවක් වන එස්. එස්. සත්‍යා ඩෙංගු රෝගය වැළදී සුවවී විවේකීව පසුවන බැවින් මෙම තරගය සඳහා සහභාගි නොවීය.

නමුත් ජාතික යොවුන් දැල්පන්දු කණ්ඩායම නියෝජනය කළ රශ්මි දිව්‍යාංජලී පෙරේරා මෙම තරගය සඳහා ප්‍රෙස්බිටේරියන් බාලිකා පාසල වෙනුවෙන් සහභාගි විය.

මෙහි අවසන් පූර්ව වටවල දී ප්‍රෙස්බිටේරියන් බාලිකා පාසල ලකුණු 36–18ක් ලෙස ගාල්ල සේක්‍රඩ් හාර්ට් කන්‍යාරාමය පරාජය කළ අතර, විශාඛා විද්‍යාලය ලකුණු 31–37ක් ලෙස කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය හමුවේ පරාජයට පත් විය.

මෙහි තෙවන ස්ථානය ජයග්‍රහණය කිරීමට විශාඛා විද්‍යාලය සමත් වූයේ ලකුණු 41–22ක් ලෙස ගාල්ල සේක්‍රඩ් හාර්ට් කන්‍යාරාමය පරාජය කරමිනි.

තරග ප්‍රතිඵල

සුපිරි 16 දෙනාගේ වටය

  • දෙහිවල ප්‍රෙස්බිටේරියන් බාලිකා පාසලට නිතරග ජයක්
  • කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය 44 – 13 ආනන්ද මෛත්‍රී මධ්‍ය මහා විද්‍යාලය
  • මහනුවර හිල්වුඩි විද්‍යාලය 31 – 6 යාපනය හින්දු විද්‍යාලය
  • කුඩාකුසුම් බාලිකා විද්‍යාලය 13 – 39 ගාල්ල සේක්‍රඩ් හාර්ට් කන්‍යාරාමය
  • ව්ශාඛා විද්‍යාලය නිතරග ජයක්
  • මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයට නිතරග ජයක්
  • මහනුවර උසස් බාලිකා විද්‍යාලයට නිතරග ජයක්
  • කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය විසින් කොලොන්නාව බාලිකා විද්‍යාලය පරාජය කරන ලදි.

අර්ධ අවසන් පූර්ව තරග

  • දෙහිවල ප්‍රෙස්බිටේරියන් බාලිකා පාසල 40 – 30 කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලය
  • මහනුවර හිල්වුඩි විද්‍යාලය 33 – 42 ගාල්ල සේක්‍රඩ් හාර්ට් කන්‍යාරාමය
  • විශාඛා විද්‍යාලය 43 – 20 මහනුවර මහාමායා බාලිකා විද්‍යාලය
  • මහනුවර උසස් බාලිකා විද්‍යාලය 25 – 38 කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය

අවසන් පූර්ව තරග

  • දෙහිවල ප්‍රෙස්බිටේරියන් බාලිකා පාසල 36 – 18 ගාල්ල සේක්‍රඩ් හාර්ට් කන්‍යාරාමය
  • විශාඛා විද්‍යාලය 31 – 37 කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය

තෙවන ස්ථානය සඳහා වූ තරගය

  • විශාඛා විද්‍යාලය 41 – 22 ගාල්ල සේක්‍රඩ් හාර්ට් කන්‍යාරාමය

අවසන් මහා තරගය

  • දෙහිවල ප්‍රෙස්බිටේරියන් බාලිකා පාසල 33 – 32 කුරුණෑගල ශුද්ධ වූ පවුලේ කන්‍යාරාමය

>> තවත් පුවත් සඳහා පිවිසෙන්න – මුල් පිටුවට <<