ශූරතාවය පොළොන්නරුව ක්‍රීඩා සමාජයට

275

උතුරු මැද පළාත් හිටපු අමාත්‍ය පේෂල ජයරත්න මහතාගේ මඟ පෙන්වීම යටතේ පොළොන්නරුව පාපන්දු සංගමය විසින් සංවිධානය කරනු ලැබූ වාර්ෂික පාපන්දු තරගාවලිය පසුගිය 4 වැනිදා හා 5 වැනිදා පොළොන්නරුව ජාතික ක්‍රීඩාංගණයේ දී පැවැත්විය.

සුපර් සන් සහ ගුවන් හමුදා ක්‍රීඩා සමාජවලට ජයග්‍රහණ

2017 ‘Dialog’ ශූරයින්ගේ කුසලාන පාපන්දු තරගාවලියේ 10 වන සතියේ තරග ලෙස…

ප්‍රබල කණ්ඩායම් 9කගේ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම තරගාවලියේ අවසන් මහා තරගයේ දී පොළොන්නරුව ක්‍රීඩා සමාජය විසින් ගෝල 1-0ක් ලෙස නන්දිමිත්‍ර කණ්ඩායම පරාජය කරමින් ශූරතාවය ජයග්‍රහණය කළේය.

පිළිමළුන් පිටුදැකීමේ තරග වටය අවසන් වූ පසු කණ්ඩායම් 4ක් අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබාගන්නා ලදි.

පළමු අවසන් පූර්ව තරගයේ දී පොළොන්නරුව ක්‍රීඩා සමාජය ගෝල 1-0ක් ලෙස සමනල ක්‍රීඩා සමාජය පරාජය කළ අතර තරගයේ සම්පූර්ණ කාලය අවසානයේ දෙපිලටම එකඳු ගෝලයක් හෝ ලබා ගැනීමට නොහැකි විය. ඒ නිසාවෙන් දඬුවම් පහර අනුව තරගයේ තීරණය ලබා දෙන ලදි. එහි දී එක් දඬුවම් පහරක් සාර්ථක කර ගත් පොළොන්නරුව ක්‍රීඩා සමාජයට ජය හිමි විය.

දෙවන අවසන් පූර්ව තරගයේ දී ගෝල 4-0ක ජයක් ලබා ගැනීමට නන්දිමිත්‍ර කණ්ඩායමට හැකි වූයේ, පැරඩයිස් කණ්ඩායම පරාජය කරමිනි. තරගයේ 6 වන මිනිත්තුවේ දී රුවන් නන්දිමිත්‍ර කණ්ඩායම වෙනුවෙන් ගෝලයක් ලබා ගත් අතර සඳරු සමරක්කොඩි 21 වන හා 22වන මිනිත්තුවල දී වටිනා ගෝල දෙකක් ලබා ගත්තේ නන්දිමිත්‍ර කණ්ඩායමට වැඩි වාසියක් අත්පත්කර දෙමිනි. පැරඩයිස් කණ්ඩායමට මෙහි දී එකඳු ගෝලයක් හෝ ලබා ගැනීමට නොහැකි විය.

අවසන් මහා තරගය ඉතාමත් තියුණු තරගයක් වූ අතර, එහි පළමු අර්ධය නිමාවන තුරු කණ්ඩායම දෙකටම එකඳු ගෝලයක් හෝ ලබා ගැනීමට නොහැකි විය. තරගයේ 59 වන මිනිත්තුවේ දී මහේෂ් ලක්මාල් පොළොන්නරුව ක්‍රීඩා සමාජය වෙනුවෙන් ලබාගත් අලංකාරවත් ගෝලය නිසා ගෝල 1-0ක් ලෙස මෙම තරගය ජයග්‍රහණය කිරීමට පොළොන්නරුව ක්‍රීඩා සමාජයට හැකි විය.

තරගාවලියේ දක්ෂතම ගෝල රකින්නා ලෙස පොළොන්නරුව ක්‍රීඩා සමාජයේ ප්‍රේමරත්න  සම්මාන දිනා ගන්නා විට, හොඳම ඉදිරි පෙළ ක්‍රීඩකයා ලෙස නන්දිමිත්‍ර ක්‍රීඩා සමාජයේ ලක්ෂාන් සම්මාන දිනා ගන්නා ලදි.

ශූරතාවය ජයග්‍රහණය කළ පොළොන්නරුව ක්‍රීඩා සමාජයට මුදලින් රුපියල් 20,000ක් ද, අනුශූරතාවය ජයග්‍රහණය කළ නන්දිමිත්‍ර කණ්ඩායමට මුදලින් රුපියල් 15,000ක ත්‍යාගයක් ද හිමි විය.

 >> තවත් පාපන්දු පුවත් සඳහා පිවිසෙන්න – පාපන්දු ක්‍රීඩා පිටුවට <<