වෙහෙසකාරී සති 9ක පාසල් රග්බි ලීගයෙන් අනතුරුව සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ අවසන් සතියට අප සියලුදෙනා පැමිණ සිටිනවා. ඉදිරිපෙළ – පසුපෙළ සංයුතීන්, වේගවත් ක්‍රීඩා විලාශයන්, වෙනස් ආකාරයක තරග රටාවන් වගේම ජය – පැරදුම් පසුගිය සති 9ක තරග වලින් අපට දක්නට ලැබුනා.
උඩුයටිකුරු වූ පළඟ ශූරතාවයේ තෙවැනි සතිය
2019 සිංගර් අන්තර් පාසල් ලීග් රග්බි තරගාවලියේ පළඟ ශූරතාවයේ තෙවැනි සතිය ඉතා වෙනස් මුහුණුවරක් ගත්තා.
නමුත් පළඟ ශූරතාවයෙන් A කාණ්ඩයට දොරටු ඇරෙන්නේ කාටද? එහෙමත් නැත්තම් පළඟ ශූරතාවලියේ පළමු කණ්ඩායම් 4 කවුරුන් වෙයිද කියලා විශ්ලේෂණයක් කරන්න ThePapare.com අපි හිතුවා.
දැනට ක්‍රීඩා කරන ලද තරග වල ප්‍රතිඵල අනුව පළඟ ශූරතාවයේ ප්‍රසාද ලකුණු සටහන පහත දැක්වේ.

කිංග්ස්වුඩ් විද්‍යාලය

තමන්ගේ ඉදිරිපෙළ භාවිතයෙන් ඉහළ දක්ෂතා දැක්වූ කිංග්ස්වුඩ් ක්‍රීඩකයින් මේ වනවිට අපරාජිතව A කාණ්ඩයේ තම අසුන වෙන් කරගෙන සිටි. මෙම සති අන්තයේදී සාන්ත අන්තෝනි විද්‍යාලය සමඟ පැවැත්වීමට නියමිත තරගයෙන් කිංග්ස්වුඩ් විද්‍යාලය ජයග්‍රහණය කළහොත් පළඟ ශූරතාවය ඔවුන් සතුවනවා.
සාන්ත අන්තෝනි විද්‍යාලය

විද්‍යාර්ථ විද්‍යාලය

නමුත් මෙම සති අන්තයේදී පැවැත්වීමට නියමිත තරගය ඔවුන්ට ඉතා තියුණු තරගයක්. D.S සේනානායක විද්‍යාලයට එරෙහි මේ තරගය විද්‍යාර්ථයින් ජයගත හොත් ඔවුන්ගේ A කාණ්ඩයේ සිහිනය සැබෑ වන අතර එම තරගය පරාජය වුවහොත් ඔවුන්ට නැවතත් එළඹෙන වසරේ B කාණ්ඩයේ තරග කිරීමට සිදුවේ. නමුත් විද්‍යාර්ථ විද්‍යාලයේ පසුගිය සති කිහිපයේ පෙන්වූ තරග රටාවන් ගත් විට ඔවුන්ගේ දක්ෂතා ඉහළ මට්ටමක තිබේ. D. S. කණ්ඩායමේ අභියෝගය විද්‍යාර්ථයින් කෙසේ ජයගනියිද?
Video – ධර්මරාජයට ‘A’ කාණ්ඩයට එන්න පුළුවන්! – මනුක හියරපිටිය
ThePapare Clear MEN තරගයේ වීරයා ධර්මරාජ විද්‍යාලයේ මනුක හියරපිටිය ThePapare වෙත අදහස් දැක්වුයේ මෙසේයි.
D.S. සේනානායක විද්‍යාලය

D.S. සේනානායක විද්‍යාලයේ No 08 ක්‍රීඩක හසිඳු හේමසිරි ACL ආබාධයක් හේතුවෙන් කණ්ඩායමෙන් ඉවත්වීම ඔවුන්ට විශාල අවාසියක් වන්නේ දෙවැනි වටයේදී ඔවුන් මුහුණදුන් පාසල් ඉදිරිපෙළින් ක්‍රියාත්මක වීම හේතුවෙන්. නමුත් ඔවුන්ගේ දක්ෂතා හොඳ මට්ටමක තිබුනත් ඔවුන් පසුපස “අවාසනාව” හඹා යන්නේ කිසිවෙකු නොසිතූ ලෙසින්. පසුගිය සතියේ ධර්මරාජ විද්‍යාලයට එරෙහි තරගය එයට කදිම නිදසුනක්. තරගයේ 68 වැනි මිනිත්තුව තෙක් ලකුණු 13 – 07ක් ලෙස ඉදිරියෙන් සිටි D.S. සේනානායක විද්‍යාලය, අවසන් මිනිත්තුවේදී ධර්මරාජ ක්‍රීඩකයෙකු උත්සාහක දිනුමක් වාර්තා කිරීම නිසා පරාජය වීමට සිදුවුනා.
මෙම සති අන්තයේදී පැවැත්වෙන D. S. සේනානායක විද්‍යාලය සහ විද්‍යාර්ථ විද්‍යාලය අතර තරගය කණ්ඩායම් දෙකටම තීරණාත්මක තරගයක් වගේම ප්‍රේක්ෂකයින්ටත් තියුණු තරගයක් වනු නොඅනුමානයි.
ධර්මරාජ විද්‍යාලය

තරග 4ක් ක්‍රීඩා කර ඉන් තරග දෙකක් ජයගෙන, තරග දෙකක් පරාජය වී ඇති ධර්මරාජ විද්‍යාලය මේ සති අන්තයේදී ශ්‍රී සුමංගල විද්‍යාලයට එරෙහිව තරග කරන්නට සූදානමින් සිටි. ඉන් ධර්මරාජ විද්‍යාලය ජයගත හොත් ඔවුන්ට පළඟ ශූරතාවයෙන් A කාණ්ඩයට පැමිණීමට හැකි වේ. ධර්මරාජ විද්‍යාලය හා ශ්‍රී සුමංගල විද්‍යාලය අතර තරගය උණුසුම් මුහුණුවරක් ගත හැකි අතර ශ්‍රී සුමංගල විද්‍යාලයේ වත්මන් දක්ෂතා හා බලන විටදී මෙම තරගයේ ජයග්‍රහණය ධර්මරාජ විද්‍යාලය සතු වීමට වැඩි ඉඩකඩක් පවති.
සහිරා විද්‍යාලය

සහිරා ක්‍රීඩකයින්ට A කාණ්ඩයට සුදුසුකම් ලැබීමට නම් ඔවුන්ට පක්ෂපාතී ලෙස කාර්යයන් දෙකක් සිදුවිය යුතුයි. පළමුවැන්න ඔවුන් මේ සති අන්තයේදී තරග වදින මලියදේව විද්‍යාලයට එරෙහි තරගය අනිවාර්යයෙන්ම ජයගත යුතුය. දෙවැන්න ධර්මරාජ විද්‍යාලය හා ශ්‍රී සුමංගල විද්‍යාලය අතර තරගයෙන් ධර්මරාජ විද්‍යාලය පරාජය විය යුතුය. මේ කරුණු දෙකම ඒ ආකාරයෙන්ම වුවහොත් සහිරා විද්‍යාලයට නැවත A කාණ්ඩයට ක්‍රීඩා කළ හැක.
Video – අපි ලබන අවුරුද්දට අද ඉදන් සූදානම් වෙනවා! – විද්‍යා පුහුණුකරු
ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ රග්බි පුහුණුකරු දිශාන්ත ප්‍රියදර්ශන 2019 සිංගර් අන්තර් පාසල් රග්බි….
මේ සති අන්තයේ කුමක් වෙයිද? කවරෙකු ඉදිරියට ඒවිද? කවුරුන් පහත වැටෙයිද? දැනගන්න රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com සමඟම.
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<





















