2019 සිංගර් අන්තර් පාසල් රග්බි ලීග් තරගාවලියේ පලඟ ශූරතාවයේ තරග ජුනි මස 5 වැනිදා බදාදා සිට ආරම්භ වීමට නියමිතයි.
පලඟ ශූරතාවයේ තරග අප්‍රේල් මස 20 වැනිදා ආරම්භ වූ නමුත්, ශ්‍රී ලාංකිකයන් 250කට ආසන්න පිරිසක් මරුමුවට පත්කළ අප්‍රේල් 21 පාස්කු ඉරුදින ප්‍රහාරයත් සමඟින් ලීගය දින නියමයකින් තොරව කල්දැමීමට සංවිධායකයින් තීරණය කළේය. කෙසේ නමුත් මේ සතියේ දී යලිත් ලීගය ආරම්භ කිරීමට සංවිධායකයින් තීරණය කළේ ක්‍රීඩා, අධ්‍යාපන සහ ආරක්ෂක අමාත්‍යාංශ සමඟ පැවති සාකච්ඡාවලින් අනතුරුවයි.
දෙවන වටයේ තරග කාල සටහන නිකුත් වෙයි
පසුගිය අප්‍රේල් මස 21 වැනිදා සිදු වූ අවාසනාවන්ත සිදුවීමෙන් අනතුරුව දින නියමයක් නොමැතිව…….
ජුනි මස 5 වැනිදායින් ආරම්භ වීමට නියමිත පලඟ ශූරතාවය සඳහා වන තරග ක්‍රීඩාංගණ දෙකක් මූලික කරගනිමින් පැවැත්වීමට සංවිධායකයින් අපේක්ෂා කරයි. එහි දී කොළඹ ප්‍රදේශයේ පාසල් විසින් සත්කාරකත්වය දරණ තරග කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දීත්, මහනුවර ප්‍රදේශයේ පාසල්වල සත්කාරකත්වය යටතේ පැවැත්වෙන තරග මහනුවර බෝගම්බර පිටියේ දීත් ඒ අනුව පැවැත්වීමට නියමිතයි. තරග සියල්ලක්ම විශේෂ ආරක්ෂාව යටතේ පැවැත්වෙනු ඇත.
ඔලිම්පික් උළෙලට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවට අවස්ථාවක්?
2015 වසරේ ශ්‍රී ලංකා රග්බි සැලසුම් ප්‍රතිස්ථාපනය කළේ 2020 වසරේ ටෝකියෝහි පැවැත්වීමට……..
පළමු සතිය
| දිනය | වේලාව | සත්කාරක කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | ක්‍රීඩාංගණය |
| ජුනි | ප.ව. 4.00 | කිංග්ස්වුඩ් විදුහල | ශ්‍රී සුමංගල විදුහල | නිත්තවෙල |
| ජුනි 5 | ප.ව. 4.00 | මලියදේව විදුහල | D. S. සේනානායක විදුහල | බෝගම්බර |
| ජුනි 6 | ප.ව. 4.00 | විද්‍යාර්ථ විදුහල | සහිරා විදුහල | බෝගම්බර |
| ජුනි 7 | ප.ව. 4.00 | සාන්ත අන්තෝනි විදුහල | ධර්මරාජ විදුහල | බෝගම්බර |
දෙවන සතිය
| දිනය | වේලාව | සත්කාරක කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | ක්‍රීඩාංගණය |
| ජුනි 11 | ප.ව. 4.00 | D. S. සේනානායක විදුහල | කිංග්ස්වුඩ් විදුහල | සුගතදාස |
| ජුනි 12 | ප.ව. 4.00 | ශ්‍රී සුමංගල විදුහල | මලියදේව විදුහල | බෝගම්බර |
| ජුනි 13 | ප.ව. 4.00 | සාන්ත අන්තෝනි විදුහල | විද්‍යාර්ථ විදුහල | බෝගම්බර |
| ජුනි 14 | ප.ව. 4.00 | ධර්මරාජ විදුහල | සහිරා විදුහල | බෝගම්බර |
තෙවැනි සතිය
| දිනය | වේලාව | සත්කාරක කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | ක්‍රීඩාංගණය |
| ජුනි 18 | ප.ව. 4.00 | සහිරා විදුහල | කිංග්ස්වුඩ් විදුහල | සුගතදාස |
| ජුනි 19 | ප.ව. 4.00 | මලියදේව විදුහල | සාන්ත අන්තෝනි විදුහල | බෝගම්බර |
| ජුනි 20 | ප.ව. 4.00 | විද්‍යාර්ථ විදුහල | ශ්‍රී සුමංගල විදුහල | බෝගම්බර |
| ජුනි 21 | ප.ව. 4.00 | ධර්මරාජ විදුහල | D. S. සේනානායක විදුහල | බෝගම්බර |
හතරවැනි සතිය
| දිනය | වේලාව | සත්කාරක කණ්ඩායම | ප්‍රතිවාදී කණ්ඩායම | ක්‍රීඩාංගණය |
| ජුනි 25 | ප.ව. 4.00 | කිංග්ස්වුඩ් විදුහල | සාන්ත අන්තෝනි විදුහල | බෝගම්බර |
| ජුනි 26 | ප.ව. 4.00 | සහිරා විදුහල | මලියදේව විදුහල | සුගතදාස |
| ජුනි 27 | ප.ව. 4.00 | D. S. සේනානායක විදුහල | විද්‍යාර්ථ විදුහල | සුගතදාස |
| ජුනි 28 | ප.ව. 4.00 | ශ්‍රී සුමංගල විදුහල | ධර්මරාජ විදුහල | බෝගම්බර |
>> තවත් රග්බි පුවත් සඳහා පිවිසෙන්න – රග්බි පිටුවට <<





















