මෙරට මලල ක්‍රීඩා ඉතිහාසයේ බිහි වූ සාර්ථකම කඩුලු පැනීමේ ක්‍රීඩිකාව කවුදැයි සොයා බැලීමේ දී අදටත් එම ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිවන්නේ, මෙරට මලල ක්‍රීඩාව ස්වර්ණමය යුගයක් කරා රැගෙන ගිය ක්‍රීඩිකාවන් අතලොස්සෙන් අයෙකු වන ශ්‍රියානි කුලවංශ මහත්මියටයි. ලාංකිය මලල ක්‍රීඩාව වෙනත් මානයකට ගෙන ගිය ඇය අදටත් මලල ක්‍රීඩාවේ උන්නතිය වෙනුවෙන් කැපවී කටයුතු කරන්නීය.
Photo Story – දිගනෙන් බිහි වූ පුංචි සෙබළිය
පසුගිය දකුණු ආසියානු ක්‍රීඩා උළෙල නිමාවට පත්වූයේ මෙරට මලල ක්‍රීඩාවේ අනාගතය පිළිබඳව සුබ පෙරනිමිති පහල කරමිනි.
පසුගිය දා ඇයගේ දියණිය වන රනුති ෆොන්සේකා සිය මවගේම ඉසව්ව නියෝජනය කරමින් මලල ක්‍රීඩාවට අවතීර්ණ වීමත් සමඟ “කුලවංශ” නාමය මලල ක්‍රීඩා පිටිය මත ප්‍රතිස්ථාපනය කරන්නට වැඩි කල් ගත නොවනු ඇතැයි යන හැඟීම මලල ක්‍රීඩාවට ළෙන්ගතු හදවත් තුල ජනිතවන්නට ඇති.
මෙවර Photo Story ලිපිය වෙන් වන්නේ ශ්‍රියානි කුලවංශ නම් ශ්‍රේෂ්ඨ ක්‍රීඩිකාවගේ ක්‍රීඩා දිවිය ගැන සහ ඇගේ දියණියගේ මලල ක්‍රීඩා දිවියේ ආගමනය සිදු වූ “Junior John Tarbet” මලල ක්‍රීඩා තරගාවලියේ දී ThePapre.com කැමරා කාචයේ සටහන් වූ සේයා රූ වෙනුවෙනි.
1. ක්‍රීඩා දිවිය වෙනස් කරන ඉසව්ව තෝරාගැනීම

1989 දී වසරේ මලල ක්‍රීඩිකාවට හිමි සම්මානය දිනා ගත් ඇය එම වසරේම දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ උස පැනීම ඉසව්ව නියෝජනය කිරීමට වරම් දිනා ගත් නමුත් එම ඉසව්ව එවර දකුණු ආසියානු ක්‍රීඩා උළෙලෙන් අවලංගු කිරීමත් සමඟ ඇයට එම අවස්ථාව අහිමිව යන ලදි. සිය ප්‍රධාන ඉසව්ව ලෙස කඩුලු පැනීමේ ඉසව්ව තෝරා ගන්නේ එම සිදුවීමෙන් අනතුරුවයි.
2. සිහිනයක් යථාර්ථයක් කර ගැනීම
ජාතික තලයට අවතීර්ණ වී කෙටි කලක් තුල දී එනම්, වයස අවුරුදු 22ක් වන විට මලල ක්‍රීඩකයන්ගේ ප්‍රධානතම සිහිනයක් වන ඔලිම්පික් සිහිනය යථාර්ථයක් කරගන්නට ඇය සමත් වන්නේ 1992 වසරේ පැවති ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුදුසුකම් ලබා ගැනීමත් සමඟිනි.
3. රිදියෙන් රන් දිනා ආසියාවේ ශූරිය වීම
1993 වසරේ පැවති ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ,100m කඩුලු පැනීම ඉසව්ව නියෝජනය කරමින් රිදී පදක්කමක් ජයග්‍රහණය කරනා ඇය, ඉන් වසර දෙකකට පසුව (1995) පැවති එම තරගාවලියේ එම ඉසව්වෙන්ම රන් පදක්කමක් ජයග්‍රහණය කරන්නේ ආසියානු ශූරිය ලෙස ද අභිෂේක ලබමිනි.
4. ක්‍රීඩා දිවියේ සුවිශේෂීම ජයග්‍රහණය සැමරීම

5. අනාගතයට ඉඩ දෙමින් ක්‍රීඩා දිවියට සමුදීම

6. පුංචි කුලවංශගේ ආගමනය

7. ඉතා සාර්ථක තරග රටාවක් පෙන්නුම් කිරීම.

8. අතීතය හා වර්තමානය අතර ප්‍රේක්ෂකයා අතරමං වීම

9. ස්වර්ණමය දිවියකට පදක්කමකින් ආශීර්වාදය
තරගකාරී කරට කර තරගයකින් පසුව ඇය තම ජයග්‍රාහී පදක්කම ලබා ගන්නේ මෙරට බිහි වූ විශිෂ්ටතම මලල ක්‍රීඩිකාවක් වූ ඇයගේ මව අතින්ම වීම ඇයට ඉතාමත් සුවිශේෂි වන්නට ඇති. බොහෝ මලල ක්‍රීඩිකාවන්ගේ වීරවරිය වූ තම මවගේ දෑතින්ම පදක්කම ගෙල පලඳවා ගැනීමට තරම් ඇය වාසනාවන්ත වූයේ උතුරා යන මව් සෙනෙහසත්, ජාතික මලල ක්‍රීඩාව විජයග්‍රහණය කළ ක්රීඩිකාවගේත් යන දෙදෙනෙකුගේ ආශීර්වාදය සමඟිනි.
10. නව ඇරඹුමකට සුබ පෙරනිමිති.
ශ්‍රියානි කුලවංශ මහත්මිය සිය දියණිය සිප ගනිමින් ඉතා සිනාමුසු මුහුණින් දියණිය සමඟ සතුට බෙදාගන්නේ තවත් කුලවංශ යුගයක ආරම්භය පිළිබඳව ඉඟියක් ලබා දෙමින් නොවේ ද?
තම මෑණියන්ගේ අඩිපාරේ යමින් ලාංකික මලල ක්‍රීඩා නාමය ජාත්‍යන්තරයේ රැඳවීමට රනුති කැපවීමෙන් කටයුතු කරනු ඇත. ඇගේ ඉදිරි ක්‍රීඩා දිවියට ThePapare.com අප මෙසේ සුබ පැතුම් එක්කරන්නෙමු.
තවත් Photo Story ලිපියක් සමඟින් හමුවෙමු. රැඳී සිටින්න Thepapare.com සමඟින්.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<


























