ලෝක කුසලානයට පෙර RAMIZ RAJAගෙන් ගිනි ඇවිළෙන ප්‍රකාශයක්!

විස්සයි විස්ස ලෝක කුසලානය 2021

3595

2021 විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව සමඟ පැවැත්වෙන තරගය යම් හෙයකින් තම කණ්ඩායම ජයගතහොත් අවම වශයෙන් තරග ජයග්‍රහණයට හිමි විය මුදල් චෙක්පතවත් ලැබෙනු ඇතැයි සැකයක් පවතින බව හිටපු පාකිස්තාන ක්‍රීඩක, වත්මන් පාකිස්තාන ක්‍රිකට් ආයතන සභාපති Ramiz Raja ඊයේ (07) දිනයේ මාධ්‍ය හමුවක් අතරතුර සඳහන් කර තිබෙනවා.

පාකිස්තාන කණ්ඩායම හට මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන ගමන් මඟෙහි හිමි වී ඇති පළමු අභියෝගය වන්නේ ප්‍රබල ඉන්දීය කණ්ඩායමට එරෙහිව ඔක්තෝබර් 24 වැනිදා ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී දියත් කිරීමට නියමිත තරගය ජයග්‍රාහී සටහනකින් ආරම්භ කිරීමයි.

අන්තර් පළාත් සම්බන්ධීකරණ වැඩබලන සෙනෙට් කමිටුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් සඳහා සහභාගී වෙමින් Ramiz Raja මහතා අවධාරණය කොට තිබුණේ තමන් මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීමට සාධාරණ හේතු කාරණා රැසක් පවතින බවයි.

“PCBයේ වැඩකටයුතුවලින් 50%ක්ම වගේ ක්‍රියාත්මක වෙන්නේ අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය මඟින් ලබා දෙන අරමුදල් ප්‍රමාණය මත. ICCයට ලැබෙන අරමුදල්වලින් 90%කටම දායක වෙන්නේ ඉන්දියාව.”

කොයි මොහොතක දී හරි ඉන්දියාව ICCයට අරමුදල් ලබාදෙන එක නතර කළොත් ඒක සෘජුවම පාකිස්තාන ක්‍රිකට්වලට බලපානවා. මොකද තවමත් පාකිස්තාන ක්‍රිකට් ආයතනයෙන් ICCයට කිසිම ආදායමක් උපයලා දෙන්නේ නැහැ. මේක නිසා මගේ ප්‍රධානම අරමුණ තමයි පාකිස්තානයේ ක්‍රිකට් ක්‍රීඩාව කාගෙන්වත් යැපෙන්නේ නැති ශක්තිමත් තැනකට රැගෙන එන්න එක.”

ආරක්ෂක හේතූන් මත පදනම්ව යැයි පවසමින් පාකිස්තාන තරග සංචාරය අතරමැද නතර කර දමමින් අවලංගු කිරීමට නවසීලන්ත ක්‍රිකට් ආයතනය විසින් ගත් තීරණය සම්බන්ධයෙන් Ramiz Raja මහතා මෙහි දී යලි මතක් කර දුන්නේ ඉන්දියාව මෙන් මූල්‍ය ශක්‍යතාවක් තමන් සතු වූයේ නම් කිසිම අවස්ථාවක දී මෙවැනි හදිසි තීරණ ගැනීමට බොහෝ රටවල් උත්සාහ නොකරනු ඇති බවයි.

අපේ ක්‍රිකට් ආයතනය මූල්‍යමය අතින් ඉහළ තැනක හිටියා නම් එංගලන්තය, නවසීලන්තය වගේ කණ්ඩායම් අපිව පාවිච්චි කරලා කුණු කූඩයට දාන එකක් නැහැ. ලෝකයේ හොඳම ක්‍රිකට් කණ්ඩායම කියන්නෙයි, ලෝකයේ හොඳම ක්‍රිකට් ආර්ථිකය කියන්නෙයි ඇත්තටම දැනට තියෙන ලොකුම අභියෝග දෙකක්.”

ICC ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය මේ මස 17 වැනිදා සිට නොවැම්බර් 14 වැනිදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ඕමානය කේන්ද්‍රකර ගනිමින් පැවැත්වීමට අවශ්‍ය කටයුතු සියල්ලක්ම මේ වන විට සූදානමින් වෙමින් පවතී.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<