16 වැනි යොවුන් ලෝක කුසලාන තරගාවලිය ඊයේ (15) ආරම්භ වූ අතර එහි දී පැවැති තරග ත්‍රිත්වයෙන් ඉන්දීය වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ සහ බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ ක්‍රීඩකයෝ ජයග්‍රහණ වාර්තා කළා.
මේ අතර සිම්බාබ්වේ දී පැවැත්වීමට නියමිත ව තිබූ සිම්බාබ්වේ සහ ස්කොට්ලන්තය අතර තරගය වර්ෂාව හේතුවෙන් එකඳු පන්දුවක් නොයවා අතහැර දැමීමට සංවිධායකයන්ට සිදු වූවා.
1 වැනි තරගය, Group B ඇමරිකාව සහ ඉන්දියාව අතර
Bulawayo හි Queens ක්‍රීඩා සමාජ පිටියේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ ඉන්දීය ක්‍රීඩකයන්ගේ ආරාධනාව අනුව පළමුවෙන් පන්දුවට පහර දුන් ඇමරිකා ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 107ක් පමණයි.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ මැද පෙළින් පිටියට පිවිසි Nitish Sudini. ඔහු පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා. ඊට අමතර ව Adnit Jhamb පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 41ක් ද, Sahil Garg සහ Arjun Mahesh ලකුණු 16 බැගින් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී දකුණතින් මඳ වේග පන්දු යැවූ Henil Patel ලකුණු 16කට කඩුලු 5ක් දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය ක්‍රීඩකයන්ගේ ඉනිම ආරම්භ කිරීමට මත්තෙන් ඇද හැළුණ වර්ෂාව හේතුවෙන් තරගයේ ආරම්භය ප්‍රමාද වෙනවා. ඉන් අනතුරුව තරගය ආරම්භ වී පන්දුවාර 4ක් යැවුණ තැන නැවත අඳුරු ආලෝක තත්ත්වය මත තරගය නතර කෙරෙනවා. ඒ වෙද්දී ඉන්දීය ක්‍රීඩකයෝ කඩුල්ලක් දැවී ලකුණු 21ක් ලබා සිටියා.
නැවත තරගය ආරම්භ වෙන්නේ පන්දුවාර 37ක තරගයක් ලෙසයි. ඒ අනුව තරගයේ විසඳුම ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත ලකුණු 96කට සීමා වුණා.
ඉන්දීය ක්‍රීඩකයෝ එම ඉලක්කය සපුරා ගන්නේ පන්දුවාර 17.2ක් අවසානයේ කඩුලු 4ක් පමණක් අහිමි කර ගනිමිනි. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූ Abhigyan Kundu පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 42ක් ලබා ගත්තා.
ඊට අමතර ව නායක Ayush Mhatre ලකුණු 19ක් ද සහ Vihaan Malhotra ලකුණු 18ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී Ritvik Appidi ලකුණු 24කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ඇමරිකා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 107 (35.2) Nitish Sudini 36, Henil Patel 5/16
- ඉන්දියාව වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 4ක් දැවී 99 (17.2) Abhigyan Kundu නොදැවී 42, Ritvik Appidi 2/24
ඉන්දීය වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට ඩක්වර්ත් ලුවිස් න්‍යාය මත කඩුලු 6ක ජයක්.
- තරගයේ
වීරයා – Abhigyan Kundu (ඉන්දියාව)
- ඉන්දියාව පෙරටු කරගෙන එන B කාණ්ඩය
- LPL 2026 සඳහා ක්‍රීඩක වෙන්දේසියක් නැහැ!
- බංගලි ටෙස්ට් නායක Shanto තම සහෝදර ක්‍රීඩකයින් වෙනුවෙන් පෙරට එයි!
- T20 ලෝක කුසලානය වෙනුවෙන් SSC ක්‍රීඩාංගණය නවීකරණය වෙයි
- කෝඩුකාර ටැන්සානියාව එක් ව තරගාවලියට එන D කාණ්ඩය
3 වැනි තරගය, Group D, ටැන්සානියාව සහ බටහිර ඉන්දීය කොදෙව් අතර
Windhoek හි High Performance Oval ක්‍රීඩාංගණයේ දී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් බටහිර ඉන්දීය කොදෙව් නායකයාගේ ආරාධනාව මත පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසි ටැන්සානියානු ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 122ක් පමණයි. මෙම තරගය ඔවුන් සියලුම දෙනාගේ මංගල යොවුන් එක්දින තරගය වීම විශේෂත්වයක්.
කෙසේ වෙතත් එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වීමට ආරම්භක පිතිකරු Dylan Thakrar සමත් වුණා. ඔහු පන්දු 38කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සමඟින් ලකුණු 26ක් ලබා ගත්තා. ඊට අමතර ව Darpan Jobanputra පන්දු 46කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සමඟින් ලකුණු 19ක් ලබා ගත් අතර ඔවුන් දෙදෙනා එක් ව 1 වැනි කඩුල්ලට ලකුණු 53ක සබඳතාවක් ද එක් කරනවා.
කඩුලු දවා ගැනීමේ දී Vitel Lawes ලකුණු 23කට කඩුලු 3ක් ද, Micah McKenzie සහ Shaquan Belle කඩුලු 2ක් බැගින් ද දවා ගත්තා.
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි බටහිර ඉන්දීය කොදෙව් ක්‍රීඩකයෝ තමන්ගේ ඉනිමේ තවත් පන්දුවාර 29ක් ඉතිරි කරගනිමින් කඩුලු 5ක් පමණක් දැවී අදාළ ඉලක්කය සපුරා ගන්නවා.
එහි දී ආරම්භක පිතිකරු Tanez Francis පන්දු 55කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 52ක් ලබා ගනිමින් ඉනිමේ වැඩිම ලකුණුලාභියා බවට පත් මෙන් ම මෙවර තරගාවලියේ මංගල අර්ධ ශතකලාභියා බවට ද පත් වුණා. ඊට අමතර ව Jewel Andrew පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 44ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට පන්දු 79ක දී ලකුණු 80ක සබඳතාවක් ගොඩ නගමින් බටහිර ඉන්දීය කොදෙව් ජයග්‍රහණයට අඩිතාලම දමනවා.
කඩුලු දවා ගැනීමේ දී Augustino Mwamele සහ Raymond Francis කඩුලු ද්විත්වය බැගින් දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- ටැන්සානියා වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – සියලුම දෙනා දැවී 122 (34.0) Dylan Thakrar 26, Shaquan Belle 2/23, Vitel Lawes 3/23, Micah McKenzie 2/15
- බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායම – කඩුලු 5ක් දැවී 124 (21.0) Tanez Francis 52, Jewel Andrew 44, Augustino Mwamele 2/17, Raymond Francis 2/23
බටහිර ඉන්දීය කොදෙව් වයස අවුරුදු 19න් පහළ කණ්ඩායමට කඩුලු 5ක ජයක්.
- තරගයේ වීරයා – Shaquan Belle (බටහිර ඉන්දීය කොදෙව්)
2026 වයස අවුරුදු 19න් පහළ යොවුන් ක්‍රිකට් ලෝක කුසලානයේ උණුසුම් පුවත් දැන ගැනීමට රැඳී සිටින්න ThePapare.com සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















