ශ්‍රී ලංකාව වෙනුවෙන් වයස අවුරුදු 18න් පහළ යොවුන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිව්දෙනෙක් ආර්ජෙන්ටිනාවේ පැවැත්වෙන යොවුන් ඔලිම්පික් උළෙල සඳහා සුදුසුකම් ලබා ගැනීමට සමත් විය. ඔවුන් මේ දක්ෂතාව දැක්වීමට සමත් වූයේ පසුගිය ජුලි 4 හා 5 වනදා තායිලන්තයේ බැංකොක් හි පැවති යොවුන් ඔලිම්පික් උළෙලේ ආසියානු තේරීම් තරගාවලියේ දී ය.
18න් පහළ ක්‍රීඩකයින් යොවුන් ඔලිම්පික් සුදුසුකම් ලැබීමේ තරගාවලියට
ක්‍රීඩක ක්‍රීඩිකාවන් සත් දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොවුන් ඔලිම්පික් උළෙලේ ..
බාධක දිවීමේ ක්‍රීඩිකා පාරමී වසන්ති, මීටර 400 ධාවක දිලාන් බෝගොඩ, උස පැනීමේ ක්‍රීඩක සෙනිරු අමරසිංහ හා මීටර 200 ධාවක ශෙලින්ඩා ජැන්සන් මෙලෙස යොවුන් ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් හිමි කරගන්නා ලදී.
පාරමී ලෝකයෙන්ම පළමු ස්ථානය දිනා ගනී
කුලියාපිටිය මාධ්‍ය මහා විද්‍යාලයෙන් ධාවන පථයට පිවිසුණු බාධක දිවීමේ ක්‍රීඩිකා පාරමී වසන්ති නිමා වූ ආසියානු කනිෂ්ඨ මලල ක්‍රීඩා තරගාවලියේ දී එම ඉසව්වේ රන් පදක්කම දිනා ගත් අතර ඒ මතකය ද සමඟින් යොවුන් ඔලිම්පික් තේරීම් තරග සඳහා තායිලන්තයට ගිය ඇය එහි දී ද මීටර 2000 බාධක දිවීමේ ඉසව්වේ රන් පදක්කම තමන් සතුකර ගැනීමට සමත් විය. ජාතික කනිෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ඇය පිහිට වූ 6:59.63ක් සිය හොඳම පෞද්ගලික කාලය තවත් තත්පර 23ක් පහලට ගෙන එමින් 6:35.20ක නව පෞද්ගලික දක්ෂතාවයක් ඇය තේරීම් තරගවල දී පෙන්වීමට සමත් විය.
ඒ අනුව ඇය ප්‍රංශයේ Claire Palou (6:35.80) පසු කරමින් මේ වන විට වයස අවුරුදු 18න් පහළ ක්‍රීඩිකාවකගේ හොඳම කාලය වාර්තා කළේ එම ඉසව්වේ ලොව දක්ෂතමයා බවට පත් වෙමිනි.
දිලාන් ආසියාවේ පළමුවැනියා බවට පත්වේ

සෙනිරු සිය ඉහළම පෞද්ගලික දක්ෂතාවය වාර්තා කරයි

යොවුන් කෙටි දුර රැජිනත් ආර්ජෙන්ටිනාවට

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<



























