පාලිත බණ්ඩාර ලෝකඩ පදක්කමක් වෙත!

World Para Athletic Championship 2024

50

ජපානයේ Kobe හිදි පැවැත්වෙන ලෝක පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ දී ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කිරීමට පාලිත බණ්ඩාරට අද (25) හැකියාව ලැබුණා. 

පිරිමි F63 යගුළිය විසිකිරීම ඉසව්ව නියෝජනය කළ පාලිත විසින් අද සවස මෙම ඉසව්වේ අවසන් මහා තරගයට සහභාගී වූ අතර, එහි දී ඔහු සිය සිව් වැනි උත්සාහය වෙනුවෙන් මීටර් 14.27ක දුරක් යගුළිය විසි කරමින් සිය පෞද්ගලික හොඳම දක්ෂතාව දැක්වීමට සමත් වුනා. 

ඔහුගේ එම දක්ෂතාව ඉසව්වේ ලෝකඩ පදක්කම දිනා දීමට ප්‍රමාණවත් වූ අතර, එහි රන් පදක්කම මහා බ්‍රිතාන්‍යයටත්, රිදී පදක්කම කුවේට් දේශයටත් හිමි වුනා. 

මේත් සමඟම රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් සමඟින් ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ පදක්කම් සටහනේ 49 වැනි ස්ථානයට පත් වීමට සමත් වී තිබෙනවා. 

තරගාවලියේ ශ්‍රී ලාංකික දක්ෂතා පිළිබඳ ව උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න <<