පාකිස්තානයේ පැවැත්වෙන තුන්කොන් විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ සත්කාරක පාකිස්තාන ක්‍රීඩකයෝ තෙවැනි ජයග්‍රහණයත් වාර්තා කිරීමට (23) සමත් වෙනවා. ඒ සිම්බාබ්වේ සමඟ Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැති තරගයෙන් ලකුණු 69ක ජයග්‍රහණයක් ලබා ගනිමිනුයි.
මෙම තරගයේ දී පාකිස්තාන කණ්ඩායමේ 27 වැනි වියේ පසුවෙන දකුණතින් පිට දඟ පන්දු යවන Usman Tariq කඩුලු ත්‍රිත්වයක් වාර්තා කිරීම කැපී පෙණුනා. ඔහුගේ ගොදුරු බවට පත් වූයේ Tony Munyonga, Tashinga Musekiwa සහ Wellington Masakadza.
කාසියේ වාසිය ලබා ගත් පාකිස්තාන ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දීමට පිටියට පිවිසෙමින් කඩුලු 5ක් දැවී ලකුණු 195ක් ලබා ගන්නවා. එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වූයේ Babar Azam. ඔහු පන්දු 52කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 74ක් ලබා ගන්නවා.
ඔහු සහ ආරම්භක පිතිකරු Sahibzada Farhan අතර 2 වැනි කඩුල්ලට පාකිස්තාන ඉනිමට එක් වූ ලකුණු සබඳතාව 103ක්. එහි දී Sahibzada Farhan පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 63ක් ලබා ගන්නවා. ඊට අමතර ව පාකිස්තාන ඉනිම අවසන් වන විට Fakhar Zaman පන්දු 10කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 27ක් ලබා සිටියා.
කඩුලු දවා ගැනීමේ දී Sikandar Raza ලකුණු 39කට කඩුලු 2ක් දවා ගත් අතර, ඊට අමතර ව Richard Ngarava සහ Brad Evans කඩුල්ල බැගින් දවා ගන්නවා.
- ශ්‍රී ලංකාවට තවත් දරුණු පරාජයක්
- දියාරු පිතිකරණය නිසා ශ්‍රී ලංකාව දරුණු පරාජයක්!
- පාකිස්තානයෙන් ජයග්‍රාහී ආරම්භයක්
- දසුන්, Salman සහ Raza ගේ තුන්කොන් අභියෝගය
- පාකිස්තානයට යන ශ්‍රී ලංකා එක්දින සහ T20 සංචිත නම් කරයි
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි සිම්බාබ්වේ කණ්ඩායමේ පළමු කඩුලු ත්‍රිත්වය ලකුණු 25ක් වෙද්දී දැවී ගිය ද එම කඩුලු තත්ත්වයේ සිටිය දී ම පළමු Power Play අවස්ථාවේ දී ලකුණු 43ක් ලබා ගැනීමට ඔවුන් සමත් වෙනවා.
ඊට පෙරමුණ ගන්නේ නායක Sikandar Raza සහ Ryan Burl. Sikandar Raza සිව් වැනි කඩුල්ල ලෙසින් පන්දු 18ක දී හතරේ පහර 2ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 23කට දැවී ගිය පසුව ඉනිමේ තනිබර කරට ගැනිමට Ryan Burl ට සිදු වෙනවා.
එතැන් සිට පිටියට පිවිසි කිසිදු පිතිකරුවෙක්ට ඉලක්කම් 2 ලකුණු සංඛ්‍යාවක් කරා පැමිණීමට නොහැකි වූ අතර සිම්බාබ්මේ ඉනිම 19 වැනි පන්දුවාරයේ දී ලකුණු 126කට සීමා වෙද්දී Ryan Burl පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 8ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 67ක් ලබා සිටියා.
එය ඔහුගේ තරග 111ක් වන විස්සයි විස්ස ජාත්‍යන්තර පිටියේ හොඳම ඉනිම බවට ද පත් වුණා.
කඩුලු දවා ගැනීමේ දී තම 2 වැනි විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ Usman Tariq ලකුණු 18කට කඩුලු 4ක් දවා ගනිමින් සිම්බාබ්වේ ඉනිම වනසා දැමුවා. ඊට අමතර ව Mohammad Nawaz කඩුලු 2ක් ද, Mohammad Wasim, Faheem Ashraf සහ Naseem Shah කඩුල්ල බැගින් ද දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
පාකිස්තානය – කඩුලු 5ක් දැවී 195 (20.0) Sahibzada Farhan 63, Babar Azam 74, Fakhar Zaman නොදැවී 27, Sikandar Raza 2/39
සිම්බාබ්වේ – සියලුම දෙනා දැවී 126 (19.0) Sikandar Raza 23, Ryan Burl නොදැවී 67, Mohammad Nawaz 2/21, Usman Tariq 4/18
පාකිස්තාන කණ්ඩායමට ලකුණු 69ක ජයක්.
- තරගයේ වීරයා – Usman Tariq (පාකිස්තානය)
පාකිස්තාන තුන්කොන් තරගාවලියේ මීළඟ තරගය ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර නොවැම්බර් 25 වැනිදා Rawalpindi ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ම පැවැත්වීමට නියමිතයි.
මෙම තුන්කොන් තරගාවලියේ සජීවි දසුන් Dialog Television හී නාලිකා අංක 62 සහ අංක 126 සුසුර කර ගැනීමෙන් ThePapare TV HD 1 මෙන්ම, ThePapare.com සහ Dialog ViU App ඔස්සේ ද නැරඹීමට ඔබට පහසුකම් සපයා තිබෙනවා.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















