කුසල්ට තහනමක් නෑ?

534
Kusal Perera

ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රවේගකාරී පිතිකරු කුසල් ජනිත් පෙරේරාට වසර හතරක තරග තහනමක් පනවා ඇති බවට ක්‍රීඩා අමාත්‍යවරයා කරන ලද ප්‍රකාශය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ප්‍රතික්ෂේප කරනවා.

එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ තවමත් ඒ පිළිබඳව තීරණයක් ගෙන නොමැත බවත් පරීක්ෂණ කටයුතු තවමත් සිදුකෙරගෙන යන බවත්ය.

ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා ඊයේ  ප්‍රකාශ කළේ කුසල්ට වසර හතරක තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර ඇති බවයි.

කෙසේ වෙතත් මීට ප්‍රථම අදහස් දක්වමින් අාමාත්‍යවරයා කියා සිටියේ කෙසේ හො තමන් කුසල්ගේ නිරවද්‍යතාව සනාථ කරන බවත් ඒ් සඳහා පවත්වන සත්‍යතාව පරීක්ෂා කරන පරීක්ෂනයක් එලෙඹන මැයි මාසයේදි පැවැත්වෙන බවත් ය.

ඒ අනුව ඔහුට පනවා ඇති තහනම ඉවත්කර ගැනීම සඳහා හෝ ඔහුගේ කාල සීමාව අඩු කර ගැනීම සඳහා කටයුතු කරන බව දයාසිරි ජයසේකර මහතා ‘අද’ ට පැවැසීය.

කුසල් පිළිබඳව කරනු ලැබූ හිසකෙස් පරීක්ෂාවෙන් මෙන්ම ඉදිරියට කරනු ලබන සත්‍ය පරීක්ෂණයෙන් පසුව කුසල්ට වසර හතරක තහනමක් පනවනවාද තැත්ද යන්න පිළිබඳව අවසන් තීරණයක් ලැබෙනු ඇති බව ඔහු සඳහන් කළේය.

කෙසේ වෙතත් සිය අදහස වැරදි ආකාරයකට ප්‍රචාරය වී ඇති බවද ඔහු පැවැසීය.