හතළිස් හතර වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු ඉසව්ව වශයෙන් පැවති රට හරහා දිවීමේ තරගාවලිය නුවරඑළියේ දී ඊයේ (18) පැවැත්විය. එහි දී පිරිමි අංශයේ ප්‍රථම ස්‌ථානය සමන්ත පුෂ්පකුමාර (33:22.44) විසින් දිනා ගත් අතර කාන්තා අංශයේ ප්‍රථම ස්ථානය නිලානි රත්නායක (39:33.29) විසින් දිනා ගන්නා ලදි. නමුත් එහි රන් පදක්කම් හිමි වූයේ එස්. චන්ද්‍රදාසන් හා නිමේෂා මධුෂානි නන්දසේන හටයි.
ජාතික රට හරහා දිවීමේ තරගාවලිය පෙබරවාරියේ දී
44 වැනි වරටත් පැවැත්වෙන ජාතික රට හරහා දිවීමේ තරගාවලිය ලබන මස 18 වැනිදා..
මෙවර රට හරහා දිවීමේ තරගාවලියේ විශේෂිතම සිදුවීම වූයේ කිලෝමීටර 10ක් දුරති මෙම රට හරහා දිවීමේ තරගාවලියේ සැබෑ ජයග්‍රාහකයන් වූ සමන්ත පුෂ්පකුමාර හා නිලානි රත්නායක දෙදෙනා ලබන මාර්තු මාසයේ දී පැවැත්වෙන ආසියානු රට හරහා දිවීමේ තරගාවලි දෙකකට නිර්දේශ වීමයි.

කෙසේ නමුත් සමන්ත විසින් සෙසු තරගකරුවන්ට වඩා පැහැදිලි ඉදිරියක් තබා ගනිමින් මිනිත්තු 33:22.44ක කාලයක් වාර්තා කරමින් බස්නාහිර පළාතට ජය ලබා දුන් අතර එම දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් මධ්‍යම පළාතේ එස්. චන්ද්‍රදාසන්ට (මී. 33:34.74) සහ ලයනල් සමරජීවට (මී. 33:31.20) හිමි විය.

තරගය කලින්ම අවසන් කළ නමුත් සමන්ත පුෂ්පකුමාරට සහ නිලානි රත්නායකට රන් පදක්කම් අහිමි වූයේ ඔවුන් දෙදෙනා තරගාවලියේ නිල ප්‍රතිඵල ලේඛනයට ඇතුළත් කර ගැනීම සම්බන්ධයෙන් එල්ල වූ විරෝධතාවය නිසාවෙනි.

කෙසේ වුවත් පුෂ්පකුමාර හා නිලානි රත්නායකගේ අභියාචනා පිළිබඳව තවදුරටත් සලකා බැලූ තරග කමිටුව ඔවුන්ට කොන්දේසි මත තරග වැදීමට අවස්ථාව ලබා දුන් බව ක්‍රීඩා නියෝජ්‍ය අධ්‍යක්ෂ අයි. පී. විජේරත්න මහතා පැවසීය. ඒ ඔවුන්ගේ ස්ථාන නිල ප්‍රතිඵල ලේඛනයට ඇතුළත් කර නොගන්නා කොන්දේසිය මතය.

රට හරහා දිවීමේ (පිරිමි) තරගයේ නිල ප්‍රතිඵල
- එස්. චන්ද්‍රදාසන් (මධ්‍යම – විනාඩි 33 තත්පර 25)
- ලයනල් සමරජීව (මධ්‍යම – 33.31)
- එරන්ද තෙන්නකෝන් (ඌව – 33.33)
- සමන් කුමාර (ඌව – 34.05)
- ජී. පී. ඒ. ජේ. කේ. බණ්ඩාර (මධ්‍යම – 34.17)
- ආර්. එම්. එන්. ඒ. බණ්ඩාර (මධ්‍යම – 37.24)
- ආර්. ඒ. පී. ජී. අරුණසිරි (උතුරු මැද – 37.24)
- එන්. ජී. ඒ. බණ්ඩාර (මධ්‍යම – 34.29)
- එස්. එච්. ඒ. එල්. සිරිමාන්න (බස්නාහිර – 34.29)
- ඩී. ජී. ජගත් විජේනායක (මධ්‍යම – 34.50)
රට හරහා දිවීමේ (කාන්තා) තරගයේ නිල ප්‍රතිඵල
- නිමේෂා මධුෂානි නන්දසේන (නැගෙනහිර – විනාඩි 39 තත්පර 49)
- ශ්‍යාමලී අනුෂා ළමාහේවගේ (ඌව – 40.19)
- වී. ජී. එල්. අනුරාධි (මධ්‍යම – 40.19)
- තිලාන් ආරියදාස (සබරගමුව – 41.29)
- මධුමාලි පෙරේරා (බස්නාහිර – 41.59)
- වේලු ක්‍රිෂාන්තිනි (මධ්‍යම – 42.13)
- කුමාරි ප්‍රනාන්දු (බස්නාහිර – 42.49)
- රත්නමාලි අමරසිංහ (ඌව – 42.58)
- ජේ. එස්. එන්. බණ්ඩාර (සබරගමුව – 43.14)
- ඩබ්. ඒ. එන්. එච්. වික්‍රමසිංහ (මධ්‍යම-43.26)
මෙවර කාන්තා රන් පදක්කම දිනා ගත් නිමේෂා මධුෂානි නන්දසේන නැගෙනහිර පළාත නියෝජනය කරමින් ජාතික රට හරහා දිවීමේ තරග කාන්තා රන් පදක්කම දිනා ගත් පළමු ක්‍රීඩිකාව බවට පත්වූවාය. පිරිමි රන් පදක්කම දිනා ගත් මධ්‍යම පළාතේ එස්. චන්ද්‍රදාසන් ගියවර (2017) තරගාවලියේ සිව්වැනි ස්ථානයට පත් ක්‍රීඩකයායි.
මෙම වසරට නියමිත 44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ පළමු තරග ඉසව්ව ලෙස නුවරඑලියේ දී පැවති ජාතික රට හරහා දිවීමේ තරගාවලියට සියලු පළාත් නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 82 දෙනෙක් හා ක්‍රීඩිකාවෝ 47 දෙනෙක් සහභාගි වූහ.
කණ්ඩායම් ශූරතාව

- ශූරතාව – මධ්‍යම පළාත
- අනුශූරතාව – ඌව පළාත
- තෙවැනි ස්ථානය – උතුරු මැද පළාත

- ශූරතාව – මධ්‍යම පළාත
- අනුශූරතාව – බස්නාහිර පළාත
- තෙවැනි ස්ථානය – ඌව පළාත
ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල් සමන් බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් නුවරඑළිය ගොල්ෆ් පිටියේ දී තරගාවලියේ ජය සංකේත ප්‍රදානෝත්සවය පැවැත්විය.
>> තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න – මලල ක්‍රීඩා පිටුවට <<





















