ශ්‍රී ලංකාව තවත් දිනකින් තරගය ඉදිරියට රැගෙන යයි

403

ක්‍රයිස්චර්ච් හෙග්ලි ඕවල් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් පරාජයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ තවත් දිනයක්ම පිටියේ රැඳී සිටිමින් කඩුලු 4කින් තම ඉනිම ආරක්ෂා කරගත යුතු ය.

නවසීලන්තයෙන් දැවැන්ත අභියෝගයක්

කාර්තුවකට එක් කඩුල්ලක් බැගින් පමණක් අහිමි කර ගනිමින් ගිය ගමන කඩුලු 4ක් දැවී ලකුණු 585ක් ව තිබිය දී සෑහීමකට පත්ව ප්‍රතිවාදීන්ට ජයග්‍රහණය…

තරගය සිව්වැනි දිනට නතර කරන විට ඔවුන් නවසීලන්තයට වඩා තවත් ලකුණු 429ක් පිටුපසින් රැඳී සිටී. ඉනිමේ වඩාත්ම අවාසිය වන්නේ පළමු ඉනිමේ දී මෙන්ම පැවැත්වෙන තරගාවලියේ ලකුණු අතර සිටින ඇන්ජලෝ මැතිව්ස් ආබාධයට ලක්ව සිටීම ය.

නායක දිනේෂ් චන්දිමාල් සහ කුසල් මෙන්ඩිස් පෙර දිනයේ පිටියේ නොදැවී රැඳී සිටී අතර අද ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ලකුණු 117ක සබඳතාවක් ගොඩ නැගූහ. එහි දී කුසල් මෙන්ඩිස් පන්දු 147කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 67ක් ලබා ගත්තේ ය. ඔහු අද වාර්තා කළේ තම ටෙස්ට් තරග දිවියේ 8 වැනි අර්ධ ශතකයයි.

තම ටෙස්ට් තරග දිවියේ 18 වැනි අර්ධ ශතකය වාර්තා කළ දිනේෂ් චන්දිමාල් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 56කි. ඔහු පන්දු 228කට මුහුණ දුන් අතර හතරේ පහර 5ක් තම ඉනිමට ඇතුළත් කළේය.

ඇන්ජලෝ මැතිව්ස් පිටියේ සිදු වූ ආබාධයක් හේතුවෙන් පන්දු 54ක දී ලකුණු 22ක් ලබා සිටිය දී පිටියෙන් ඉවත් වූ අතර ඔහු දිනය අවසන් වන තුරුම පිටියට පිවිසියේ නැත.

රොෂේන් සිල්වා අද ලබා ගත් ලකුණු සංඛ්‍යාව 18කි. ඒ සඳහා ඔහු පන්දු 73කට මුහුණ දුන්නේ ය. නිරෝෂන් දික්වැල්ල ද ලබා ගත් ලකුණු සංඛ්‍යාව 19කි. ඒ වෙනුවෙන් ඔහු පන්දු 31කට මුහුණ දුන්නේ ය.

උදාවන නව වසරට ස්මිත්ට ලැබුණු තෑග්ග

එළඹෙන ජනවාරි මස 5 වැනිදා ආරම්භ වීමට නියමිත බංග්ලාදේශ ප්‍රිමියර් ලීගය සඳහා සහභාගී වීමේ වරම හිටපු ඕස්ට්‍රේලියානු නායක ස්ටීව් ස්මිත්ට…

දිනය අවසන් වෙන විට ඩිල්රුවන් පෙරේරා සහ සුරංග ලක්මාල් පිටියේ රැඳී සිටි අතර ඔවුන් දෙදෙනා අතර 7 වැනි කඩුල්ලට නොබිඳුණු සබඳතාව ලකුණු 23කි. ඒ වෙද්දී ඩිල්රුවන් පෙරේරා පන්දු 60කට මුහුණ දී හතරේ පහර 3ක් සමඟින් නොදැවී ලකුණු 22ක් ලබා සිටියේ ය.

අනෙක් අන්තයේ නොදැවී සිටි සුරංග ලක්මාල් ලබා සිටි ලකුණු සංඛ්‍යාව 16කි. ඒ සඳහා ඔහු පන්දු 22කට මුහුණ දුන් අතර හතරේ පහර 3ක් තම ඉනිමට ඇතුළත් කරගෙන සිටියේ ය.

කඩුලු ලබා ගැනීමේ දී නිල් වැන්ගර් ලකුණු 47කට කඩුලු 3ක් ලබා ගනිමින් ප්‍රධාන ප්‍රතිවාදියා වූ අතර ඊට අමතරව ටිම් සවුති කඩුලු 2ක් දවා ගත්තේ ය.

හෙට (30) තරගයේ අවසන් දිනයයි.

ජීවන් මෙන්ඩිස්ගෙන් සුපිරි දස්කම්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ අද (28) පැවති තරග අතුරින් දක්ෂතම පන්දු යවන්නා…

නවසීලන්තය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 178 (50) රොස් ටේලර් 27, බී. ජේ. වොට්ලින්ග් 46, ටිම් සවුති 68, සුරංග ලක්මාල් 5/54, ලහිරු කුමාර 3/49

ශ්‍රී ලංකාව; පළමු ඉනිම සියලුම දෙනා දැවී 104 (41) ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 33, රොෂේන් සිල්වා 21, ට්‍රෙන්ට් බෝල්ට් 6/30, ට්ටිම් සවුති 3/35

නවසීලන්තය; දෙවැනි ඉනිම කඩුලු 4ක් දැවී 585 (153) ජීට් රාවල් 74, ටොම් ලේතම් 176, කේන් විලියම්සන් 48, රොස් ටේලර් 40, හෙන්රි නිකොල්ස් නොදැවී 162, කොලින් ඩි ග්‍රෑන්ඩ්හෝම් නොදැවී 71, ලහිරු කුමාර 2/134

ශ්‍රී ලංකාව; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 24 (14) දිනේෂ් චන්දිමාල් 56, කුසල් මෙන්ඩිස් 67, ඇන්ජලෝ මැතිව්ස් 22, නිරෝෂන් දික්වැල්ල 19, ඩිල්රුවන් පෙරේරා නොදැවී 22, සුරංග ලක්මාල් නොදැවී 16, ටිම් සවුති 2/61, නීල් වැග්නර් 3/47

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<