සංචාරක නවසීලන්ත ක්‍රිකට් කණ්ඩායම හා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය හෙට (22) පී. සරා ඕවල් ක්‍රිකට් පිටියේ දී ආරම්භ වෙනු ඇත.
ඕස්ට්‍රේලියාවේ ප්‍රබල තුරුම්පුව තෙවැනි තරගයට නැහැ
එංගලන්තය හා ඕස්ට්‍රේලියාව අතර පැවැත්වෙන අළුබඳුන………
මුහුණට මුහුණ
1982 වසරේ සිට පැවත එන නවසීලන්ත – ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ඉතිහාසය තුල මේ දක්වා අන්තර්ජාතික ටෙස්ට් ක්‍රිකට් තරග 34ක දී එකිනෙකා මුණගැසී ඇති අතර එයින් තරග 15ක ජය නවසීලන්ත කණ්ඩායම සතු වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් තරග 9ක් ජයග්‍රහණය කර ඇත. තවද තවත් ටෙස්ට් තරග 11ක් ජය පරාජයෙන් තොරව අවසන් වී තිබේ.
එසේම ශ්‍රී ලංකාව තුළ දී නවසීලන්තය හා ශ්‍රී ලංකාව ටෙස්ට් තරග 15ක දී එකිනෙකා මුණගැසී තිබෙන අතර ඉන් තරග 5ක ජය ශ්‍රී ලංකාව හිමිකර ගන්නා විට තරග 4ක ජය හිමිකර ගැනීමට සංචාරක නවසීලන්ත කණ්ඩායම සමත් වී තිබේ.
ප්‍රහාරාත්මක තරු
දිමුත් කරුණාරත්න

කරුණාරත්නගේ ඉනිම මෙම තරගාවලියේ දී ශ්‍රී ලංකාවට වැදගත්ම වන ඉනිමකි. මෙවර ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතයේ නායකත්වය දරණ ඔහු ශතක 9ක් සහ අර්ධ ශතක 22ක් ලබාගෙන ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. එසේම නවසීලන්ත කණ්ඩායමට එදිරිව 43.60ක සාමාන්‍යයක් රඳවා ගෙන ලකුණු ලබාගෙන ඇත්තේ තරග 8කට පමණක් සහභාගී වෙමිනි. ඒ අතරට එක් ශතක දෙකක් හා අර්ධ ශතක දෙකක් ඇතුළත්ය.
- පළමු ටෙස්ට් තරගයේ දී ලබා ගත් ලකුණු – 39, 122
Photos: Sri Lanka practice session ahead of 2nd test against New Zealand
කේන් විලියම්සන්

විලියම්සන් ටෙස්ට් ශතක 20කින් සහ අර්ධ ශතක 30කින් ජාත්‍යන්තර තලයේ පන්දු යවන්නන්ට සංග්‍රහ කර ඇත. ශ්‍රී ලංකාවට එරෙහිව සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලබා ගත් වැඩිම ලකුණ (242*) ලබාගෙන තිබෙන මොහු ශ්‍රී ලංකාවට එරෙහිව ටෙස්ට් තරග 9ක දී ලකුණු 972ක් ලබාගෙන තිබෙන්නේ 69.42ක පමණ ඉහල මට්ටමේ සාර්ථක දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගෙනයි.
- පළමු ටෙස්ට් තරගයේ දී ලබාගත් ලකුණු – 0, 4
දිල්රුවන්ට තේරීම් කමිටුවෙන් ටෙස්ට් සංචිතයට ආරාධනාවක්
දක්ෂ දඟපන්දු යවන ක්‍රීඩකයෙකු දිල්රුවන් පෙරේරා ………
ඇන්ජලෝ මැතිව්ස්

මැතිව්ස්ගේ එම ලකුණු අතරට ශතක 9ක් හා අර්ධ ශතක 34ක් ඇතුළත්ය. එසේම ඕනෑම අවස්ථාවක ක්‍රියාත්මක වී වේගවත් පිතිකරණ විලාසයකට ඉක්මනින්ම මාරු වීමට හැකියාවත් ඇති සුවිශේෂී ක්‍රීඩකයෙක් ලෙස ද මොහුව හැඳින්වීමට හැකිය. තවද නවසීලන්තයට එදිරිව ටෙස්ට් තරග 9ක් ක්‍රීඩා කර තිබෙන මැතිව්ස් ලකුණු 36.80කට ආසන්න දල ලකුණු ලබා ගැනීමේ සාමාන්‍යයක් රඳවා ගැනීමට සමත්ව ඇත.
- පළමු ටෙස්ට් තරගයේ දී ලබාගත් ලකුණු – 50, 28*
Photos : New Zealand practice session ahead of 2nd test against Sri Lanka
රොස් ටේලර්

දකුණතින් පිත්ත හසුරුවන ඔහු ශ්‍රී ලංකාවට එරෙහිව හොඳින් පිතිකරණයේ නිරත වේ යැයි අපේක්ෂා කිරීමට හැකි අතර ශ්‍රී ලංකාවට එදිරිව ලකුණු 37.35කට ආසන්න දල ලකුණු සාමාන්‍යයක් රඳවා ගෙන තිබේ.
- පළමු ටෙස්ට් තරගයේ දී ලබාගත් ලකුණු – 86, 03
අකිලගේ නිවැරදි කර ගත් ඉරියව්වත් වැරදීලු!
සංචාරක නවසීලන්තය හා ශ්‍රී ලංකාව අතර පසුගිය දා ………
ප්‍රබල පන්දු යවන්නන්
සුරංග ලක්මාල්

ලක්මාල් ජාත්‍යන්තර ටෙස්ට් තරග 58ක දී කඩුලු 141ක් දවා ගැනීමට සමත්ව ඇති අතර එක් පන්දුවාරයකට දල වශයෙන් ලකුණු 3.12ක පමණ ලකුණු ප්‍රමාණයක් පිතිකරුවන් හට ලබා දී ඇත. නවසීලන්තයට එදිරිව කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 37.35කි.
පළමු ටෙස්ට් තරගයේ දී දැක්වූ දස්කම් – 4/29, 0/37
අජාස් පටෙල්

වමතින් දඟපන්දු යවන පටෙල් ටෙස්ට් තරග 5ක දී කඩුලු 13ක් දවා ගැනීමට සමත් වී ඇති අතර කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 35.84ක් ලෙස දැක්වේ. පටෙල් එක් පන්දුවාරයකට පිතිකරුවන්ට දල වශයෙන් ලකුණු 2.73ක පමණ ලකුණු ලබා දීමක් සිදු කර ඇත. ඔහු ශ්‍රී ලංකාව සමඟ ටෙස්ට් ක්‍රිකට් තරග 3ක් ක්‍රීඩා කර තිබේ.
- පළමු ටෙස්ට් තරගයේ දී දැක්වූ දස්කම් – 5/89, 1/74
ලසිත් ඇඹුල්දෙණිය

තවමත් වයස අවුරුදු 22ක් වන ඇඹුල්දෙණිය ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අත්දැකීම් ගවේෂණය කරන ක්‍රීඩකයෙක් ලෙස ද හඳුන්වා දීමට හැකිය.
- පළමු ටෙස්ට් තරගයේ දී දැක්වූ දස්කම් – 0/81, 4/99
>>නවසීලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය HUB එක සඳහා පිවිසෙන්න<<
ට්‍රෙන්ට් බෝල්ට්

ලකුණු 30කට කඩුලු 6ක් දවා ගැනීම එක් ඉනිමක කණ්ඩායමකට එදිරිව යැවූ හොඳම පන්දු යැවීම ලෙසින් සටහන් කර ඇති බෝල්ට් එක් පන්දුවාරයකට දල වශයෙන් ලකුණු 2.98ක් පමණ පිතිකරුවන්ට ලබා දී ඇත. එසේම මොහු ශ්‍රී ලංකාවට එදිරිව කඩුලු දවා ගැනීමේ සාමාන්‍ය 22.82ක් වැනි ඉතාමත් හොඳ මට්ටමක සටහන් කරගෙන ඇත.
පළමු ටෙස්ට් තරගයේ දී දැක්වූ දස්කම් – 2/45, 1/34
පී. සරා ඕවල් තණතීරුව පිටිය හා අවට කාලගුණය

මේ ක්‍රිකට් පිටියේ තණතීරු මත ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරග 2ක් පවත්වා තිබෙන අතර ඒ තරග 2න් තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් වෙද්දී තවත් තරගයක් නවසීලන්තය ජයග්‍රහණය කර ඇත.
යම්හෙයකින් මෙම තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම කාසියේ වාසිය ජයග්‍රහණය කළහොත්, පළමුව පන්දුවට පහර දීම වඩාත් සුදුසු වෙයි.
තරගයේ දී ප්‍රබල සාධකයක් විය හැකි කාලගුණ තත්ත්වය පිරික්සා බැලූ විට, දෙවන ටෙස්ට් තරගය පුරාවටම විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීමට වැඩි ඉඩකඩක් ඇත. පැයට කිලෝමීටර් 17 – 28 දක්වා සුළඟේ වේගය විචලනය විය හැකි අතර, 26°C – 31°C වැනි පරාසයක උෂ්ණත්වයක් අපේක්ෂා කළ හැකිය.
වර්තමාන තත්ත්වය
නවසීලන්ත කණ්ඩායම දැනට ශ්‍රී ලංකා කණ්ඩායමට සාපේක්ෂව පෙරමුණේ පසුවන කණ්ඩායමක් වන අතර නවසීලන්තය දැනට (අගෝස්තු 12) අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම්වල දෙවන ස්ථානයේ පසුවේ.
නිපුණ ලුම්බිණි ක්‍රීඩකයෝ අමාරුවේ දමයි
ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සංගමය සංවිධානය කරන ……..
ඔවුන් ලකුණු 2511ක් ලබාගෙන සිටින්නේ ප්‍රසාද ලකුණු 111ක් ලබා ගෙනයි. ශ්‍රී ලංකාව එම ශ්‍රේණිගත කිරීමේ 6 වැනි ස්ථානයේ පසුවන්නේ ලකුණු 3462ක් හා ප්‍රසාද ලකුණු 94ක් ලබා ගෙනයි.
අවසන් නිගමනය
තරග ඉතිහාසය පිරික්සා බලන කළ සංචාරක නවසීලන්ත කණ්ඩායමට මෙම තරගයේ වැඩි වාසිය තිබුනත්, තරගය තුළ අඩුපාඩු හා දුර්වලතා අවම ලෙස පවත්වා ගත් කණ්ඩායමට නිසැකවම ජයග්‍රහණය කිරීමට හැකිය. මන්ද ක්‍රිකට් යනු බොහෝ සෙයින් අවිනිශ්චිතතාවයම මත රැඳුණු ක්‍රීඩාවක් වන නිසාවෙනි.
සංචිතයන්
ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය – දිමුත් කරුණාරත්න (නායක), ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, නිරෝෂන් දික්වැල්ල, ධනංජය ද සිල්වා, ඇන්ජලෝ පෙරේරා, ඕෂධ ප්‍රනාන්දු, දනුෂ්ක ගුණතිලක, ශෙහාන් ජයසූරිය, චාමික කරුණාරත්න, දිල්රුවන් පෙරේරා, අකිල දනංජය, ලසිත් ඇඹුල්දෙණිය, ලක්ෂාන් සඳකැන්, සුරංග ලක්මාල්, ලහිරු කුමාර, විශ්ව ප්‍රනාන්දු, කසුන් රාජිත, අසිත ප්‍රනාන්දු.
නවසීලන්ත ටෙස්ට් සංචිතය – කේන් විලියම්සන් (නායක), ටොම් ලේතම්, ජීට් රාවෙල්, රොස් ටේලර්, හෙන්රි නිකලස්, බී.ජේ වොට්ලින්, ටොම් බ්ලන්ඩල්, කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, මිචෙල් සැන්ටනර්, ටොඩ් ඇස්ටල්, ටිම් සවුති , විල් යන්ග්, නීල් වැග්නර්, අජාස් පටෙල්, ට්‍රෙන්ට් බෝල්ට්.
දෙවන ටෙස්ට් තරගයට අපේක්ෂිත කණ්ඩායම්
ශ්‍රී ලංකාව – දිමුත් කරුණාරත්න (නායක), ලහිරු තිරිමාන්න, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, දිල්රුවන් පෙරේරා, ලසිත් ඇඹුල්දෙණිය, සුරංග ලක්මාල්, ලහිරු කුමාර.
නවසීලන්තය – කේන් විලියම්සන් (නායක), ටොම් ලේතම්, ජීට් රාවෙල්, රොස් ටේලර්, හෙන්රි නිකලස්, බී.ජේ වොට්ලින්, කෝලින් ඩි ග්‍රෑන්ඩ්හෝම්, ටොඩ් ඇස්ටල්, අජාස් පටෙල්, ට්‍රෙන්ට් බෝල්ට්, ටිම් සවුති
ශ්‍රී ලංකා – නවසීලන්ත තරග කාල සටහන 2019
- අගෝස්තු 22 – 26: දෙවන ටෙස්ට් තරගය – කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණය.
- අගෝස්තු 29: විස්සයි විස්ස පුහුණු තරගය – කටුනායක මේරියන්ස් ක්‍රිකට් ක්‍රීඩාංගණය.
- සැප්තැම්බර් 01: පළමු විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.
- සැප්තැම්බර් 03: දෙවන විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.
- සැප්තැම්බර් 06 – තුන්වැනි විස්සයි විස්ස තරගය – මහනුවර පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණය.
තරගාවලියේ සියලුම උණුසුම් තතු, තරග සේයා රූ, ලකුණු සටහන්, තරග වාර්තා ඇතුළු තවත් බොහෝ දෑ හා සජීව තරග අත්දැකීම ඔබ වෙතට රැගෙන ඒමට ThePapare.com සූදානමින් සිටී. තවත් උණුසුම් පුවත් හා තොරතුරු දැන ගැනීමට ThePapare.com සමඟින් රැඳී සිටින්න.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















