ALL-STAR සති අන්තය උද්වේගකර අවස්ථා රැසකින් සමන්විත වූ අතර එය තවත් තියුණු වූයේ කණ්ඩායම් කිහිපයක්ම අලුත් ක්‍රීඩකයින් කිහිප දෙනෙකු සමඟ ගිවිසුම් ගත වීම හේතුවෙනි. මෙහි දී සුපිරි තරු කිහිප දෙනෙකුම නව කණ්ඩායම් සමඟ එකතු වීම නිසාවෙන් කණ්ඩායම් වලට නව ජීවයක් එක්වූ බව පෙනී යයි.

ඩි’මාර්කස් ක’සින්ස් (DeMarcus Cousins) New Orleans Pelicans කණ්ඩායමට

ගිවිසුමට අනුව Sacramento Kings (සැක්ලමෙන්ටෝ කිංග්ස්) කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ඩි’මාර්කස් ක’සින්ස් හා එම කණ්ඩායමේම ක්‍රීඩක ඔම්රි කැස්පයි (Omri Casspi) New Orleans Pelicans කණ්ඩායමට එක් වූ අතර New Orleans Pelicans (නිව් ඔර්ලන්ස් පෙලිකන්ස්) කණ්ඩායමේ බඩී හීල්ඩ් (Buddy Hield), ටයිරික් එවින්ස් (Tyreke Evans), ලන්ග්ස්ටන් ග’ලොවේ (Langston Galloway) යන ක්‍රීඩකයින් හා 2017 වසරේ ක්‍රීඩකයින් ලබා ගැනීමේ දී (2017 NBA Draft) පළමු වටයේ හා දෙවන වටයේ අවස්ථාවක් Sacramento Kings කණ්ඩායමට හිමි විය.

1212මෙම හුවමාරුව නිව් ඔර්ලන්ස් පෙලිකන්ස් කණ්ඩායමට වාසි සහගත බව බොහෝ දෙනාගේ මතය වූ අතර එයට හේතුව ඩි’මාර්කස් ක’සින්ස් (වයස අවු.27) මෙම වසරේ දී තම ක්‍රීඩා ජිවිතයේ ඉහලම දක්ෂතා වලට එළඹ සිටීම නිසායි. ඔහු මෙවර තරග වාරයේ දී ලකුණු  27.8, නැවත ලබා ගැනීම් 10.2 (Rebounds) හා වළක්වාලීම් 1.3 (Blocks) ලෙස තම සාමාන්‍යය රදවාගෙන සිටී.

එසේම නිව් ඔර්ලන්ස් පෙලිකන්ස් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ඇන්තනි ඩේවිස් (වයස අවු.24) මෙවර තරගාවලිය තුල ලකුණු  28.1, නැවත ලබා ගැනීම් 11.8ක් හා වලකාලීම් 2.4ක් ලෙස තම සාමාන්‍යය රදවා ගෙන සිටීම එම කණ්ඩායමට ප්‍රබලත්වයට පත් කරන බවට කිසිදු සැකයක් නොමැත.

1997-1998 තරගාවලියේ San Antonio Spurs (සැන් ඇන්ටොනියෝ ස්පර්ස්) කණ්ඩායමේ ටිම් ඩන්කන් හා ඩේවිඩ් රොබින්සන් ගෙන් පසුව එම කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු ලකුණු 20ක හා නැවත ලබා ගැනීම් 10ක සාමාන්‍යයක් රදවාගත් ප්‍රථම අවස්ථාව මෙය වේ.

ක’සින්ස් හා ඩේවිස් එකම උසස් අධ්‍යාපන ආයතන කණ්ඩායමේ ක්‍රීඩා කල ක්‍රීඩකයින් දෙනෙකු වන අතර ඔලිම්පික් තරගාවලියේ දී හා ලෝක ශූරතාවලියේ දී ඇමරිකානු ජාතික කණ්ඩායම නියෝජනය කරනු ඇත.

කෙසේ වෙතත් සිකුරාදා දිනයෙන් ඇරඹි තරගාවලියේ දෙවන අදියරේ මෙතක් පැවති තරග 2න් ම පරාජය වන්නට නිව් ඔර්ලන්ස් පෙලිකන්ස් කණ්ඩායමට සිදු වූ අතර මෙහි දී ඇන්තනි ඩේවිස් හා ඩි’මාර්කස් ක’සින්ස් තම ඉහලම දක්ෂතා ප්‍රදර්ශනය කලත් එය ජයග්‍රහණය සඳහා ප්‍රමාණවත් නොවීය.

ලු විලියම්ස් (Lou Williams) Houston Rockets කණ්ඩායමට

1212130 වන වියේ පසුවන ලු විලියම්ස් මෙවර තරගාවලිය තුල ලොස් ඇන්ජලිස් ලේකර්ස් (LA Lakers) කණ්ඩායමේ ප්‍රධානතම ක්‍රීඩකයා වූ අතර මෙවර තරගවාරයේ දක්ෂතම අතිරේක ක්‍රීඩකයා (6th Man of The Year) සම්මානය දිනා ගැනීමට ඉදිරියෙන්ම සිටින ක්‍රීඩකයින් දෙදෙනාගෙන් එක් අයකු වේ. වරක් ඔහු 2015 වසරේ දී මෙම සම්මානය දිනා ගන්නා ලදි.

ඔහු මෙවර තරගාවලියට ලකුණු 18.7 සාමාන්‍යයක් රදවාගෙන සිටින අතර ඔහුගේ එක් වීම Houston Rockets (හියුස්ටන් රොකට්ස්) කණ්ඩායමට විශාල වාසිදායක තත්වයක් වන අතර දක්ෂතම අතිරේක ක්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට තරග වදින අනෙක් ප්‍රබලතම ක්‍රීඩකයා වන හියුස්ටන් රොකට්ස් කණ්ඩායමේම එරික් ගෝර්ඩන් (Eric Gordan) සමඟ එකම කණ්ඩායමේ ක්‍රීඩා කිරීමට සිදුවීම ක්‍රීඩාලෝලීන්ට ද නැවුම් අත්දැකීමක් වනු නොඅනුමානයි.

සර්ජ් ඉබාකා (Serge Ibaka) ටොරන්ටෝ රැප්ටර්ස් (Toronto Raptors) කණ්ඩායමට

දක්ෂ ආරක්ෂාකාරී ක්‍රීඩකයෙකු ලෙස නම් දරා සිටින ඉබාකා ටොරන්ටෝ රැප්ටර්ස් කණ්ඩායමට එක්වීම එම කණ්ඩායමේ ඉදිරි ගමනට විශාල දායකත්වයක් වනු නොඅනුමානයි.

එසේම මේ වෙනුවෙන් ටොරන්ටෝ රැප්ටර්ස් කණ්ඩායමේ ක්‍රීඩක ටෙරස් රෝස් හා රැප්ටර්ස් කණ්ඩායමට අදාල 2017 වසරේ ක්‍රීඩකයින් ලබා ගැනීමේ පළමු වටයේ අවස්ථාව Orlando Magic (ඔර්ලැන්ඩො මැජික්) කණ්ඩායමට ලබා දෙන ලදි.

121212එසේම රැප්ටර්ස් කණ්ඩායම පසුව Phoenix Suns (ෆීනික් සන්ස්) කණ්ඩායමේ PJ ටකර් (PJ Tuker) ද ලබා ගත්තේ තම කණ්ඩායමේ ආරක්ෂාකාරී අන්තයේ ප්‍රබලත්වය තවත් වැඩි දියුණු කරගනිමිනි.

මෙම ක්‍රීඩක හුවමාරුවේ දී බොහෝ දෙනා බලාපොරොත්තුවෙන් සිටියේ බොස්ටෝන් සෙල්ටික්ස් (Boston Celtics) කණ්ඩායම ප්‍රබල ක්‍රීඩකයෙකු සමඟ ගිවිසුම් ගත වනු ඇතියි කියාය. එයට හේතුව ඔවුන්ට හුවමාරු කිරීමට දක්ෂ නවක ක්‍රීඩකයින් රැසක් සිටිමත් 2017, 2018 හා 2019 වසර වල දී ක්‍රීඩකයින් ලබා ගැනීමේ අවස්ථා (පළමු වටයේ හා දෙවන වටයේ) 10 ඔවුන් සතුවීමයි.

(කණ්ඩායමකට වසරක් තුල ක්‍රීඩකයින් ලබා ගැනීමේ අවස්ථා 2ක් හිමි වන අතර එයින් එක් අවස්ථාවක් පළමු වටයේ වන අතර අනෙක් අවස්ථාව දෙවන වටයේ ද වේ. මෙය ක්‍රීඩකයින් හුවමාරු කිරීමේ දී අදාළ කණ්ඩායමට ලබා දිය හැක.)

එසේම ඩලස් මැව්රික්ස් (Dallas Mavericks) කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක ඩෙරන් විලියම්ස් Deron Williams) ගියවර ශූරයන් වූ කණ්ඩායම සමඟ ගිවිසුම් ගත වීමට නියමිතව ඇත. 2008 වසරේ ඔලිම්පික් රන් පදක්කම් ලාබී ඇමරිකානු පැසිපන්දු කණ්ඩායම නියෝජනය කල ඔහු තම ක්‍රීඩා දිවිය තුල ලකුණු 18.8 සාමාන්‍යයක් රදවාගෙන සිටියි.

කෙසේ වෙතත් තරගාවලියේ දෙවන අදියර සිකුරාදා ආරම්භ වූ අතර මේ වන තෙක් පැවති තරගවල දී විශේෂ සිදුවීම් කිහිපයක් ද වාර්තා විය.

  • ගෝල්ඩන් ස්ටේට් වොරියර්ස් කණ්ඩායම ලොස් ඇන්ජලිස් ක්ලිපර්ස් කණ්ඩායමට එරෙහිව පැවති තරගයේ තෙවන කාර්තුවේ දී පමණක් ලකුණු 50ක් රැස් කල අතර කණ්ඩායම් මෙවැනි දක්ෂතාවයක් ප්‍රදර්ශනය කලේ 2014 වසරෙන් පසුවය.
  • ලේබ්රෝන් ජේම්ස් තම දිවියේ 48 වන triple double අවස්ථාව වාර්තා කිරීමට සමත් විය. මෙහිදී ඔහු ලකුණු 18ක්, නැවත ලබා ගැනීම් 13ක් හා විශිෂ්ට ගනයේ පන්දු හුවමාරු කිරීම් 13ක් (Assist) වර්තා කරන ලදී
  • රසල් වෙස්ට්බ්‍රක් මෙවර තරගාවලියේ දී 29 වන triple double අවස්ථාව වාර්තා කිරීමට පසුගිය දා සමත් විය.