දසුන්, ධනංජය, මැතිව්ස්, ප්‍රියංජන, කමිඳු නායකත්වය දරණ නව තරගාවලියක්!

නැෂනල් සුපර් ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

7724

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරනු ලබන නැෂනල් සුපර් ලීග් (National Super League – NSL) එක්දින ක්‍රිකට් තරගාවලිය ජනවාරි 24 වැනිදා සිට පෙබරවාරි 19 වැනිදා දක්වා කොළඹ, දඹුල්ල සහ පල්ලෙකැලේ කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි.

කොළඹ කණ්ඩායම දසුන් ශානකත්, යාපනය කණ්ඩායම ධනංජය ද සිල්වාත්, ගාල්ල කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස් විසිනුත්, දඹුල්ල කණ්ඩායම අශාන් ප්‍රියංජනත්, මහනුවර කණ්ඩායම කමිඳු මෙන්ඩිස් විසිනුත් මෙහෙයවීමට නියමිතයි.

එක් එක් කණ්ඩායම් ප්‍රතිවාදී කණ්ඩායම් සමඟ දෙවරක් තරග කරනු ලබන අතර ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගන්නා කණ්ඩායම් දෙක පෙබරවාරි 19 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගන්නවා.

පළමු වටයේ තරග කොළඹ SSC සහ පී. සරා ඕවල් ක්‍රීඩාංගණවල දී පැවැත්වීමට නියමිත අතර දෙවැනි වටයේ තරග මහනුවර පල්ලෙකැලේ දී සහ දඹුල්ලේ දී පැවැත්වීමට නියමිතයි. අවසන් මහා තරගය පැවැත්වෙන්නේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ දීයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ප්‍රධාන දේශීය තරගාවලියට සහභාගි වන ක්‍රීඩා සමාජ 26කින් තෝරා ගන්නා ක්‍රීඩකයන් NSL තරගාවලියේ කණ්ඩායම් 5 අතර බෙදා තිබෙනවා. ඒ අනුව කොළඹ, මහනුවර, යාපනය සහ ගාල්ල යන කණ්ඩායම් සඳහා ක්‍රීඩා සමාජ 5 බැගින් ද, දඹුල්ල සඳහා ක්‍රීඩා සමාජ 6 බැගින් ද බෙදී යනු ඇත.

ජාතික තේරීම් කමිටුව විසින් NSL තරගාවලියට එක්වන කණ්ඩායම් 5 සඳහා එක් කණ්ඩායමකට ක්‍රීඩකයන් 20 බැගින් සමස්ත ක්‍රීඩකයින් 100ක් මේ සඳහා සහභාගී කර ගැනීමට නියමිතයි.

මේ සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ ගිවිසුම් ගතව ඇති ක්‍රීඩකයන්ට අමතර අදාළ කණ්ඩායම්වලට නම් කර ඇති පුහුණුකරුවන් සමඟ එක්ව තවත් ක්‍රීඩකයන් 25 දෙනෙකු තෝරා ගැනීමට තරග සංවිධායකයින් සැලසුම් කර තිබෙනවා.

තරගාවලිය සඳහා ක්‍රීඩා සමාජ බෙදා ඇති ආකාරය:

  • කොළඔ – SSC, සැරසන්ස්, මීගමුව, සෙබස්තිනයිට්ස්, පොලිස්
  • මහනුවර – NCC, හලාවත මේරියන්ස්, Ace කැපිටල්, ගුවන් හමුදාව, කැන්ඩි කස්ටම්ස්
  • යාපනය – ටැමිල් යූනියන්, රාගම, ලංකන්, කළුතර නාගරික, බ්ලූම්ෆීල්ඩ්
  • ගාල්ල – කෝල්ට්ස්, යුද හමුදාව, පානදුර, ගාල්ල, මූවර්ස්
  • දඹුල්ල – CCC, BRC, නාවික හමුදාව, බදුරලිය, කුරුණෑගල, නුගේගොඩ

තරගාවලියට සහභාගී වන සංචිත:

දඹුල්ල – Ashan Priyanjan (C) (CCC), Minod Banuka (WK) (CCC), Gayan Manishan (Kurunegala), Ron Chandraguptha (CCC), Pawan Ratnayake (CCC), Sonal Dinusha (CCC), Bhanuka Rajapakse (BRC), Wanidu Hasaranga (CCC), Lasith Abeyratne (CCC), Vishwa Fernando (CCC), Nuwan Thushara (CCC), Anuk Fernando (Navy), Lakshan Sandakan (CCC), Lahiru Samarakoon (BRC), Duvindu Tillakaratne (BRC), Sameera Sandamal (Kurunegala), Dushan Hemantha (BRC), Amshi De Silva (CCC)

මහනුවර – Kamindu Mendis (C) (Chilaw), Niroshan Dikwella (WK) (NCC), Lasith Croospulle (Chilaw), Kamil Mishara (WK) (NCC), Pathum Nissanka (NCC), Oshada Fernando (Chilaw), Sahan Arachchige (NCC), Chathuranga De Silva (NCC), Chamika Karunaratne (NCC), Lahiru Kumara (NCC), Chamika Gunasekara (NCC), Dushmantha Chameera (NCC), Asitha Fernando (Chilaw), Ashen Daniel (NCC), Pulina Tharanga (Chilaw), Lahiru Udara (WK) (NCC), Vishwa Chathuranga (Chilaw), Angelo Perera (NCC), Thikshila De Silva (CHILAW), Lasanda Rukmal (Air Force), Nipun Ranshika (NCC), Sachindu Colombage (NCC)

යාපනය – Dhananjaya De Silva (C) (TAMILS), Sadeera Samarawickrama (WK) (TAMILS), Nishan Madushka (WK) (RAGAMA), Lahiru Thirimanne (RAGAMA), Navod Paranawithana (TAMILS), Janith Liyanage (RAGAMA), Santhush Gunathialke (TAMILS), Ishan Jayaratne (RAGAMA), Ravindu Fernando (TAMILS), Suranga Lakmal (TAMILS), Nuwan Pradeep (TAMILS), Shiran Fernando (TAMILS), Binura Fernando (RAGAMA), Jefferey Vandersay (TAMILS), Dilum Sudheera (TAMILS), Saminda Fernando (RAGAMA), Viyaskanth (JAFFNA KINGS), Pramod Liyanagamage (TAMILS), Nipun Malinga (RAGAMA)

ගාල්ල –  Angelo Mathews (C) (COLTS), Dinesh Chandimal (WK) (ARMY) (VC), Ashan Randika (ARMY), Himasha Liyanage (ARMY), Muditha Lakshan (COLTS), Asela Gunaratne (ARMY), Vishad Randika (WK) (COLTS), Dananjaya Lakshan (COLTS), Ramesh Mendis (MOORS), Mohamed Shiraz (COLTS), Kavishka Anjula (COLTS), Jehan Daniel (COLTS), Maheesh Theekshana (ARMY), Praveen Jayawickrama (MOORS), Nimesh Vimukthi (PANADURA), Mohammed Shamaz (MOORS), Priyamal Perera (COLTS), Suminda Lakshan (ARMY)

කොළඹ – Dasun Shanaka (C) (SSC), Charith Asalanka (SSC) (VC), Dimuth Karunaratne (SSC), Danushka Gunathilake (SSC), Avishka Fernando (SSC), Kusal Mendis (WK) – (SSC), Sammu Ashan (SSC), Ashen Bandara (Police SC), Lahiru Madushanka (NEGOMBO), Kalana Perera (SSC), Himesh Ramanayake (SSC), Mohomed Dilshad (SARACENS), Prabath Jayasuriya (SSC), Tharindu Ratnayake (Sebastinites), Kavindu Nadeeshan (SSC), Krishan Sanjula (WK) (SSC), Nipun Dananjaya (SSC), Nuwanindu Fernando (SSC), Roshane Silva (SSC), Sachitha Jayathilaka (Sebastianites)

2022 නැෂනල් සුපර් ලීග් (NSL) සීමිත පන්දුවාර තරග කාලසටහන,

  • ජනවාරි 24: ගාල්ල සහ කොළඹ – SSC, යාපනය සහ දඹුල්ල – පී. සරා ඕවල්
  • ජනවාරි 26: යාපනය සහ මහනුවර – SSC, දඹුල්ල සහ කොළඹ – පී. සරා ඕවල්
  • ජනවාරි 28: දඹුල්ල සහ ගාල්ල – NCC, කොළඹ සහ මහනුවර – පී. සරා ඕවල්
  • ජනවාරි 30: මහනුවර සහ දඹුල්ල – SSC, ගාල්ල සහ යාපනය – පී. සරා ඕවල්
  • පෙබරවාරි 1: කොළඹ සහ යාපනය – SSC, මහනුවර සහ ගාල්ල – පී. සරා ඕවල්
  • පෙබරවාරි 4: දඹුල්ල සහ යාපනය – පල්ලෙකැලේ, කොළඹ සහ ගාල්ල – දඹුල්ලේ දී
  • පෙබරවාරි 7: කොළඹ සහ දඹුල්ල – පල්ලෙකැලේ, මහනුවර සහ යාපනය – දඹුල්ලේ දී
  • පෙබරවාරි 10: මහනුවර සහ කොළඹ – පල්ලෙකැලේ, ගාල්ල සහ කොළඹ – දඹුල්ලේ දී
  • පෙබරවාරි 13: යාපනය සහ ගාල්ල – පල්ලෙකැලේ, දඹුල්ල සහ මහනුවර – දඹුල්ලේ දී
  • පෙබරවාරි 16: ගාල්ල සහ මහනුවර – පල්ලෙකැලේ දී, යාපනය සහ කොළඹ – දඹුල්ලේ දී
  • පෙබරවාරි 19: අවසන් මහා තරගය – පල්ලෙකැලේ දී

නැෂනල් සුපර් ලීග් සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලිය අවසන් වීමෙන් පසුව එම කණ්ඩායම් පහම සහභාගී වන සිව්දින ලීග් තරගාවලිය පෙබරවාරි 25 වැනිදා ආරම්භ කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දැනට සැලසුම් කර තිබෙනවා.

ඊට සමගාමීව නැගී එන තරගාවලිය (23න් පහළ) තුන්දින තරගාවලියක් ලෙස පැවැත්වීමට නියමිතයි. එම තරගාවලියට ක්‍රීඩා සමාජ 26ක් සහභාගී වන අතර එහි දී ක්‍රීඩා සමාජයකට වයස අවුරුදු 24ට වැඩි සහ 28ට අඩු ක්‍රීඩකයින් දෙදෙනෙකු ක්‍රීඩා කර වීමේ අවස්ථාව හිමිවෙනවා.

>>තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න<<