නව ජාතික ක්‍රීඩා සභාව පත්කරයි

161

2019 වසර සඳහා 15 දෙනෙකුගෙන් සමන්විත නව ජාතික ක්‍රීඩා සභාවක් පත්කිරීම අද දින (17) ක්‍රීඩා අමාත්‍යාංශයේ ඩන්කන් වයිට් ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා සහ ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් චුලානන්ද පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් පත්වූ නව ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් හට පත්වීමේ ලිපි භාර දීම සිදු විය.

දශකයක් පුරා ක්‍රීඩාවට හදවතින්ම

ශ්‍රී ලංකාවේ අංක 1 ක්‍රීඩා වෙබ් අඩවිය වන ThePapare.com අපි, විජයග්‍රාහී 10 වසරක ගමන් මග අභිමානයකින් යුතුව සැමරීමට

ශ්‍රී ලංකාවේ සමස්ත ක්‍රීඩාවේ දියුණුව, වර්ධනය සහ පරිපාලනය සඳහා ක්‍රීඩා අමාත්‍යවරයාට උපදෙස් ලබා දීම පත්වූ නව ජාතික ක්‍රීඩා සභාවේ මූලික අරමුණ වේ. ඒ අනුව පත්වූ නව ජාතික ක්‍රීඩා සභාවේ සාමාජිකයන් ස්වේච්ඡාවෙන් දායක වන අතර ක්‍රීඩාවේ උන්නතිය සහ වර්ධනය සඳහා අවංකව කටයුතු කරනු ඇත.

පත් කරනු ලැබූ නව ජාතික ක්‍රීඩා සභාව
  • සභාපති – දයා රත්නායක මහතා (ශ්‍රී ලංකා යුධ හමුදාවේ හිටපු හමුදාපති)
  • ලේකම් – ශාලිකා කාරියවසම් මිය (ක්‍රීඩා අමාත්‍යාංශයේ සහකාර අධ්‍යක්ෂිකා)
  • මහාචාර්ය අර්ජුන ද සිල්වා (ශ්‍රී ලංකා තහනම් උත්තේජක මර්දන නියෝජ්‍යායතනයේ සභාපති)
  • ධම්මික මුතුගල මහතා (ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්)
  • වෛද්‍ය ලක්ෂ්මන් එදිරිසිංහ මහතා (ක්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්ෂ ජෙනරාල්)
  • සජිත් ජයලාල් මහතා (ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ අධ්‍යක්ෂ)
  • මංජුල කාරියවසම් මහතා (අධ්‍යාපන අමාත්‍යාංශයේ හිටපු ක්‍රීඩා අධ්‍යක්ෂ)
  • ලුතිනන් කර්නල් ඩී. ටී. එල්. එස්. කරවිටගේ මහතා (පැරා ඔලිම්පික් සංගමයේ නියෝජිත)
  • මොහොමඩ් හෆීස් මාර්සෝ මහතා (ජාතික රහස් ඔත්තු සේවාවේ හිටපු අධ්‍යක්ෂ)
  • සිදත් වෙත්තමුණි මහතා (හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් නායක)
  • අසංග සෙනෙවිරත්න මහතා (හිටපු ශ්‍රී ලංකා රග්බි සභාපති)
  • පණ්ඩුක කීර්තිනන්ද මහතා (නීතිඥ)
  • අශෝක ගුණතිලක මහතා (ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදී)
  • ප්‍රියන්ත ඒකනායක (ප්‍රවීණ ක්‍රීඩක)
  • ශ්‍රියානි කුලවංශ මිය (ප්‍රවීණ ක්‍රීඩිකා සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ව්‍යාපෘති නිලධාරිණි)

ජාත්‍යන්තර යෝගා සම්මන්ත්‍රණයක් ශ්‍රී ලංකාවේ දී

ඉන්දියාවේ ශ්‍රී හනුමාන් ව්‍යායාම් ප්‍රසාරක් මණ්ඩාල් ශාරීරික අධ්‍යාපනය පිළිබඳ උපාධි

උත්සව සභාව අමතමින් ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ තම අදහස් දැක්වීය.

“ක්‍රීඩා ඇමති ලෙස මට අවශ්‍ය ක්‍රීඩාවේ පිරිසිදු භාවය ඇති කිරීම. දිනුවත් පැරදුනත් වැඩක් නෑ කරන ක්‍රීඩාවේ පිරිසිදු බවක් නැතිනම්”

තව දුරටත් අදහස් දක්වමින් එතුමා මෙසේ පැවසීය.

“තව දුරටත් ගමේ ළමයෙක් දුවන්න ඇවිල්ලා, සපත්තු නැතුව දුවන්න බෑ කියන එක නවත්තන්නයි මට ඕනි.”

>> ක්‍රීඩා පුවත් සිංහලෙන් කියවන්න පිවිසෙන්න – මුල් පිටුවට <<