නව වසරේ දේශීය මලල ක්‍රීඩා පිටිය සක්‍රීය වෙයි

National Short Track Selection foe Asian Indoor Athletics Championship 2026

53

නව වසරේ පළමු දේශීය මලල ක්‍රීඩා අත්දැකීම ලෙසින් ආසියානු ගෘහස්ථ මලල ක්‍රීඩා උළෙල වෙනුවෙන් පැවැත්වුණු ජාතික කෙටි ධාවන පත මලල ක්‍රීඩා තේරීම් තරග ඊයේ (03) දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී සහ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ දී ක්‍රියාත්මක වුනා. 

එහි දී ශ්‍රී ලංකාවේ කැපී පෙනෙන මලල ක්‍රීඩක ක්‍රීඩිකාවන් කිහිප දෙනෙකු ම සිය සුපුරුදු දක්ෂතා සමඟින් ඉදිරියට පැමිණීමට ද සමත් වීම විශේෂත්වයක්. 

කාන්තා දුර පැනීම ඉසව්ව ජය ගැනීමට මදුශානි හේරත් සමත් වූ අතර, කාන්තා උස පැනීම ඉසව්ව ජය ගැනීමට R.P. ගමගේ විසින් සමත් වුනා. 

එමෙන්ම පිරිමි දුර පැනීම ඉසව්වේ ජය A.P.ක්‍රිශාන්දන් විසින් හිමි කර ගන්නා අතරේ, පිරිමි උස පැනීම ඉසව්ව ජය ගැනීමට S.A.T දසුන් විසින් සමත් වුනා. 

සුපුරුදු පරිදි කාන්තා තුන් පිම්ම ඉසව්ව ද මදුශානි හේරත් විසින් ම ජය ගත් අතර, එහි පිරිමි ඉසව්ව K.A P.මල්ශාන් විසින් ජය ගත්තා.  

මේ අතර කාන්තා මීටර් 60 ඉසව්ව ජය ගැනීමට අමාෂා ද සිල්වා සමත් වූ අතර, කාන්තා මීටර් 800 ඉසව්වේ ජය W.K.L.A.නිමාලි විසින් හිමි කරගත්තා 

මේ අතර පිරිමි මීටර් 60 ඉසව්ව තත්පර 6.67ක කාලයක් සමඟ ජය ගැනීමට චමෝද් යෝධසිංහ සමත් වන අතරේ, පිරිමි මීටර් 400 ඉසව්ව R.P.I.ලක්ෂාන් ද කාන්තා මීටර් 400 ඉසව්ව W.H.M.ප්‍රනාන්දු විසින් ද ජය ගැනීමට සමත් වුනා. 

කාන්තා මීටර් 1500 ඉසව්ව ජය ගැනීමට M.P.අයේෂා සෙව්වන්දි සමත් වූ අතරේ, එහි පිරිමි ඉසව්වේ ජය H.A.R.හබරකඩ ජය ගත්තා. එමෙන්ම පිරිමි මීටර් 60 කඩුලු මතින් දිවීම ඉසව්ව පහසුවෙන් ජය ගැනීමට රොශාන් රණතුංග විසින් සමත් වුනා. 

දෙස්විදෙස් මලල ක්‍රීඩාවේ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<