වාර්ෂික සුලෝහිත සංග්‍රාම ජයග්‍රණයේ අභිමානය මෙවර තමන් සතු කර ගැනීමට නම් නාලන්ද විදුහලට, තම ප්‍රධාන ප්‍රතිවාදීන් වන ආනන්ද විදුහලට එරෙහි තරගයේ දී මුහුණ දීමට ඇත්තේ සුළුපටු කාර්යයකට නොවේ.

සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් බිම හෙලන්නට කඳවුරු බඳින කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය

මේ වසර තුල දී, වසර 50ක අභිමානය සපුරන කොළඹ ඩී. එස්. සේනානායක විද්‍යාලය මෙවර තම සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් වන කොළඹ මහානාම විදුහල සමඟ පැවැත්වෙන වාර්ෂික මහා ක්‍රිකට් තරගයේ දී..

ඉතිහාසයෙන් බිඳක්

එදා මෙදා තුර නාලන්දාවෙන් බිහිවී ලොව ජය ගත්  ශ්‍රේෂ්ඨ ක්‍රිකට් ක්‍රීඩකයන් අතරට මහේල ජයවර්ධන, අසංක ගුරුසිංහ, රොෂාන් මහානාම හා කුමාර් ධර්මසේන එක් වෙන අතර ශ්‍රී ලංකාවේ ප්‍රථම ටෙස්ට් ක්‍රිකට් නායක බන්දුල වර්ණපුර ද නාලන්ද විද්‍යාලයෙන් මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට දායක වූ ක්‍රීඩකයෙකි.

ක්‍රීඩකයින්ගේ ඉතිහාස තත්ත්වය එසේ වුවත් නාලන්ද විද්‍යාලය එදා මෙදා තුර සුලෝහිත සංග්‍රාම ඉතිහාසයේ වාර්තා කොට ඇත්තේ තරග ජයග්‍රණ 6ක් පමණි. නාලන්ද විදුහල සුලෝහිත සංග්‍රාම ජයක් අවසන් වරට වාර්තා කොට ඇත්තේ 1953 වර්ෂයේදීය. එවකට නාලන්ද විදුහලේ කණ්ඩායම් නායකයා වශයෙන් කටයුතු කලේ ඩබ්ලිව්. ඩබ්ලිව්. සිල්වා ය.

ප්‍රධාන ක්‍රීඩකයන්

මෙවර සුලෝහිත සංග්‍රාමයේ ජය නාලන්දාවට ලබා ගැනීමට නම් එම ගමනේ මහඟු කාර්යභාරයක් කණ්ඩායම් නායක දසුන් සෙනෙවිරත්න අතින් ඉටු විය යුතු ය. මෙම තරග කාලයේ දී ඔහු ලකුණු 500කට ආසන්න ලකුණු සංඛ්‍යාවක් රැස් කරගෙන ඇති අතර  ඉදිරියේ දී පැවැත්වෙන තරග වලදීත් ලකුණු රැස්කර තම පුද්ගලික ලකුණු තත්ත්වය ඉහළ දමා ගැනීමෙන් තම උගත් විදුහලට කීර්තියක් එක් කිරීම ඔහුගේ අරමුණයි.

පළපුරුදු ක්‍රීඩක මාලිංග අමරසිංහ ද නාලන්ද විද්‍යාල කණ්ඩායම සතු ආභරණයකි. මෙවර තරඟ කාලයේ දී ඔහු ලකුණු 750කට වැඩි ප්‍රථම සංඛ්‍යාවක් රැස් කරගෙන ඇති අතර  2014/15 නායකත්ව පළපුරුද්ද තුලින් වසර 64ක් පුරා පවතින නාලන්දාවේ ජයග්‍රණ පිපාසය සංසිඳ වීම ඔහුගේ ප්‍රධාන අභිප්‍රායයි.

2016/17 නාලන්ද විද්‍යාලීය ක්‍රිකට් සංචිතයේ ඡායාරූප ඇල්බමය

වමත් පිට-දඟ පන්දු යවන දක්ෂ ක්‍රීඩක උමේෂ් ඩිල්ෂාන් නාලන්ද කණ්ඩායමේ දඟ පන්දු බල ඇණියේ පුරෝගාමීත්වය ගෙන ක්‍රීඩා කරනු ඇත. මෙවර තරග කාලයේ දී ඔහු කඩුලු 50කට අධික සංඛ්‍යාවක් දවාගෙන ඇති අතර නාලන්දා පිළ වෙනුවෙන් තම ප්‍රතිවාදි ආනන්ද පිළට එරෙහිව දරුණු සටනක් දියත් කිරීම ඔහුගේ බලාපොරොත්තුවයි.

පුහුණුකරු මඩුල්ල

ප්‍රවීණ පුහුණුකරු කීර්ති ගුණරත්න මෙවරත් තම සේවය ඉටු කරන අතර ඔහුගේ ද දැඩි අධිෂ්ඨානය වන්නේ නැති වූ කීර්තිය වසර 64කට පසුව ලබා ගැනීමයි.

සාරාංශය

මෙවර තරග කාලයේ දී තරග ජයග්‍රහණ 4ක්, ජය-පැරදුමෙන් තොර තරග 9ක් හා එක් තරග පරාජයක් සහිතව සුලෝහිත සංග්‍රාමයට පිවිසෙන නාලන්දා කණ්ඩායමට වසර 64ක නියඟය නිමා කිරීමට නම් ප්‍රතිවාදී ආනන්ද කණ්ඩායමට එරෙහිව දැඩි තරගයක් දිය යුතු වේ.    

නාලන්ද විද්‍යාල සංචිතය

දසුන් සෙනෙවිරත්න(නායක), මාලිංග අමරසිංහ, රිසිරු ඩි සිල්වා, කසුන් කත්‍රිආරච්චි, පසිඳු ලසන්, රශ්මික මධුෂාන්, එවින්ද හෙට්ටිආරච්චි,  දිනේන්ද්‍ර කස්තුරිආරච්චි, හිරුණ පෙරේරා, කසුන් සඳරුවන්, අවිශ්ක පෙරේරා, අසෙල් කුලතුංග, කළණ පෙරේරා, ලක්ශිත රසාංජන, සුහඟ විජේවරධන, උමෙෂ්ක ඩිල්ශාන්.

නාලන්ද විද්‍යාල සංචිතය

දසුන් සෙනෙවිරත්න(නායක), මාලිංග අමරසිංහ, රිසිරු ඩි සිල්වා, කසුන් කත්‍රිආරච්චි, පසිඳු ලසන්, රශ්මික මධුෂාන්, එවින්ද හෙට්ටිආරච්චි,  දිනේන්ද්‍ර කස්තුරිආරච්චි, හිරුණ පෙරේරා, කසුන් සඳරුවන්, අවිශ්ක පෙරේරා, අසෙල් කුලතුංග, කළණ පෙරේරා, ලක්ශිත රසාංජන, සුහඟ විජේවරධන, උමෙෂ්ක ඩිල්ශාන්.