එළඹෙන සැප්තැම්බර් මාසයේ දී පැවැත්වීමට නියමිත ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගී වීමේ අවස්ථාව නදීශා රාමනායක හට ද හිමි වී තිබෙනවා.
කාන්තා මීටර් 400 ඉසව්ව නියෝජනය කරමින් මෙවර තරගාවලිය නියෝජනය කිරීමට නදීශා අවස්ථාව හිමි කර ගෙන ඇති අතර, මෙවර තරගාවලියට සුදුසුකම් ලද තෙවැනි ශ්‍රී ලාංකිකයා ලෙසයි ඇය සටහන් වන්නේ.
මෙවර තරගාවලිය වෙනුවෙන් ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ සෘජු සුදුසුකම් ලබා ගැනීමට කිසිඳු ශ්‍රී ලාංකික ක්‍රීඩිකාවක් සමත් වුනේ නැහැ. ඒ අනුව World Athletics විසින් ඒ වෙනුවෙන් ක්‍රීඩිකාවක් තෝරා ගැනීම සඳහා අවස්ථාවක් ලබා දී තිබුණා.
- Nadalට පරාජයක්, රුමේනියාවට ඉතිහාසගත ජයග්රහණයක්!
- පිහිනන්න නොදැන ඔලිම්පික් ගිය පිහිනුම් ශූරයා
- ගංගා සිය තරග වටයේ පළමු ස්ථානයට!
- ඉන්දියාව පළමු පදක්කම දිනයි, බ්රසීලයට නොසිතූ පරාජයක්!
- විරේන්ට පළමු තරගයෙන් පරාජයක්
මෙහි දී ශ්‍රී ලංකාවෙන් නදීශා රාමනායක සහ නදීශා ලේකම්ගේ යන ක්‍රීඩිකාවන් නම් කළ අතර, ඒ අනුවයි නදීශා රාමනායක මෙසේ සුදුසුකම් ලබා ගත්තේ.
ඇයට අමතරව පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්ව නියෝජනය කරමින් සුමේධ රණසිංහ සහ රුමේෂ් තරංග මෙවර තරගාවලියට සහභාගී වීමට නියමිතයි.
2025 ලෝක මලල ක්‍රීඩා ශූරතාවලිය සැප්තැම්බර් මස 13 සිට 21 දක්වා ජපානයේ ටෝකියෝ හිදි ක්‍රියාත්මක වනු ඇති.
දෙස් විදෙස් මලල ක්‍රීඩාවේ උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>>තවත් මලල ක්‍රීඩා පුවත් සඳහා පිවිසෙන්න<<