සුපිරි ඕස්ට්‍රේලියානු වේග පන්දු යවන ක්‍රීඩක Mitchell Starc ජාත්‍යන්තර විස්සයි විස්ස පිටියට සමු දීමට තීරණය කර තිබෙනවා.
ලබන වසරේ සිට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට මුහුණ දීමට සිදු වන අඛණ්ඩ ටෙස්ට් ක්‍රිකට් තරගාවලි සහ එළඹෙන 2027 එක්දින ක්‍රිකට් ලෝක කුසලානය ඉලක්ක කර ගනිමින් විස්සයි විස්ස පිටියට සමු දීමට තීරණය කළ බවයි Starc සඳහන් කරන්නේ.
“ටෙස්ට් ක්‍රිකට්වලට තමයි මම හැමතිස්සේම ප්‍රමුඛතාව ලබා දුන්නේ.
මම විස්සයි විස්ස ක්‍රිකට්වල හැම මිනිත්තුවකට ම ආස වුනා. මූලිකවම 2021 විස්සයි විස්ස ලෝක කුසලානයේ දී මම ඕස්ට්‍රේලියාව වෙනුවෙන් ක්‍රීඩා කළා.
2021 විස්සයි විස්ස ලෝක කුසලානය ජයග්‍රහණය කළ ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සාමාජිකයකු ව සිටි කාලය පිළිබඳ ඔහු එසේ සිය මතකය අවදි කරනවා. විස්සයි විස්ස පිටියට කෙතරම් ආශක්ත වූ නමුත්, සිය පළමු තැන ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවට හිමි වන බවයි ඔහු පවසන්නේ.
Starc ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විස්සයි විස්ස තරග 65ක් ක්‍රීඩා කරමින් කඩුලු 79ක් දවා ගැනීමට සමත් වී ඇති අතර, මේ වන විට ඕස්ට්‍රේලියාව වෙනුවෙන් දෙවැනියට වැඩිම විස්සයි විස්ස කඩුලු ලාභියා ලෙස ද Starcගේ නම සටහන් වී තිබෙනවා.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
“ඉන්දීය ටෙස්ට් සංචාරය, අළු බඳුන සහ 2027 එක්දින ලෝක කුසලානය වෙනුවෙනුයි බලා ගෙන ඉන්නේ. ඒ වෙනුවෙන් මගේ උපරිමයේ සිටිමින් යෝග්‍යතාව රැක ගැනීමට හොඳම ගමන් මග මෙය බව මම විශ්වාස කරනවා.“
ලබන වසරේ මැද බාගයේ සිට ඕස්ට්‍රේලියානු කණ්ඩායමට බංග්ලාදේශය, දකුණු අප්‍රිකාව, නවසීලන්තය, ඉන්දියාව සමඟ මෙන්ම එංගලන්තය සමඟත් ටෙස්ට් තරගාවලි ක්‍රීඩා කිරීමට සිදු වනවා. එමෙන්ම අප්‍රිකානු මහද්වීපය මුල් කර ගනිමින් 2027 එක්දින ලෝක කුසලානය ද පැවැත්වීමට නියමිත අතර, ඒ වෙනුවෙන් සිය උපරිමය ලබා දීම සඳහා මෙන්ම, 2026 විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා ඕස්ට්‍රේලියානු පන්දු යැවීමේ කණ්ඩායම සකසා ගැනීමට අවශ්‍ය කාලය නිසි පරිදි සපයා දීම අරමුණු කරමින් මෙම තීරණය ගත් බවයි ඔහු සඳහන් කරන්නේ.
දෙස් විදෙස් ක්‍රිකට් පිටිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<





















