යොවුන් ක්‍රීඩක නිපුන් රන්සිකගේ තුන් ඉරියව් දක්ෂතා හේතුවෙන් අද (03) කොළඹ 7, වෙළඳසේවා ක්‍රිකට් පිටියේ දී පැවති වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කළ සිංගර් කුසලාන වෙළඳසේවා A කොටසේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ 2018 ශූරතාව දිනා ගැනීමට MAS යුනිචෙලා ක්‍රීඩකයෝ සමත් වූහ.
ජෝන් කීල්ස් කණ්ඩායම හා පැවති අවසන් තරගයේ දී ඔවුන් කඩුල්ලක තියුණු ජයග්‍රහණයක් වාර්තා කළහ.
ජෝන් කීල්ස් සහ යුනිචෙලා අවසන් තරගයට
වෙළඳසේවා ක්‍රිකට් සංගමය සංවිධානය කරන සිංගර් කුසලාන ප්‍රිමියර් ලීග් A කොටසේ විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ
පන්දුවත් පිත්තත් අතර ජයග්‍රහණය දෝලනය වෙමින් ගිය තරගයේ දී නිපුන් රන්සිකගේ දක්ෂතාව තරගයේ තීරණය ප්‍රධානතම හේතුව විය. ප්‍රතිවාදී ඉනිමේ කඩුලු 2ක් දවා ගත් නිපුන් රන්සික පන්දුවට පහර දීමේ දී පන්දු 6කට මුහුණ දෙමින් හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 14ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහණය කරා රැගෙන ගියේය. ඔහු තරගයේ වීරයා ලෙසින් ද නම් කෙරුණි.
කාසියේ වාසිය දිනූ ජෝන් කීල්ස් ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් ලබා ගත්තේ ලකුණු 92ක් පමණි. ඊට පිළිතුරු ලෙසින් MAS යුනිචෙලා කණ්ඩායම කඩුලු 9ක් දැවී ප්‍රතිවාදී ඉලක්කය පසු කළේය.
ජෝන් කීල්ස් කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ලබා ගත්තේ ඉෂාන් ජයරත්න ය. ඔහු පන්දු 20කට මුහුණ දී හතරේ පහර 3ක් සහ හයේ පහරක් සමඟින් ලකුණු 28ක් ලබා ගත්තේය. විකුම් සංජය ලබා ගත් ලකුණු සංඛ්‍යාව 25කි. පන්දු 23කට මුහුණ දුන් ඔහු තම ඉනිමට හතරේ පහර 3ක් සහ හයේ පහරක් ඇතුලත් කළේය.
දෙවැනි තැන සිටි කැන්රිච් ෆිනෑන්ස් අවසන් සටනට
ශ්‍රී ලංකා වෙළඳසේවා ක්‍රිකට් සංගමය හා Fair & Lovely Men එක්ව සංවිධානය කරන වෙළඳසේවා B කොටසේ සීමිත පන්දුවාර ක්‍රිකට්
කඩුලු ලබා ගැනීමේ දී ධම්මික ප්‍රසාද් ලකුණු 20කට කඩුලු 3ක් දවා ගනිමින් ජෝන් කීල්ස් කණ්ඩායමේ ප්‍රධාන ප්‍රතිවාදියා වෙද්දී, තිලකරත්න ඩිල්ශාන් සහ නිපුන් රන්සික කඩුලු 2 බැගින් දවා ගත්හ.
පිළිතුරු ඉනිම වෙනුවෙන් පිටියට පිවිසි MAS යුනිචෙලා ක්‍රීඩකයන්ගේ ඉනිම ද ජෝන් කීල්ස් ඉනිමට නොදෙනි විය. කිසිදු ක්‍රීඩකයෙක්ට වැඩි වේලා පිටියේ නැංගුරම් ලා සිටීමට ජෝන් කීල්ස් පන්දු යවන්නෝ ඉඩ තැබුවේ නැත. එසේ වෙත්දී තිලකරත්න ඩිල්ශාන් (17) සහ රමිත් රඹුක්වැල්ල (16) ඇතුළු ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ MAS යුනිචෙලා ඉනිම අතහැර ගොස් කුමකින් කුමක් වේ දැයි විපිලිසරව ක්‍රීඩා විවේකාගාරයට වී බලා සිටිය හ.
යුනිචෙලා ඉනිම එක් අවස්ථාවක පැවතියේ කඩුලු 9ක් දැවී ලකුණු 75ක් ලෙසිනි. එම අවස්ථාවේ ඉනිමේ අවසන් පිතිකරු ලෙසින් පිටියට පිවිසි නිපුන් රන්සික පන්දු 6ක දී හයේ පහර 2ක් එල්ල කරමින් තම කණ්ඩායම ජයග්‍රහණය කරා රැගෙන ගියේ ය.
කඩුලු දවා ගැනීමේ දී ඉෂාන් ජයරත්න සහ සචින්ත පීරිස් කඩුලු 3 බැගින් දවා ගත්හ.
ජෝන් කීල්ස් කණ්ඩායම; සියලුම දෙනා දැවී 92 (15): ඉෂාන් ජයරත්න 28, විකුම් සංජය 25, ධම්මික ප්‍රසාද් 3/20, තිලකරත්න ඩිල්ශාන් 2/08, නිපුන් රන්සික 2/18
MAS යුනිචෙලා කණ්ඩායම; කඩුලු 9ක් දැවී 92 (15.1): තිලකරත්න ඩිල්ශාන් 17, රමිත් රඹුක්වැල්ල 16, නිපුන් රන්සික නොදැවී 14, ඉෂාන් ජයරත්න 3/24, සචින්ත පීරිස් 3/15
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<






















