වෙළඳ සේවා ක්‍රිකට් සංගමවය 14 වැනි වරටත් සංවිධානය කළ “Honda” කුසලාන වෙළඳ සේවා G කොටසේ පන්දුවාර 25 ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට HNB Assurance ක්‍රීඩකයෝ පසුගියදා සමත් වුණා.
කොළඹ 7, වෙළඳ සේවා පිටියේ දී අවසන් මහා තරගයේ ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූයේ Access Group කණ්ඩායමයි. එම තරගයේ දී ලකුණු 152ක ජයග්‍රහණයක් ලබා ගැනීමට HNB Assurance කණ්ඩායම සමත් වෙනවා.
තරගාවලියේ අවසන් පූර්ව වටයේ දී HNB Assurance ක්‍රීඩකයෝ Singer Sri Lanka කණ්ඩායමට එරෙහි ව ලකුණු 192ක ජයග්‍රහණයක් ලබා ගනිමින් ද සහ Access Group ක්‍රීඩකයෝ Aitken Spence කණ්ඩායමට එරෙහි ව Bowl Out ක්‍රමය යටතේ ද ජයග්‍රහණය කරමින් අවසන් මහා තරගය සඳහා සුදුසුකම් ලබා ගත්තා.
HNB Assurance කණ්ඩායම
දුලාංජන විජේසිංහ (නායක), අසේල ද සිල්වා, දසුන් අබේවර්ධන, ලිනාල් සුබසිංහ, චමොද් පියුමාල්, දුලාංග හෙට්ටිආරච්චි, රවිඳු ලක්ෂාන්, ඉසුරු සම්පත්, සංගීත් පීරිස් (කඩුලු රකින්නා) සහ චමිල් කිත්මල්.
Access Group කණ්ඩායම
අශාන් සේනාතිරාජා (නායක), උමාර් ඉම්රාන් (කඩුලු රකින්නා), රොෂාන් මදුශංක, චරිත් සුදාරක, කවීන් ද සිල්වා, ධනුශ්ක රත්නායක, දිනිඳු ධර්මසිංහ, ලසන්ත බස්නායක, කවිඳු සිල්වා සහ රාජේෂ් කන්නා.
කාසියේ වාසිය දිනා ගත් HNB Assurance කණ්ඩායම් නායකයා පළමුවෙන් පන්දුවට පහර දීමේ තම කණ්ඩායමට උදා කර ගත්තා. ඒ අනුව පිටියට පිවිසි එම කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 229ක් ලබා ගන්නවා.
එම ඉනිමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ දසුන් අබේවර්ධන. ඔහු පන්දු 58කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහර 13ක් සමඟින් ලකුණු 118ක් ලබා ගන්නවා. ඊට අමතර ව ලිනාල් සුබසිංහ පන්දු 56කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.
ඔවුන් දෙදෙනා එක් ව 2 වැනි කඩුල්ලට ලකුණු 156ක සබඳතාවක් ද ගොඩ නගනවා.
ඔවුන්ට අමතර ව නායක දුලාංජන විජේසිංහ පන්දු 24කට මුහුණ දෙමින් හතරේ පහරක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 36ක් ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී චරිත් සුදාරක ලකුණු 44කට කඩුලු 2ක් දවා ගනිමින් ඉනිමේ හොඳම පන්දු යැවීම වාර්තා කළ අතර ඊට අමතර ව ලසන්ත බණ්ඩාරනායක, කවිඳු සිල්වා සහ රාජේෂ් කන්නා කඩුල්ල බැගින් බිඳ දැම්මා.
- Major Club එක්දින තරගාවලිය 27 දා සිට
- Major Clubs T20 පිටිය ගිනි තැබූ අය
- වනිඳුලා Major Clubs T20 ශූරතාව දිනා ගනී
- ආණ්ඩුකාර කුසලානය බෙදා ගත් වීරයෝ
- රාජ්‍ය සේවා. සෞඛ්‍ය තමයි එක
පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි Access Group කණ්ඩායම ලකුණු77කට සීමා කිරීමට ප්‍රතිවාදී HNB Assurance පන්දු යවන්නෝ සමත් වෙනවා. එහි දී චමිල් කිත්මල් කඩුලු ත්‍රිත්වයක් සමඟින් ලකුණු 8කට කඩුලු 4ක් දවා ගැනීමට සමත් වෙනවා.
Access Group කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙන්නේ ආරම්භක පිතිකරු උමාර් ඉම්රාන්. ඔහු පන්දු 39කට මුහුණ දෙමින් හතරේ පහරක් සමඟින් ලකුණු 25ක් ලබා ගත්තා. ඊට අමතර ව කවිඳු සිල්වා පන්දු 15කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් ලකුණු 13ක් ද සහ අදීශ නෙත්මික පන්දු 11කට මුහුණ දෙමින් හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 11ක් ද ලබා ගත්තා.
කඩුලු දවා ගැනීමේ දී චමිල් කිත්මල් ට අමතර ව චමෝද් පියුමාල් සහ ඉසුරු සම්පත් කඩුලු ද්විත්වය බැගින් ද රවිඳු ලක්ශාන් කඩුල්ලක් ද දවා ගත්තා.
තරගයේ කෙටි ලකුණු පුවරුව
- HNB Assurance – කඩුලු 6ක් දැවී 229 (25.0) දසුන් අබේවර්ධන 118, ලිනාල් සුබසිංහ 50, දුලාංජන විජේසිංහ 36, දුලංග හෙට්ටිආරච්චි 17, චරිත් සුදාරක 2/44
- Access Group – සියලුම දෙනා දැවී 77 (17.5) උමාර් ඉම්රාන් 25, කවිඳු සිල්වා 13, චමෝද් පියුමාල් 2/11, චමිල් කිත්මල් 4/08, ඉසුරු සම්පත් 2/11
HNB Assurance කණ්ඩායමට ලකුණු 152ක ජයක්.
- අවසන් මහා තරගයේ වීරයා – දසුන් මදුරංග අබේවර්ධන (HNB Assurance)
- තරගාවලියේ දක්ෂතම පන්දු යවන්නා – නලින්ද මද්දුමගේ (DSI)
- තරගාවලියේ දක්ෂතම පිතිකරු – චමත් යටවර (JF & I Packaging)
- තරගාවලියේ වීරයා – දුලාංජන ප්‍රභාත් විජේසිංහ (HNB Assurance)
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.
>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<