බංග්ලාදේශ – ශ්‍රී ලංකා තරගාවලිය සඳහා තරග නිලධාරි මඩුල්ල නම් කරයි

Bangladesh Tour Of Sri Lanka 2025

23

බංග්ලාදේශ කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරය වෙනුවෙන් තරග නිලධාරි මඩුල්ල ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

ICC Elite Panel තරග තීරකයකු වන Andy Pycroft තරගාවලිය පුරා තරග තීරක ධුරයේ කටයුතු කිරීමට නියමිත අතර, ICC Elite Panel විනිසුරුවන් ලෙස Rod Tucker, Alex Wharf සහ Allahuddien Paleker තරගාවලියට එක් වනු ඇති. 

එමෙන්ම ICC International Panel විනිසුරුවරුන් ලෙස රුචිර පල්ලියගුරුගේ, රවීන්ද්‍ර විමලසිරි, ලින්ඩන් හැනිබල් සහ ප්‍රගීත් රඹුක්වැල්ල කටයුතු කරනු ඇති. 

තරග තීරක 

  1. Andy Pycroft – ICC Elite Panel of Match Referees   

විනිසුරු මඩුල්ල 

  1. Rod Tucker – ICC Elite Panel Umpire (ටෙස්ට් තරගාවලිය සඳහා)   
  2. Alex Wharf – ICC Elite Panel Umpire (ටෙස්ට් සහ එක්දින තරගාවලිය සඳහා)   
  3. Allahuddien Paleker – ICC Elite Panel Umpire (ටෙස්ට් සහ එක්දින තරගාවලිය සඳහා)   
  4. Ruchira Palliyaguruge – ICC International Panel Umpire (එක්දින සහ විස්සයි විස්ස තරගාවලිය සඳහා)   
  5. Raveendra Wimalasiri – ICC International Panel Umpire (ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා)   
  6. Lyndon Hannibal – ICC International Panel Umpire (එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා)   
  7. Prageeth Rambukwella – ICC International Panel Umpire (ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරගාවලි සඳහා)   

මෙම තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්. 

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<