National Super League සිව්දින තරග කාලසටහන එළිදැක්වෙයි

2
NSL 4 Day Tournament 2026

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සිව්දින ක්‍රිකට් තරගාවලිය වන National Super League ක්‍රිකට් තරගාවලිය එළඹෙන අප්‍රේල් මස 06 වැනි දා සිට ආරම්භ වීමට නියමිතයි.

එතැන් සිට මසක කාලයක් පුරාවට ගාල්ල, නුවර, දඹුල්ල සහ කොළඹ යන කණ්ඩායම් හතර මෙම තරගාවලියේ දී එකිනෙකා හා තරග වැදීමට නියමිත අතර, මෙම තරග දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය, ආර්. ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගණය සහ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රිකට් ක්‍රීඩාංගණය මූලික කර ගනිමින් පැවැත්වීමට නියමිතයි.

තරග කාලසටහන;

Match fixtures

තරගාවලිය මැයි මස 07 වැනි දා දක්වා ක්‍රියාත්මක වීමට නියමිතයි.

සිව්දින ක්‍රිකට් තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<