එළඹෙන කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය සඳහා දින වකවානු සහ තරග පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණ ICCය විසින් තහවුරු කර තිබෙනවා.
13 වැනි වරට පැවැත්වෙන කාන්තා එක්දින ක්‍රිකට් ලෝක කුසලානය මෙවර ශ්‍රී ලංකාව සහ ඉන්දියාව කේන්ද්‍ර කර ගනිමින්, ක්‍රීඩාංගණ පහක් තුළ ක්‍රියාත්මක කිරීමට සූදානම් අතර, තරගාවලියේ ආරම්භය එළඹෙන සැප්තැම්බර් මස 30 සිදු වනු ඇති.
කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණය මෙන්ම ඉන්දියාවේ Chinnaswamy ක්‍රීඩාංගණය (Bengaluru), ACA ක්‍රීඩාංගණය (Guwahati), Holkar ක්‍රීඩාංගණය (Indore) සහ ACA-VDCA ක්‍රීඩාංගණය (Visakhapatnam) මෙවර තරගාවලිය පැවැත්වීමට තෝරා ගෙන ඇති අතර, ආරම්භක තරගය ඉන්දියානු කණ්ඩායමේ ද සහභාගීත්වය ඇතිව බැංගලෝරයේ දී පැවැත්වෙනු ඇති.
- ශ්‍රී ලංකා කණ්ඩායමේ උඳුවප් සංචාරය
- නවසීලන්තයේ සංචාරය කිරීමට නියමිත ශ්‍රී ලංකා T20 සංචිතය නම් කරයි
- නවක ක්‍රීඩකයා සමඟ ගැටුණු Kohliට දඩ නියම වෙයි!
- ශ්‍රී ලංකාව පුහුණු තරග ද්විත්වය පහසුවෙන් ජය ගනී
තරගාවලියේ පළමු අවසන් පූර්ව තරගය කොළඹ දී හෝ Guwahati හිදි එළඹෙන ඔක්තෝබර් 29 පැවැත්වීමට සැලසුම් කර ඇති අතර, දෙවැනි අවසන් පූර්ව තරගය ඔක්තෝබර් මස 30 වැනි දා බැංගලෝරයේ දී පැවැත්වීමට නියමිතයි.
ඉන් පසුව නොවැම්බර් මස 02 දා කොළඹ දී හෝ බැංගලෝර් හිදි තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි ICC වෙබ් අඩවිය සඳහන් කරන්නේ.
මෙවර තරගාවලිය සඳහා සත්කාරක ශ්‍රී ලංකාව සහ ඉන්දියාව ද ඇතුළුව කණ්ඩායම් අටක් තරග වැදීමට නියමිතයි.
කණ්ඩායම් – ශ්‍රී ලංකාව, ඉන්දියාව, දකුණු අප්‍රිකාව, ඕස්ට්‍රේලියාව, එංගලන්තය, නවසීලන්තය, පාකිස්තානය සහ බංග්ලාදේශය
මෙවර ලෝක කුසලාන තරගාවලිය පිළිබඳ සියලු උණුසුම් තතු විත්ති ඔබ වෙත සමීප කිරීමට ThePapare සූදානම්, රැඳී සිටින්න ශ්‍රී ලංකාවේ අංක එකේ ක්‍රීඩා නාලිකාව ThePapare සමඟින්.
>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<