චාමර, රමින්ද සහ චතුරංග අවසන් දිනයේ විරුවෝ වෙයි

657

ශ්‍රී ලංකා සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජය Major League පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ අද (13) නිමා වූ තරග අතුරින් එන්. සී. සී. සහ සැරසන්ස් කණ්ඩායම් සම්පූර්ණ ජයග්‍රහණ ලබා ගැනීමට කැපී පෙනුණ අතර දිනයේ ශතක ලබා ගැනීමට චාමර සිල්වා, රමින්ද විජේසූරිය සහ චතුරංග ද සිල්වා සමත් වූහ.

ප්‍රියමාල් පෙරේරා දෙවැනි ද්විත්ව ශතකයත් රැස් කරයි

දිනෙන් දින උණුසුම් වෙන අන්තර් ක්‍රීඩා සමාජය Major League පළමු පෙළ ක්‍රිකට් තරගාවලියේ …

යුද හමුදාව සහ රාගම අතර තරගය

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට යුද හමුදා ක්‍රීඩකයෝ සමත් වීම කැපී පෙණුනි. ඔවුන් මෙම ජයග්‍රහණයත් සමග තරගාවලියේ සුපිරි 8 වටය නියෝජනයට ද සුදුසුකම් ලබා ගත්හ.

කාසියේ වාසිය දිනූ යුද හමුදා ක්‍රීඩකයෝ පළමුවෙන් පන්දුවට පහර දෙමින් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 284ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් රාගම ක්‍රීඩකයන්ට ලබා ගත හැකි වූයේ ලකුණු 226ක් පමණි.

අනතුරුව කිසිදු තරගයක් නොමැතිව තම දෙවැනි ඉනිමට ක්‍රීඩා කළ යුද හමුදා ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට කඩුලු 7ක් දැවී ලකුණු 281ක් ලබා සිටිය හ.

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම් සියලුම දෙනා දැවී 284 (109.2) ලක්ෂාන් එදිරිසිංහ 38, ලක්ෂිත මධුශාන් 42,  සංජික රිද්ම 62, දුශාන් විමුක්ති 62, ජනිත් සිල්වා 24, ඉෂාන් ජයරත්න 2/65, අමිල අපොන්සු 4/75, නිශාන් පීරිස් 3/72

රාගම ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 226 (88.3) දිනෙත් තිමෝද්‍ය 44, සමින්ද ප්‍රනාන්දු 43, සමීර ද සොයිසා 33, චතුර පීරිස් 25,  සුපේෂල ජයතිලක 57, ජනිත් සිල්වා 4/44, දුශාන් විමුක්ති 2/66, ලක්ෂාන් මධුශංක 3/70.  

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 281 (66) ලක්ෂිත මධුශාන් 80, දුශාන් විමුක්ති 31, හිමාෂ ලියනගේ නොදැවී 88, සංජික රිද්ම 40, නිශාන් පීරිස් 2/71, ෂෙහාන් ප්‍රනාන්දු 2/21

මුවර්ස් සහ ටැමිල් යූනියන් අතර තරගය

මුවර්ස් පිටියේ පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට ටැමිල් යූනියන් ක්‍රීඩකයෝ සමත් වූහ.

මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් මුවර්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 326ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් ටැමිල් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 361ක් ලබා ගත්හ.

අනතුරුව දෙවැනි ඉනිමට පිටියට පිවිසි මුවර්ස් ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 6ක් දැවී ලකුණු 329ක් ලබා සිටිය හ. එම ඉනිම වෙනුවෙන් චාමර සිල්වා පන්දු 85කට මුහුණ දී හතරේ පහර 13ක් සහ හයේ පහර 3ක් සමඟින් ලකුණු 105ක් ලබා ගත්තේ ය.

තරගයේ දී ඉනිම දෙකේ දී ම අර්ධ ශතක ලබා ගනිමින් සහ පන්දු යැවීමෙන් කඩුලු 5ක් දවා ගනිමින් තුන් ඉරියව්වෙන් දක්ෂතා දැක්වීමට රමේෂ් මෙන්ඩිස් සමත් වීම කැපී පෙණුණි.

මීට අමතරව පබසර වඩුගේ සහ ලහිරු අත්තනායක ද මුවර්ස් වෙනුවෙන් අර්ධ ශතක ලබා ගත්හ.

මුවර්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 326 (94) පබසර වඩුගේ 24, ඉරෝෂ් සමරසූරිය 24, චරිත කුමාරසිංහ 36, අයන සිර්වර්ධන 31, චාමර සිල්වා 43, රමේෂ් මෙන්ඩිස් 76, නිමන්ද මධුශංක 35, ජීවන් මෙන්ඩිස් 5/121, දමිත සිල්වා 3/59

ටැමිල් යූනියන් ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 361 (95.5) සිතාර ගිමිහාන් 30, තරංග පරණවිතාන 57, සචිත්‍ර සේරසිංහ 160, දමිත සිල්වා නොදැවී 49, ෂෙහාන් මධුශංක 21, රමේෂ් මෙන්ඩිස් 5/124

මුවර්ස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 6ක් දැවී 329 (63) පබසර වඩුගේ 64, අයන සිරිවර්ධන 31, චාමර සිල්වා 105, රමේෂ් මෙන්ඩිස් 65, ලහිරු අත්තනායක නොදැවී 52, ෂෙහාන් මධුශංක 2/26, ජීවන් මෙන්ඩිස් 2/115

නීල් සහ ටකර් අයර්ලන්තය ගොඩ ගැනීමේ මෙහෙයුමක

ශ්‍රී ලංකා A ක්‍රිකට් කණ්ඩායම සහ අයර්ලන්ත A ක්‍රිකට් කණ්ඩායම අතර අද (13) හම්බන්තොට…

සී. සී. සී. සහ බදුරලිය අතර තරගය

මොරටුව ටිරොන් ප්‍රනාන්දු ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට සී. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

කාසියේ වාසිය දිනා ගනිමින් පළමුවෙන් පන්දුවට පහර දුන් සී. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 378ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි බදුරලිය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට රැස් කළේ සියලුම දෙනා දැවී ලකුණු 248ක් පමණි.

ලකුණු 130ක් ඉදිරියෙන් සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ සී. සී. සී. ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 357ක් ලබා ගත්හ. එම ඉනිම වෙනුවෙන් අර්ධ ශතක 4ක් එක් කෙරුණ අතර කඩුලු රකින විදෙස් ක්‍රීඩක ටටෙන්ඩා තායිබු පන්දු යවමින් කඩුලු 3ක් ලබා ගැනීම කැපී පෙණුනි.

ජයග්‍රහණය සඳහා ලකුණු 488ක ඉලක්කයක් වෙත ගිය බදුරලිය ක්‍රීඩකයෝ තරගය අවසන් වෙන විට කඩුලු 5ක් දැවී ලකුණු 63ක් ලබා සිටියහ.

සී. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 378 (101) රොන් චන්ද්‍රගුප්ත 36, මාධව වර්ණපුර 59, මිනෝද් භානුක 27, වනිඳු හසරංග 82, ලසිත් අබේරත්න 49, මළිඳු මධුරංග 41, මාලින්ද පුෂ්පකුමාර 28, ලහිරු ගමගේ නොදැවී 26, බුද්ධික සංජීව 2/94, සචිත් පතිරණ 4/154, ලහිරු සමරකෝන් 2/33

බදුරලිය ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 248 (61.1) සාලින්ද උෂාන් 20, නදීර නාවල 45, සුබ්‍රමනියම් ආනන්ද් 40, ප්‍රමෝද් හෙට්ටිවත්ත 59, විශ්ව ප්‍රනාන්දු 2/41, මාලින්ද පුෂ්පකුමාර 3/91, වනිඳු හසරංග 5/78

සී. සී. සී.; දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 357 (83) රොන් චන්ද්‍රගුප්ත 27, මාධව වර්ණපුර 55, මිනෝද් භානුක 57, ලහිරු මධුශංක 61, ලසිත් අබේරත්න නොදැවී 73, වනිඳු හසරංග 43, අලංකාර අසංක 2/28, ටටෙන්ඩා තායිබු 3/24

බදුරලිය ක්‍රිකට් කණ්ඩායම; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 63 (17) වනිඳු හසරංග 2/24, රොන් චන්ද්‍රගුප්ත 2/01

කෝල්ට්ස් සහ බී. ආර්. සී. අතර තරගය

කොළඹ බී. ආර්. සී. පිටියේ දී පැවැත්වෙන මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් වාර්තා කිරීමට කෝල්ට්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් කෝල්ට්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 391ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බී. ආර්. සී. ක්‍රීඩකයෝ ලබා ගත්තේ ලකුණු 354ක් පමණි. කෝල්ට්ස් ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට කඩුලු 5ක් දැවී ලකුණු 194ක් ලබා ගත්හ.

බී. ආර්. සී. ඉනිම වෙනුවෙන් රමින්ද විජේසූරිය පන්දු 118කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තේ ය.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 391 (128.5) හෂාන් දුමිඳු 42, නිශාන් මධුශ්ක 46, ප්‍රියමාල් පෙරේරා නොදැවී 200, ප්‍රවීන් ජයවික්‍රම 21, දුවිඳු තිලකරත්න 2/120, ටී. එන්. සම්පත් 6/84

බී. ආර්. සී.; පළමු ඉනිම් සියලුම දෙනා දැවී 354 (80) භානුක රාජපක්ෂ 21, රුමේෂ් බුද්ධික 62, හෂේන් රාමනායක 47, රමින්ද විජේසූරිය 104, විකුම් සංජය නොදැවී 48, අකිල දනංජය 4/104, සංගීත් කුරේ 2/38

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 194 (57.3) සංගීත් කුරේ 95, හෂාන් දුමිඳු 33, විශාද් රන්දික 50, රුමේෂ් බුද්ධික 2/41, දුවිඳු තිලකරත්න 2/90

​ICCය අකිලට එල්ල කළ චෝදනාවම රයිඳුටත් එල්ල කරයි

ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර ඊයේ (12) සිඩ්නි ක්‍රිකට් පිටියේ පැවැත්වුණු පළමු එක්දින ක්‍රිකට් …

එන්. සී. සී. සහ වරාය අධිකාරය අතර තරගය

කොළඹ එන්. සී. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ලකුණු 258ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එන්. සී. සී. කණ්ඩායම සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 218ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් වරාය අධිකාරිය කණ්ඩායම සියලුම දෙනා දැවී ලකුණු 230ක් ලබා ගත්හ. අනතුරුව ලකුණු 12ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ එන්. සී. සී. ක්‍රීඩකයෝ එවර කඩුලු 5ක් දැවී ලකුණු 365ක් ලබා ගත්හ.

එම ඉනිම වෙනුවෙන්  චතුරංග ද සිල්වා පන්දු 109කට මුහුණ දී හතරේ පහර 11ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 100ක් ලබා ගත්තේ ය.

ජයග්‍රහණය සඳහා ලකුණු 354ක ඉලක්කයක් පසුපස ගිය වරාය අධිකාරිය ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 95ක් පමණි.

එන්. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 218 (59.1) හසිත බෝයගොඩ 34, චතුරංග ද සිල්වා 39, මාලිංග අමරසිංහ 54, එස්. රංගා 42, සාරංග රාජගුරු 27, චමින්ද බණ්ඩාර 3/55, චානක කොමසාරු 2/59, ඉමේෂ් උදයංග 2/52, අනුක් ද අල්විස් 2/11

වරාය අධිකාරය කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 230 (74.5) රමේෂ් නිමන්ත 26,  ප්‍රිමෝෂ් පෙරේරා 76, අදීශ නානායක්කාර නොදැවී 56, අනුක් ද අල්විස් 37, සචින්ත පීරිස් 3/42, චතුරංග ද සිල්වා 4/99

එන්. සී. සී.; දෙවැනි ඉනිම කඩුලු 5ක් දැවී 365 (72) ලහිරු උදාර 64, මහේල උඩවත්ත 93, චතුරංග ද සිල්වා 100, නිමේෂ ගුණසිංහ නොදැවී 50, මාලිංග අමරසිංහ නොදැවී 43, චානක කොමසාරු 2/94

වරාය අධිකාරිය කණ්ඩායම; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 95 (23.5) ඉමේෂ් උදයංග 22, ඩිලේශ් ගුණරත්න 3/27, සචින්ත පීරිස් 5/49

මීගමුව සහ සැරසන්ස් අතර තරගය

මග්ගොන සරේ විලේජ් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් කඩුලු 8ක ජයක් ලබා ගැනීමට සැරසන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.  

පළමුවෙන් පන්දුවට පහර දුන් මීගමු ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 216ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් සැරසන්ස් ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලකුණු 302ක් ලබා ගත්හ. ලකුණු 86ක් පිටුපස සිටිමින් දෙවැනි ඉනිම ඇරඹූ මීගමු ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට ලබා ගත්තේ ලකුණු 138ක් පමණි. ඒ අනුව ජයග්‍රහණය සඳහා සැරසන්ස් ක්‍රීඩකයන්ට අවශ්‍ය වූයේ ලකුණු 53ක් පමණි. ඔවුන් එම ඉලක්කය කඩුලු 2ක් පමණක් දැවී ලබා ගත්හ.  

මීගමුව ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 216 (64) ෂෙහාන් ජයසූරිය 62, අශේන් සිල්වා 26, ලසිත් කෘස්පුල්ලේ 56, ඇන්ජලෝ ජයසිංහ නොදැවී 31, සාලිය සමන් 2/30, චාමිකර එදිරිසිංහ 3/50, හරීන් වීරසිංහ 2/29

සැරසන්ස් ක්‍රීඩා සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 302 (134) මිලින්ද සිරිවර්ධන 41, අශේන් බණ්ඩාර 64, චාමිකර එදිරිසිංහ 54, නිපුන් කරුණානායක 74, හරීන් වීරසිංහ නොදැවී 22, රොෂේන් ප්‍රනාන්දු 2/53, ෂෙහාන් ජයසූරිය 3/108, උපුල් ඉන්ද්‍රසිරි 5/76

මීගමුව ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 138 (55.4) අශේන් සිල්වා 35, සහන් ආරච්චිගේ 28, හරීන් වීරසිංහ 5/39, චාමිකර එදිරිසිංහ 3/41

සැරසන්ස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 58 (6.4) ගමිඳු අමරසිංහ 22

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<