මේට්ලන්ඩ් පෙදෙසේ කණ්ඩායම් 3ක් ජයග්‍රාහකයින් අතරට

389

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ අද (30) අවසන් වූ තරග අතුරින් එන්. සී. සී., එස්. එස්. සී. සහ සී. සී. සී. කණ්ඩායම් ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. ඔවුන් අතින් පරාජයට පත්වූයේ පිළිවෙළින් මුවර්ස්, මීගමුව සහ බී. ආර්. සී. කණ්ඩායම් ය.

දිනයේ ශතක වාර්තා කිරීමට වරාය අධිකාරිය කණ්ඩායමේ අදීශ නානායක්කාර, හලාවත මේරියන්ස් කණ්ඩායමේ ඔසඳ ප්‍රනාන්දු සහ රිසිත් උපමාල් සමත් වූහ.

චතුරංග ද සිල්වාගෙන් කඩුලු ත්‍රිත්වයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන අන්තර් ක්‍රීඩා සමාජ Major League ක්‍රිකට් තරගාවලියේ අද (29) දෙවැනි දිනටත් ක්‍රියාත්මක තරග අතරින් මුවර්ස් සහ එන්. සී. සී. අතර තරගයේ…

මුවර්ස් සහ එන්. සී. සී. අතර තරගය

කොළඹ මුවර්ස් පිටියේ දී නිමා වූ මෙම තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් එන්. සී. සී. ක්‍රීඩකයෝ සියලුම දෙනාම දැවී ලකුණු 330ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ඉනිම සඳහා පිටියට පිවිසි මුවර්ස් ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලබා ගත්තේ ලකුණු 81ක් පමණි.  

ලකුණු 249ක් ඉදිරියෙන් සිටිමින් නැවත පන්දුවට පහර දීමට පිටියට පිවිසි එන්. සී. සී. කණ්ඩායම තම දෙවැනි ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 367ක් ලබා ගත්හ.

Photos : SSC Vs Negombo CC | Major League Tier A Tournament 2018/2019

ඒ අනුව ලකුණු 616ක් ඉදිරියෙන් සිටි එන්. සී. සී. ක්‍රීඩකයෝ දෙවැනි ඉනිමට පන්දුවට පහර දීමට මුවර්ස් ක්‍රීඩකයන්ට ආරාධනා කළහ. ඔවුන්ට එම ඉනිමේ දී ලබා ගත හැකි වූයේ සියලුම දෙනා දැවී ලකුණු 73ක් පමණි. එම ඉනිම අසරණ කිරීමේ දී  සචින්ත පීරිස් ලකුණු 45කට කඩුලු 6ක් දවා ගත්තේ ය. චතුරංග ද සිල්වා ලකුණු 24කට කඩුලු 4ක් දවා ගත්තේ ය. ඔහු තරගයේ දී 56කට කඩුලු 10ක් දවා ගත්තේ ය.

එන්. සී. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 330 (65.5) උපුල් තරංග 28, පැතුම් නිශ්ශංක 163, ඇන්ජලෝ පෙරේරා 61, චතුරංග ද සිල්වා 35, කේශාන් විජේරත්න 2/39, රමේෂ් මෙන්ඩිස්  2/55 , තරිඳු කෞෂාල් 4/72

මුවර්ස් ක්‍රීඩා සමාජය ; පළමු ඉනිම සියලුම දෙනා දැවී 81 (24.3) චරිත කුමාරසිංහ 22, ඉරෝෂ් සමරසූරිය 26, ලසිත් ඇඹුල්දෙණිය 3/29, චතුරංග ද සිල්වා 6/32

එන්. සී. සී.; දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 367 (59) හසිත බෝයගොඩ 101 , පැතුම් නිශ්ශංක 84, ඇන්ජලෝ පෙරේරා 37, චාමික කරුණාරත්න 82, කේශාන් විජේරත්න 2/46,  රොමේෂ් මෙන්ඩිස් 4/92

මුවර්ස් ක්‍රීඩා සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 73 (21.1) ඉරෝෂ් සමරසූරිය 22, තරිඳ කෞෂාල් 22, සචින්ත පීරිස් 6/45, චතුරංග ද සිල්වා 4/24


වරාය අධිකාරිය සහ ටැමිල් යූනියන් අතර තරගය

පී. සරා ඕවල් පිටියේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට ටැමිල් යූනියන් ක්‍රීඩකියෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් වරාය අධිකාරිය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට ලකුණු 245ක් ලබා ගත්හ. ඊට පිළිතුරු ලෙසින් වරාය අධිකාරිය ක්‍රීඩකයෝ ලකුණු 416ක් ලබා ගත්හ. ලකුණු 271ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිමට පිටියට පිවිසි වරාය අධිකාරිය ක්‍රීඩකයෝ තරගය නතර කරන විට කඩුලු 8ක් දැවී ලකුණු 296ක් ලබා සිටියහ.  

වරාය අධිකාරිය දෙවැනි ඉනිමේ දී අදීශ නානායක්කාර පන්දු 169කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු137ක් ලබා ගත්තේ ය. ඊට අමතරව නායක ගයාන් මනිෂාන් පන්දු 149කට මුහුණ දී හතරේ පහර 9ක් සමඟින් ලකුණු 65ක් ලබා ගත්තේ ය.

වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 245 (82) රුවිඳු ගුණසේකර 66, ප්‍රිමෝෂ් පෙරේරා 38, ප්‍රශාන් වික්‍රමසිංහ59, ඉමේෂ් උදයංග 23, ජීවන් මෙන්ඩිස් 9/53

ටැමිල් යූනියන් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම සියලුම දෙනා දැවී 416 (105.5) සිතාර ගිම්හාන් 105, ලහිරු මිලන්ත 58, සචිත්‍ර සේරසිංහ 21, කිත්රුවන් විතානගේ , ජීවන් මෙන්ඩිස් නොදැවී 106, කමිඳු මෙන්ඩිස් 27, ඉමේෂ් උදයංග 6/141

වරාය අධිකාරිය ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම කඩුලු 8ක් දැවී 296 (76) ප්‍රිමෝෂ් පෙරේරා 21, අදීශ නානායක්කාර 137, ගයාන් මනීෂාන් 65, ඉමේෂ් උදයංග 33, ජීවන් මෙන්ඩිස් 3/106, කමිඳු මෙන්ඩිස් 2/65

ඇන්ජලෝ මැතිව්ස්ගේ ආබාධයේ නවතම තත්වය මෙන්න

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක ඇන්ජලෝ මැතිව්ස්, ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ක්‍රයිස්ට්චර්ච් හී නිමා වූ දෙවන ටෙස්ට් තරගයේ සිව්වැනි දිනය වන ඊයේ (30) දිනයේ ක්‍රීඩා…

ශ්‍රී ලංකා යුද හමුදාව සහ හලාවත මේරියන්ස් අතර තරගය

පනාගොඩ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයක් ලබා ගැනීමට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් යුද හමුදා ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 357ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් තරගය අවසන් වෙන විට හලාවත මේරියන්ස් ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 482ක් ලබා ගත්හ.

මේරියන්ස් කණ්ඩායම වෙනුවෙන් ශතක දෙකක් එක් වීම කැපී පෙණුනි. ඒ ඔසඳ ප්‍රනාන්දු සහ රිසිත් උපමාල් ය. ඔසඳ පන්දු 219කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 140ක් ලබා ගත් අතර රිසිත් උපමාල් පන්දු 221කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් ලකුණු 104ක් ලබා ගත්තේ ය.  

යුද හමුදා ක්‍රිකට් කණ්ඩායම; පළමු ඉනිම සියලුම දෙනා දැවී 357 (124.4) ලක්ෂාන් එදිරිසිංහ 76, දුශාන් විමුක්ති 23, ඩිල්ශාන් ද සොයිසා 22, සංජික රිද්ම 119, ජනිත් සිල්වා 32, දනුශික බණ්ඩාර 33, සාගර් පරේෂ් 3/111, රොෂාන් ජයතිස්ස 2/62, තික්ෂිල ද සිල්වා 3/95

හලාවත මේරියන්ස් ක්‍රිකට් කණ්ඩායම; කඩුලු 9ක් දැවී 482 (130) යසෝද ලංකා 76, නිසල් ෆ්‍රැන්සිස්කෝ 20, ඔසඳ ප්‍රනාන්දු 140,  හර්ෂ කුරේ 38, රිසිත් උපමාල් 104, තික්ෂිල ද සිල්වා 21, ඉරෝෂ් ප්‍රනාන්දු 24, දුශාන් විමුක්ති 2/92, දනුශික බණ්ඩාර 2/152, ලක්ෂාන් මධුශංක 3/98


එස්. එස්. සී. සහ මීගමුව අතර තරගය

කොළඹ එස්. එස්. සී. පිටියේ දී පැවති මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 46ක ජයග්‍රහණයක් ලබා ගැනීමට එස්. එස්. සි. ක්‍රීඩකයින් සමත් විය.

පළමුවෙන් පන්දුවට පහර දුන් මීගමු ක්‍රීඩකයන් තම පළමු ඉනිමට සියලුම දෙනා දැවී ලකුණු 212ක් රැස් කළ අතර ඊට පිළිතුරු ලෙසින් පිටියට පිවිසි එස්. එස්. සී. ක්‍රීඩකයෝ කඩුලු 9ක් දැවී ලකුණු 446ක් ලබා ගත් හ. ඉන් සෑහිමකට පත්වූ ඔවුන් ලකුණු 234ක් ඉදිරියෙන් සිටිමින් ප්‍රතිවාදීන්ට පන්දුවට පහර දීමට ආරාධනා කළ හ.  

එම ඉනිම ලකුණු 188කට සීමා වූ අතර එහි දී ලසිත් කෘෘස්පුල්ලේ පන්දු 65කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 87ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී හිමේෂ් රාමනායක සහ ආකාශ් සේනාරත්න කඩුලු 3 බැගින් දවා ගත් හ.

මීගමු ක්‍රිකට් සමාජය: පළමු ඉනිම සියලුම දෙනා දැවී 212 (62.3) අශේන් සිල්වා 28, ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර 23, සහන්ත ආරච්චිගේ 23, ඩිලාන් ජයලත් 38, සනිත ද මැල් 43, විමුක්ති පෙරේරා 3/33, තරිඳු රත්නායක 2/65, ආකාශ් සේනාරත්න 2/44, සම්මු අශාන් 2/11

එස්. එස්. සී.; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 446 (113.2) සඳුන් වීරක්කොඩි 63, කෞෂාල් සිල්වා නොදැවී 207, ක්‍රිශාන් ආරච්චිගේ 22, ආකාශ් සේනාරත්න 47, පසිඳු සූරියබණ්ඩාර 32, හිමේෂ් රාමනායක නොදැවී 33, නිලංක සඳකැන් 4/120, උපුල් ඉන්ද්‍රසිරි 4/144

මීගමුව ක්‍රිකට් සමාජය; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 188 (44.1) ඩිලාශ්‍රී ලොකුබණ්ඩාර 28, ලසිත් කෘස්පුල්ලේ 87, හිමේෂ් රාමනායක 32/ 3, ආකාශ් සේනාරත්න 3/68

කැන්ගරුවන් අභිබවා ඉන්දියාව යළිත් ඉස්සර වෙයි

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අතර මෙල්බර්න් ක්‍රීඩාංගණයේ දී නිමා වූ තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 137කින් ජය ගත් ඉන්දීය කණ්ඩායම තරග 4කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට්…

කෝල්ට්ස් සහ බදුරලිය අතර තරගය

කෝල්ට්ස් පිටියේ දී මෙම තරගයෙන් පළමු ඉනිමේ ජයග්‍රහණයක් ලබා ගැනීමට බදුරලිය ක්‍රීඩකයෝ සමත් වූහ.

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 9ක් දැවී ලකුණු 419ක් ලබා ගත් අතර ඊට පිළිතුරු ලෙසින් බදුරලිය ක්‍රීඩකයෝ තම පළමු ඉනිමට කඩුලු 9ක් දැවී ලකුණු 420ක් ලබා ගත් හ.

බදුරලිය ඉනිම වෙනුවෙන් විදෙස් ක්‍රීඩක සුබ්‍රමනියන් ආනන්ද් ලකුණු 54ක් ලබා ගත් අතර ලහිරු සමරකෝන් පන්දු 86කට මුහුණ දෙමින් හතරේ පහර 7ක් සහ හයේ පහර 2ක් සමඟින් නොදැවී ලකුණු 71ක් ලබා ගත්තේ ය. ඊට අමතරව ශිරාන් රත්නායක ද පන්දු 140කට මුහුණ දී හතරේ පහර 4ක් සමඟින් ලකුණු 66ක් ලබා ගත්තේ ය.  

කෝල්ට්ස් ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 419 (150) විශාද් රන්දික 85, ප්‍රියමාල් පෙරේරා නොදැවී 206, නිසල තාරක 34, මහේෂ් තීක්ෂණ 20, බුද්ධික සංජීව 5/86, සචිත් පතිරණ 2/121

බදුරලිය ක්‍රිකට් සමාජය; පළමු ඉනිම කඩුලු 9ක් දැවී 420 (120) අලංකාර අසංක 49, සාලින්ද උෂාන් 23, ප්‍රනාන්දු 35, සුබ්‍රමනියම් ආනන්ද් 54, ටටෙන්ඩා තායිබු 30, ශ්‍රිරාන් රත්නායක 66, දෙනුවන් රාජකරුණා 42, ලහිරු සමරකෝන් නොදැවී 71, නිසල තාරක 4/90, හර්ෂ රාජපක්ෂ 2/52


බී. ආර්. සී. සහ සී. සී. සී. අතර තරගය

කටුනායක නිදහස් වෙළඳ කලාප ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයෙන් ඉනිමක සහ ලකුණු 118ක ජයග්‍රහණයක් ලබා ගැනීමට සී. සී. සී. ක්‍රීඩකයෝ සමත් වූහ.

පළමුවෙන් පන්දුවට පහර දුන් බී. ආර්. සී. ක්‍රීඩකයෝ තම පළමු ඉනිම වෙනුවෙන් සියලුම දෙනා දැවී ලකුණු 105ක් ලබා ගත් අතර සී. සී. සී. කණ්ඩායම තම පළමු ඉනිමට කඩුලු 7ක් දැවී ලකුණු 498ක් ලබා ගත් හ.

ලකුණු 393ක් පිටුපස සිටිමින් තම දෙවැනි ඉනිම ඇරඹූ බී. ආර්. සී. ක්‍රීඩකයෝ සියලුම දෙනා දැවී ලබා ගත්තේ ලකුණු 275ක් පමණි. එම ඉනිමේ දී නායක රුමේෂ් බුද්ධික පන්දු 149කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සමඟින් ලකුණු 83ක් ලබා ගත්තේ ය.

කඩුලු ලබා ගැනීමේ දී මාලින්ද පුෂ්පකුමාර ලකුණු 82කට කඩුලු 4ක් දවා ගත්තේ ය.

බී. ආර්. සී.; පළමු ඉනිම සියලුම දෙනා දැවී 105 (43.4) හෂේන් රාමනායක 24, මධුක ලියනපතිරණගේ 23 ලහිරු ගමගේ 3/19, විශ්ව ප්‍රනාන්දු 4/52

සී. සී. සී.; පළමු ඉනිම කඩුලු 7ක් දැවී 498 (43.1) මාධව වර්ණපුර 61, මිනෝද් භානුක 180, අශාන් ප්‍රියංජන් 69, ලසිත් අබේරත්න 66, ලහිරු මධුශංක 35, මනෙල්ක ද සිල්වා නොදැවී 37, හෂේන් රාමනායක 2/47,

බී. ආර්. සී.; දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 275 (79.2) ලසිත් ලක්ෂාන් 21, භානුක රාජපක්ෂ 22, රුමේෂ් බුද්ධික 83, හෂේන් රාමනායක 23, ටී. එන්. සම්පත් 33, දුවිඳු තිලකරත්න 23,  මාලින්ද පුෂ්පකුමාර 5/82, වනිඳු හසරංග 3/44

 >> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<