වර්ෂාව හේතුවෙන් දින 2කින් තරග කල් දැමුණ ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද (25) නැවත ආරම්භ වූවා. එහි දී BRC කණ්ඩායම Colts කණ්ඩායම හමුවේ ලකුණු 73කට දැවී ගියා. ඔවුන් මෙලෙසින් දැවී ගියේ තරගය පන්දුවාර 15කට සීමා වෙමින් පවතිද්දී තවත් පන්දු 2ක් ද ඉතිරි ව තිබිය දී යි.
මේ අතර අද පැවැති තරගවල දවසේ කැපී පෙණෙන පිතිකරුවන් බවට පත් වීමට ලියෝ ෆ්‍රැන්සිස්කෝ, සීක්කුගේ ප්‍රසන්න සහ ලහිරු මදුශංක සමත් වුනා.
Kurunegala Youth කණ්ඩායම නියෝජනය කරන ලියෝ ෆ්‍රැන්සිස්කෝ Panadura කණ්ඩායමට එරෙහි ව පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 63ක් ලබා ගත් අතර එය ඔහුගේ 30ක් වන විස්සයි විස්ස තරගවල මංගල අර්ධ ශතකයයි.
Baduraliya SC සහ NCC කණ්ඩායම් අතර පැවැති තරගයේ දී Baduraliya කණ්ඩායමේ සීක්කුගේ ප්‍රසන්න පන්දු 29කට මුහුණ දෙමින් හතරේ පහර 4ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 58ක් ලබා ගැනීමට සමත් වෙනවා. එය ඔහුගේ විස්සයි විස්ස තරග දිවියේ 7 වැනි අර්ධ ශතකයයි.
Bloomfield කණ්ඩායමේ දකුණත් පිතිකරු ලහිරු මදුශංක Chilaw Marians කණ්ඩායමට එරෙහි ව පන්දු 21කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 54ක් ලබා ගත් අතර එය ඔහුගේ විස්සයි විස්ස තරග දිවියේ සිව් වැනි අර්ධ ශතකයයි.
මේ අතර අද පැවැති තරග අතුරින් Colts ක්‍රීඩාංගණයේ දී පැවැති Baduraliya SC සහ NCC අතර තරගය විසඳුමකින් තොරව අවසන් වූ අතර අනෙක් සෑම තරගයක ම විසඳුමක් සහිතව නිමා වුනා.
- මැතිව්ස් ටෙස්ට් පිටියට සමුදෙයි!
- ශ්‍රී ලංකා A කණ්ඩායම ඕස්ට්‍රේලියාවේ දීර්ඝ තරග සංචාරයකට!
- විස්සයි විස්ස පිටියට වර්ෂාව කඩාවදී
- කෝඩුකාරයෝත් දක්ෂතා දක්වයි
- ශ්‍රී ලංකාව ICC එක්දින ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියට!
අද පැවැති තරගවල කෙටි ලකුණු පුවරු
Moors SC සහ CCC අතර තරගය SSC ක්‍රීඩාංගණයේ දී.
- Moors SC – කඩුලු 5ක් දැවී 111 (11.0)සොහාන් ද ලිවේරා 37, සදීර සමරවික්‍රම 23, පසිඳු සූරියබණ්ඩාර 29, චමිඳු විජේසිංහ 2/30
- CCC – කඩුලු 8ක් දැවී 100 (11.0)නිශාන් මදුශ්ක 21, සහන් කෝසල 30, ප්‍රවීන් ජයවික්‍රම 2/23, රමේෂ් මෙන්ඩිස් 2/29, ගරුක සංකේත් 2/08
Moors SC කණ්ඩායමට ලකුණු 11ක ජයක්.
Nugegoda S & WC සහ Police SC අතර තරගය Colts ක්‍රීඩාංගණයේ දී.
- Nugegoda S & WC – කඩුලු 5ක් දැවී 87 (13.0)පුලිඳු පෙරේරා 32, කෙවින් පෙරේරා නොදැවී 21, චාරුක ප්‍රමෝද් 2/18, දිලුම් සුදිර 2/11
- Police SC– කඩුලු 2ක් දැවී 90 (9.3)විශාද් රන්දික 20, ප්‍රියමාල් පෙරේරා නොදැවී 30, අශේන් බණ්ඩාර නොදැවී 20
Police SC කණ්ඩායමට කඩුලු 8ක ජයක්.
Chilaw Marians CC සහ Bloomfield C & AC අතර තරගය CCC ක්‍රීඩාංගණයේ දී.
- Chilaw Marians CC – කඩුලු 4ක් දැවී 66 (8.0)කසුන් විදුර නොදැවී 26, ජෙෆ්රි වැන්ඩර්සේ 2/13
- Bloomfield C & AC– කඩුලු 3ක් දැවී 72 (6.1)ලහිරු මදුශංක නොදැවී 54, සම්මු අශාන් 2/20
Bloomfield C & AC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
BRC සහ Colts CC අතර තරගය SSC ක්‍රීඩාංගණයේ දී.
- BRC – සියලුම දෙනා දැවී 73 (14.4)රිසිර වීරසූරිය නොදැවී 18, ඩිල්ශාන් මදුශංක 2/11, ධනංජය ලක්ෂාන් 2/10, අකිල ධනංජය 3/18
- Colts CC– කඩුලු 3ක් දැවී 74 (11.1)ඇන්ජලෝ මැතිව්ස් නොදැවී 30, දුනිත් වෙල්ලාලගේ නොදැවී 18, චමීර දිසානායක 2/05
Colts CC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.
Baduraliya SC සහ NCC අතර තරගය Colts ක්‍රීඩාංගණයේ දී.
- Baduraliya SC– කඩුලු 7ක් දැවී 149 (20.0)අලංකාර අසංක 20, ඩිල්ශාන් ද සොයිසා 27, යෙනුල දෙව්තුස 20, සීක්කුගේ ප්‍රසන්න 58, චාමික කරුණාරත්න 3/23, අශේන් ඩැනියෙල් 2/18
- NCC– කඩුල්ලක් දැවී 31 (3.1)නිරෝෂන් දික්වැල්ල නොදැවී 16, කමිල් මිෂාර නොදැවී 14
තරගයේ විසඳුමක් නෑ.
Kurunegala Youth CC සහ Panadura SC අතර තරගය CCC ක්‍රීඩාංගණයේ දී.
- Kurunegala Youth CC – කඩුලු 8ක් දැවී 160 (18.0)ලක්වින් අබේසිංහ 28, ලියෝ ෆ්‍රැන්සිස්කෝ 63, රශ්මික මදුශංක 30, දුශාන් හේමන්ත 2/31, විශේන් හැළඹගේ 2/14
- Panadura SC– කඩුලු 8ක් දැවී 162 (17.4)ඔෂද ප්‍රනාන්දු 44, විශේන් හැළඹගේ 23, එරංග ජයකොඩි 48, අරවින්ද ප්‍රේමරත්න 2/24
Panadura SC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.
දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.