විශේන්, කෙවින්, චතුරංග සහ සම්පත් සුවිශේෂී කඩඉම් ඉනිම්වල

Major Clubs T20 Tournament 2025

151
Major Clubs T20 Tournament 2025

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ තවත් තරග 6ක් අද (05) පැවැති අතර එම තරගවල දී විශේන් හැළඹගේ, කෙවින් පෙරේරා සහ චතුරංග ජයතිලක තම පළමු පෙළ විස්සයි විස්ස තරග දිවියේ මංගල අර්ධ ශතක වාර්තා කළ අතර පන්දු යැවීමේ දී දවසේ කැපී පෙණෙන ක්‍රීඩකයා බවට පත් වීමට සම්පත් නිශ්ශංක සමත් වුනා.

Nugegoda S & WC කණ්ඩායමේ කෙවින් පෙරේරා පන්දු 40කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 4ක් සමඟින් නොදැවී ලකුණු 58ක් ලබා ගත් අතර එය අද දවසේ වාර්තා වූ කෝඩුකාර අර්ධ ශතක ඉනිම් අතර හොඳම ඉනිම බවට පත් වුනා.

ඊට අමතර ව Panadura කණ්ඩායමේ 20 හැවිරිදි වියේ පසුවෙන ආරම්භක පිතිකරු විශේන් හැළඹගේ පන්දු 33කට මුහුණ දෙමින් හතරේ පහර 9ක් සමඟින් ලකුණු 51ක් ලබා ගත් අතර Police SC කණ්ඩායමේ චතුරංග ජයතිලක පන්දු 41කට මුහුණ දෙමින් හතරේ පහර 2ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 50ක් ලබා ගත්තා.

ඔවුන්ට අමතර ව Chilaw Marians CC කණ්ඩායමේ යශෝධ ලංකා පන්දු 44කට මුහුණ දෙමින් හතරේ පහර 3ක් සහ හයේ පහර 5ක් සමඟින් ලකුණු 62ක් ලබා ගත්තා. එය අද දවසේ පිතිකරුවෙක් වාර්තා කරන ලද ඉහළ ම ලකුණු සංඛ්‍යාව වූ අතර ඔහුගේ පළමු පෙළ විස්සයි විස්ස තරග පිටියේ 4 වැනි අර්ධ ශතකයයි.

මේ අතර Nugegoda S & WC කණ්ඩායමේ 42 හැවිරිදි වියේ පසුවෙන තිලකරත්න සම්පත් පන්දු 49කට මුහුණ දෙමින් හතරේ පහර 6ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 56ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ විස්සයි විස්ස තරග දිවියේ 6 වැනි අර්ධ ශතකයයි.

පන්දු යැවීමේ දී NCC කණ්ඩායමේ වමතින් මඳ වේග පන්දු යවන 23 හැවිරිදි වියේ පසුවෙන සම්පත් නිශ්ශංක Moors කණ්ඩායමට එරෙහි ව ලකුණු 19කට කඩුලු 5ක් දවා ගන්නවා. එය ඔහුගේ පළමු පෙළ විස්සයි විස්ස තරගවල හොඳම පන්දු යැවීමයි.

පැවැති තරගයේ කෙටි ලකුණු පුවරුව

NCC සහ Moors SC අතර තරගයකොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

  • Moors SC – සියලුම දෙනා දැවී 114 (20.0) සිතාර ගිම්හාන් 42, රමේෂ් මෙන්ඩිස් 24, ශිරාන් ප්‍රනාන්දු නොදැවී 13, සම්පත් නිශ්ශංක 5/19, දුශ්මන්ත චමීර 2/21
  • NCC කඩුලු 6ක් දැවී 118 (14.1) නිරෝෂන් දික්වැල්ල 40, චාමික කරුණාරත්න නොදැවී 49, ශිරාන් ප්‍රනාන්දු 1/11

NCCකණ්ඩායමට කඩුලු 4ක ජයක්.

Kurunegala Youth CC සහ Ace Capital CC අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

  • Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 81 (15.5)ලියෝ ෆ්‍රැන්සිස්කෝ 23, දනාල් හේමානන්ද 2/12, වනුජ සහන් 4/09
  • Ace Capital CC –කඩුලු 9ක් දැවී 82 (17.3)ලහිරු දවටගේ 23, දනාන් හේමානන්ද නොදැවී 19, දිනුක තෙන්නකොන් 2/25, ගයන වීරසිංහ 2/14, චතුමල් නිමේෂ් 2/11

Ace Capital CC කණ්ඩායමට කඩුල්ලක ජයක්.

Panadura SC සහ Baduraliya SC අතර තරගය කොළඹ Colts ක්‍රීඩාංගණයේ දී.

  • Panadura SC– කඩුලු 8ක් දැවී 149 (20.0) විශේන් හැළඹගේ 51, සසිඳු මල්ශාන් 22, නිමේෂ් විමුක්ති 19, යෙනුල දෙවතුස 2/07, කේශර නුවන්ත 2/37
  • Baduraliya SC– සියලුම දෙනා දැවී 145 (19.1)යුතික දිල්රුක් 26, යෙනුල දෙව්තුස 46, රොස්කෝ තට්ටිල් 20, අසංක මනෝජ් 2/29, දුශාන් හේමන්ත 2/21, විශ්ව ලහිරු 2/06

Panadura SC කණ්ඩායමට ලකුණු 4ක ජයක්.

Bloomfield C & AC සහ BRC අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී.

  • Bloomfield C & AC– සියලුම දෙනා දැවී 96 (19.1) ජනිත් ලියනගේ 17, ලහිරු මදුශංක 41, මර්වින් අබිනාශ් 3/12, තරුශ්ක අශේල් 2/11, චමීර දිසානායක 2/16
  • BRC– කඩුලු 9ක් දැවී 99 (19.2) මොවින් සුබසිංහ 21, මර්වින් අබිනාශ් නොදැවී 19, තරින්ද ගුරුගේ 2/17, කවීෂ පියුමාල් 4/19

BRC කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

Tamil Union C & AC Nugegoda S & WC Colts

  • Tamil Union C & AC– කඩුලු 9ක් දැවී 139 (20.0) භානුක රාජපක්ෂ 42, කවිඳු නිර්මාණ 21, කවිඳු දිල්හාර නොදැවී 18, මයුර හේශාන් 2/23, තිලකරත්න සම්පත් 2/18, සුවත් මෙන්ඩිස් 2/36
  • Nugegoda S & WC– කඩුලු 3ක් දැවි 142 (18.2)තිලකරත්න සම්පත් නොදැවී 56, කවින් පෙරේරා නොදැවී 58

Nugegoda S & WC කණ්ඩායමට කඩුලු 7ක ජයක්.

Police SC සහ Chilaw Marians CC අතර තරගය කොළඹ P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

  • Chilaw Marians CC – කඩුලු 8ක් දැවී 178 (20.0)යශෝධ ලංකා 62, කසුන් විදුර 45, දමිත් කප්පාගොඩ 2/25, නදීර බාලසූරිය 2/36, චාරුක ප්‍රමෝද් 3/35
  • Police SC – කඩුලු 9ක් දැවී 138 (20.0)චතුරංග ජයතිලක 50, දමිත් කප්පාගොඩ 26, ඉරුෂ්ක තිමිර 3/07, තනුක දාබරේ 2/24

Chilaw Marians CC කණ්ඩායමට ලකුණු 40ක ජයක්.

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<