නිශාන්, අහන් සහ සීක්කුගේ ශතක වාර්තා කරයි

Major Clubs Limited Over Tournament 2025

6

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Clubs එක්දින සීමිත පන්දුවාර ක්‍රිකට් තරගාවලියේ තවත් තරග කිහිපයක් අද (17) අවසන් වූ අතර එහි දී නිශාන් මදුශ්ක, අහන් වික්‍රමසිංහ සහ සීක්කුගේ ප්‍රසන්න ශතක වාර්තා කිරීමට සමත් වුණා.  

මේ අතුරින් දිනයේ ඉහළ ම ලකුණු වාර්තා කළ පිතිකරු බවට පත් වූයේ CCC කණ්ඩායමේ නිශාන් මදුශ්ක. ඔහු Bloomfield C & AC කණ්ඩායමට එරෙහි ව පන්දු 145කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 6ක් සමඟින් ලකුණු 174ක් ලබා ගත්තා. එම ඉනිම ඔහුගේ පළමු පෙළ එක්දින තරග 72ක හොඳම ඉනිමයි.  

ඊට අමතර ව එක ම තරගයක දී අහන් වික්‍රමසිංහ සහ සීක්කුගේ ප්‍රසන්න ද ශතක වාර්තා කළා. NCC කණ්ඩායමේ අහන් වික්‍රමසිංහ Baduraliya SC කණ්ඩායමට එරෙහි ව පන්දු 90කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 2ක් සමඟින් ලකුණු 114ක් ලබා ගන්නා ලද අතර එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග 56ක හොඳම ඉනිම බවට ද පත් වුණා. 

 Baduraliya SC කණ්ඩායමේ සීක්කුගේ ප්‍රසන්න NCC කණ්ඩායමට එරෙහි ව පන්දු 75කට මුහුණ දෙමින් හතරේ පහර 5ක් සහ හයේ පහර 10ක් සමඟින් ලකුණු 112ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ එක්දින තරග 203ක මංගල ශතකයයි.  

මේ අතර අද දවසේ දී BRC කණ්ඩායමේ ගජිත කොටුවේගොඩ (63), Ace Capital CC කණ්ඩායමේ හිමාෂ ලියනගේ (73) සහ රවීන් ද සිල්වා (නොදැවී 74) Police SC කණ්ඩායමේ ධනුජ ඉඳුවර (73), Kurunegala Youth CC කණ්ඩායමේ ගයන වීරසිංහ (53), NCC කණ්ඩායමේ චාමික කරුණාරත්න (නොදැවී 95), CCC කණ්ඩායමේ ධනංජය ද සිල්වා (59), Bloomfield C & AC කණ්ඩායමේ මිනෙත් ප්‍රේමරත්න (51) සහ නිපුන් කරුණානායක (51) අර්ධ ශතක ලබා ගනිමින් දක්ෂතා දැක් වූවා.  

නිමා වූ තරගවල කෙටි ලකුණු පුවරු 

BRC සහ Moors SC අතර තරගය කොළඹ BRC ක්‍රීඩාංගණයේ දී. 

  • BRC – සියලුම දෙනා දැවී 126 (31.2) ගජිත කොටුවේගොඩ 63, දිනිරු අබේවික්‍රමසිංහ 20, යසිරු රොද්‍රිගෝ 25, හිවින් කෙනුල 3/18, රමේෂ් මෙන්ඩිස් 4/31
  • Moors SC – කඩුලු 7ක් දැවී 130 (24.4) ජනිශ්ක පෙරේරා 31, රවිශාන් ද සිල්වා 21, සදීර සමරවික්‍රම 24, ශෂික දුල්ශාන් 4/41, මොවින් සුබසිංහ 3/13

Moors කණ්ඩායමට කඩුලු 3ක ජයක්.  

Police SC සහ Ace Capital CC අතර තරගය කොළඹ Police ක්‍රීඩාංගණයේ දී. 

  • Ace Capital CC – කඩුලු 6ක් දැවී 211 (50.0) හිමාෂ ලියනගේ 73, රවීන් ද සිල්වා නොදැවී 74, චාරුක ප්‍රමෝද් 2/25, දිලුම් සුදීර 2/28
  • Police SC – කඩුලු 4ක් දැවී 212 (45.1) ධනුජ ඉඳුවර 73, නදීර බාලසූරිය 22, ජේසන් ප්‍රනාන්දු 45, අශේන් බණ්ඩාර නොදැවී 32, ප්‍රියමාල් පෙරේරා නොදැවී 22, අනුක විජේවර්ධන 3/53

Police SC කණ්ඩායමට කඩුලු 6ක ජයක්. 

Panadura SC සහ Chilaw Marians CC අතර තරගය Panadura ක්‍රීඩාංගණයේ දී. 

  • Chilaw Marians CC – සියලුම දෙනා දැවී 172 (40.2) තනුක දාබරේ 42, රවිඳු රත්නායක 37, හර්ෂ කුරේ 29, මොහොමඩ් ඩිල්ශාඩ් 2/19, සෙනිත හැළඹගේ 4/32, නිමේෂ් විමුක්ති 3/38
  • Panadura SC – කඩුලු 3ක් දැවී 176 (34.2) ඔෂද ප්‍රනාන්දු 35, කංචන ද ලිවේරා 40, විමත් දින්සර නොදැවී 35, සෙනිත හැළඹගේ නොදැවී 44

Panadura SC කණ්ඩායමට කඩුලු 7ක ජයක්. 

NCC සහ Baduraliya SC අතර තරගය කොළඹ NCC ක්‍රීඩාංගණයේ දී. 

  • NCC – කඩුලු 9ක් දැවී 328 (50.0) කවින් බණ්ඩාර 23, විනුක රුබසිංහ 36, අහන් වික්‍රමසිංහ 114, සහන් ආරච්චිගේ 22, චාමික කරුණාරත්න නොදැවී 95, මානස මදුභාෂණ 3/80
  • Baduraliya SC – සියලුම දෙනා දැවී 222 (47.5) යෙනුල දෙව්තුස 48, සීක්කුගේ ප්‍රසන්න 112, දුෂ්මන්ත චමීර 2/34, ලසිත් ඇඹුල්දෙණිය 3/28, සහන් ආරච්චිගේ 2/23

NCC කණ්ඩායමට ලකුණු 106ක ජයක්. 

CCC සහ Bloomfield C & AC අතර තරගය කොළඹ CCC ක්‍රීඩාංගණයේ දී. 

  • CCC – කඩුලු 7ක් දැවී 340 (50.0) නිශාන් මදුශ්ක 174, ධනංජය ද සිල්වා 59, පවන් සංදේශ් 44, ලහිරු මදුශංක 4/59, දුලාජ් සමුදිත 2/75
  • Bloomfield C & AC – සියලුම දෙනා දැවී 206 (46.2) මිනෙත් ප්‍රේමරත්න 51, නිපුන් කරුණානායක 51, ලහිරු මදුශංක 29, තරිඳු ගුරුගේ නොදැවී 22, දුලාජ් සමුදිත 21, විශ්ව ප්‍රනාන්දු 3/25, චමිඳු විජේසිංහ 2/37, සිතුම් විහඟ 2/47

CCC කණ්ඩායමට ලකුණු 134ක ජයක්. 

Kurunegala Youth CC සහ Nugegoda WC අතර තරගය කුරුණෑගල වෙළගෙදර ක්‍රීඩාංගණයේ දී. 

  • Kurunegala Youth CC – සියලුම දෙනා දැවී 173 (44.4) මේෂ් තෙන්නකෝන් 34, ගයන වීරසිංහ 53, වතිල උදාර නොදැවී 24, තිලකරත්න සම්පත් 2/18, මියුරු හේෂාන් 2/23, රාහුල් ගුණසේකර 2/35, කවික ඩිල්ශාන් 3/44
  • Nugegoda WC – සියලුම දෙනා දැවී 131 (38.3) අක්‍රම් මුතාලිබ් 20, කෙවින් පෙරේරා 49, දිසස් මංචනායක 20, දිනුක තෙන්නකෝන් 3/36, ගයන වීරසිංහ 2/17, වතිල උදාර 3/30

Kurunegala Youth CC කණ්ඩායමට ලකුණු 42ක ජයක්.  

දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම. 

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<