රොෂේන් සිල්වා ලකුණු 10 000 සමාජයට

1

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන Major Club තුන් දින ක්‍රිකට් තරගාවලියේ පළමු සතියේ තරග අවසන් වෙද්දී BRC කණ්ඩායමේ රොෂේන් සිල්වා පළමු පෙළ ලකුණු 10 000 සමාජයට එක් වීමට සමත් වූවා.

37 වැනි වියේ පසුවෙන රොෂේන් සිල්වා අද (8) Moors කණ්ඩායමට  ව පන්දු 220කට මුහුණ දෙමින් හතරේ පහර 11ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 100ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග 157ක 29 වැනි ශතකයයි.

මේ අතර අද පැවැති අනෙක් තරගවල දී Nugegoda කණ්ඩායමේ ආරම්භක පිතිකරු පුලිඳු පෙරේරා CCC කණ්ඩායමට එරෙහි ව පන්දු 131කට මුහුණ දෙමින් හතරේ පහර 14ක් සහ හයේ පහර 6ක් සමඟින් නොදැවී ලකුණු 129ක් ලබා ගත්තා. එය ඔහුගේ පළමු පෙළ තරග 3ක මංගල ශතකයයි.

ඊට අමතර ව Police කණ්ඩායමේ ප්‍රියමාල් පෙරේරා Panadura කණ්ඩායමට එරෙහි ව පන්දු 117කට මුහුණ දෙමින් හතරේ පහර 10ක් සහ හයේ පහරක් සමඟින් නොදැවී ලකුණු 116ක් ලබා ගත් අතර එය ඔහුගේ පළමු පෙළ තරග 82ක 6 වැනි ශතකයයි.

මේ අතර Panadura කණ්ඩායමේ කංචන ද ලිවේරා (55), Police කණ්ඩායමේ දුලාශ් උදයංග (88), BRC කණ්ඩායමේ ප්‍රමෝද් මදුවන්ත (නොදැවී 52), Kurunegala Youth කණ්ඩායමේ රන්දීර රණසිංහ (54) සහ ලහිරු ජයරත්න (නොදැවී 57) අර්ධ ශතක ඉනිම් වාර්තා කළා.

පන්දු යැවීමේ දී CCC කණ්ඩායමේ  නිශාන් පීරිස් Nugegoda කණ්ඩායමට එරෙහි ව ලකුණු 67කට කඩුලු 7ක් දවා ගත් අතර Colts කණ්ඩායමේ අකිල ධනංජය Chilaw Marians කණ්ඩායමට එරෙහි ව ලකුණු 27කට කඩුලු 5ක් දවා ගනිමින් දක්ෂතා දැක් වූවා.

තරගාවලියේ පළමු සතියේ තරග අද අවසන් වෙද්දී Colts කණ්ඩායම Chilaw Marians කණ්ඩායමට එරෙහිව ද සහ Police කණ්ඩායම Panadura කණ්ඩායමට එරෙහිව ද ජයග්‍රහණ වාර්තා කළ අතර අනෙකුත් තරග නිමා වූයේ විසඳුමකින් තොරවයි.

A කාණ්ඩය

Chilaw Marians CC  සහ Colts CC අතර තරගය කොළඹ, P. Sara Oval ක්‍රීඩාංගණයේ දී.

  • Chilaw Marians CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 232 (65.3) ලසිත් ලක්ෂාන් 54, සකුණ ලියනගේ 20, කල්හාර සේනාරත්න 59, සිතුම් දිසානායක 27, හර්ෂ වික්‍රමසිංහ 4/44, අකිල දනංජය 3/77
  • Colts CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 341 (76.0) ශලින් ද මැල් 76, දිනේෂ් චන්දිමාල් 152, දුනිත් වෙල්ලාලගේ 28, ශෙරාන් ෆොන්සේකා 27, අකිල ධනංජය 25, කල්හාර සේනාරත්න 3/64, කෞමාල් නානායක්කාර 3/62, මෙලන් හංසක 3/94
  • Chilaw Marians CC- දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 78 (30.2) සම්මු අශාන් 21, උදිත් මදුශාන් 2/22, අකිල ධනංජය 5/27, සනෝජ් දර්ශික 2/16

Colts කණ්ඩායමට ඉනිමක සහ ලකුණු 31ක ජයක්.

Nugegoda S & WC සහ CCC අතර තරගය කොළඹ, SSC ක්‍රීඩාංගණයේ දී.

  • CCC– පළමු ඉනිම කඩුලු 9ක් දැවී 452 (97.0)ලසිත් කෲස්පුල්ලේ 21, සහන් කෝසල 75, ධනංජය ද සිල්වා 117, පවන් රත්නායක 98, සොනාල් දිනූෂ 37, නිශාන් පීරිස් නොදැවී 32, තිලකරත්න සම්පත් 2/109, මධුක ලියනපතිරණ 6/115
  • Nugegoda S & WC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 238 (83.0)අවිශ්ක පෙරේරා 23, ලොහොන් ද සොයිසා 51, කෙවින් පෙරේරා 41, මධුක ලියනපතිරණ නොදැවී 29, සචිඳු කොළඹගේ 28, නිශාන් පීරිස් 7/67
  • Nugegoda S & WC –දෙවැනි ඉනිම කඩුලු 3ක් දැවී 200 (45.0)පුලිඳු පෙරේරා නොදැවී 129, තිලකරත්න සම්පත් 34, පැතුම් කුමාර නොදැවී 30

තරගයේ විසඳුමක් නෑ.

Police SC සහ Panadura SC අතර තරගය මග්ගොන, Surrey ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • Panadura SC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 196 (54.1)ඔෂද ප්‍රනාන්දු 45, සසිඳු මල්ශාන් 65, දුශාන් හේමන්ත 46, හිමේෂ් රාමනායක 2/35, නලින් ප්‍රියදර්ශන 2/34, දිලුම් සුදීර 5/77
  • Police SC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 155 (62.5)අශේන් බණ්ඩාර 24, විශාද් රන්දික 26, නිපුන් ප්‍රේමරත්න 24, දුශාන් විමුක්ති 4/33, නිමේෂ් විමුක්ති 2/26, අසංක මනෝජ් 3/42
  • Panadura SC– දෙවැනි ඉනිම සියලුම දෙනා දැවී 216 (64.2) ඔෂද ප්‍රනාන්දු 47, ඉරෝෂ් සමරසූරිය 48, විශ්ව චතුරංග 34, ශාලිත් ප්‍රනාන්දු 23, කංචන ද ලිවේරා 55, දිලුම් සුදීර 6/91, නලින් ප්‍රියදර්ශන 3/46
  • Police SC –දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 258 (70.4)ධනුජ ඉඳුවර 48, දුලාශ් උදයංග 88, ප්‍රියමාල් පෙරේරා නොදැවී 116

Police කණ්ඩායමට කඩුලු 2ක ජයක්.

B කාණ්ඩය

Moors SC සහ BRC අතර තරගය කොළඹ, Colts ක්‍රීඩාංගණයේ දී.

  • Moors SC– පළමු ඉනිම කඩුලු 8ක් දැවී 336 (100.0)සදීර සමරවික්‍රම 21, ජනිශ්ක පෙරේරා 27, සොහාන් ද ලිවේරා 38, පසිඳු සූරියබණ්ඩාර 100, රමේෂ් මෙන්ඩිස් 47, මිලාන් රත්නායක 35, සංතුශ් ගුණතිලක නොදැවී 23, මොහොඩම් ශිරාස් 2/42, ශෂික දුල්ශාන් 4/108
  • BRC– පළමු ඉනිම කඩුලු 3ක් දැවී 211 (93.0)හෂාන් දුමිඳු 34, රොෂේන් සිල්වා නොදැවී 100, ප්‍රමෝද් මදුවන්ත නොදැවී 52, ශිරාන් ප්‍රනාන්දු 2/41

තරගයේ විසඳුමක් නෑ.

Kurunegala Youth CC සහ ACE Capital CC අතර තරගය ගාල්ල, ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී.

  • ACE Capital CC– පළමු ඉනිම කඩුලු 9ක් දැවී 406 (122.3)පවන්ත වීරසිංහ 65, නිමේෂ් ගුණසිංහ 85, කවිඳු කුලසේකර 40, හිමාෂ ලියනගේ නොදැවී 106, වනුජ සහන් 32, රොෂාන් ජයතිස්ස 40, දිනුශ්ක මාලන් 5/66, චාමිකර එදිරිසිංහ 2/108
  • Kurunegala Youth CC – පළමු ඉනිම සියලුම දෙනා දැවී 298 (90.5)ගයාන් මනීශාන් 39, ලක්ෂාන් එදිරිසිංහ 24, මනෝජ් සරත්චන්ද්‍ර 47, රන්දීර රණසිංහ 54, ලහිරු ජයරත්න නොදැවී 57, ඉසිත විජේසුන්දර 3/72, රොෂාන් ජයතිස්ස 3/45, වනුජ සහන් 2/88
  • ACE Capital CC –දෙවැනි ඉනිම කඩුලු 7ක් දැවී 91 (19.5) පවන් පතිරාජ 32, ඉසිත විජේසුන්දර නොදැවී 37, අරවින්ද ප්‍රේමරත්න 2/30, චාමිකර එදිරිසිංහ 4/41

තරගයේ විසඳුමක් නෑ.

Tamil Union C & AC සහ Baduraliya CC අතර තරගය කොළඹ, CCC ක්‍රීඩාංගණයේ දී.

  • Tamil Union C & AC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 347 (108.2)නවෝද් පරණවිතාන 46, සිනෙත් ජයවර්ධන 22, මිනෝද් භානුක 23, ශාරුජන් ශන්මුගනාදන් 123, සචිත ජයතිලක 51, තරිඳු රත්නායක 35, කලණ පෙරේරා 21, බුද්ධික සංජීව 4/73, මාලින්ද පුෂ්පකුමාර 3/96
  • Baduraliya CC– පළමු ඉනිම සියලුම දෙනා දැවී 205 (74.5) ඩිල්ශාන් ද සොයිසා 28, රොශාන් විජේනායක 39, රුමේෂ් බුද්ධික 24, කේශර නුවන්ත 46, අලංකාර අසංක නොදැවී 25, කවිඳු දිල්හාර 3/43, විජයකාන්ත් වියස්කාන්ත් 4/45
  • Tamil Union C & AC –දෙවැනි ඉනිම කඩුලු 9ක් දැවී 97 (29.2)සචිත ජයතිලක 33, අලංකාර අසංක 3/23, මාලින්ද පුෂ්පකුමාර 4/38
  • Baduraliya CC –දෙවැනි ඉනිම කඩුලු 2ක් දැවී 56 (12.0)සඳුන් වීරක්කොඩි 25, රොශාන් විජේනායක නොදැවී 22, තරිඳු රත්නායක 2/24

තරගයේ විසඳුමක් නෑ.

තරගාවලියේ 2 වැනි සතියේ තරග මේ සිකුරාදා (12) ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ උණුසුම් පුවත් සහ දෙස් විදෙස් ක්‍රීඩා පිටියේ උණුසුම් පුවත් දැන ගැනීමට රැදී සිටින්න ThePapare.com අප සමඟ ම.

>> තවත් ක්රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<