2020 ගිම්හාන පැරාලිම්පික් උළෙලේ දෙවැනි දිනයේ තරග නියෝජනය කිරීම සඳහා ශ්‍රී ලංකා ඔරු පැදීමේ ක්‍රීඩක මහේෂ් ජයකොඩි ශ්‍රී ලංකා වේලාවෙන් අද (28) උදෑසන තරග බිමට පිවිසියා.
>> පැරාලිම්පික් උළෙලේ ප්‍රථම දිනයේ ඡායාරූප ඇල්බමය <<
PR1 කාණ්ඩයේ පිරිමි කේවල Sculls ඉසව්වේ Repechage අදියර සඳහා සහභාගී වූ මහේෂ් මිනිත්තු 11:21.31ක කාලයකින් තරගය අවසන් කිරීමට සමත් වුනේ පස්වැන්නා ලෙසයි.
එම නිසාවෙන් ඔහුට මෙවර පැරාලිම්පික් පිටියේ පදක්කම් සඳහා පැවැත්වෙන “A” Final වටයට (අවසන් තරගය) සුදුසුකම් ලබා ගැනීමට නොහැකි වූ නමුත් “B” Final වටය නියෝජනය කරමින් ඔහු හෙට (29) නැවතත් තරග බිමට පිවිසීමට නියමිතයි.

- සම්පත් බණ්ඩාර අවසන් 16ට පිවිසෙද්දී සුරේෂ්ගෙන් හොඳ සටනක්
- දිනේෂ් ප්රියන්ත ශ්‍රී ලංකා ධජය රැගෙන පැරාලිම්පික් හි පෙරමුණේ
- රන් පදක්කමකට මාන බලන ඉපලෝගම වීරයා
- පැරාලිම්පික් යන පළමු යුද හමුදා පොලිස් ක්රීඩකයා “සමිත”
- පැරාලිම්පික් සුදුසුකම් ලැබූ විජයබා පරපුරේ සම්පත
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැරාලිම්පික් උළෙලක ඔරු පැදීම ඉසව්ව නියෝජනය කළ පළමුවැන්නා වූ මහේෂ් ජයකොඩි ඊයේ (27) පැවති පළමු සුදුසුකම් ලැබීමේ තරගය නිමා කළේ හයවැන්නා ලෙසයි.

2020 පැරාලිම්පික් උළෙලේ සියලූම තොරතුරු එසැණින් ඔබ වෙත ගෙන ඒමට ThePapare.com අප සූදානම්. රැඳී සිටින්න ThePapare.com අප සමඟම.
>> 16 වැනි ගිම්හාන පැරාලිම්පික් උළෙලේ සියලුම තොරතුරු <<






















