තරංගගෙන් සුපිරි ප්‍රහාරයක්; පළමු තරගයේ ජය Maharajasට

ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලිය 2022

1963

ඕමානයේ පැවැත්වෙන ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ (Legends League Cricket) පළමු තරගයෙන් Asia Lions කඩුලු 6කින් පරාජය කරන්නට India Maharajas ඊයේ (20) සමත් වුනා.

කාසියේ වාසිය දිනා ගත් India Maharajas පළමුව පන්දු රැකීමට තීරණය කළා.

  • India Maharajas XI: Naman Ojha (WK), S Badrinath, Hemang Badani, Venugopal Rao, Mohammad Kaif (C), Yusuf Pathan, Stuart Binny, Irfan Pathan, Pragyan Ojha, Manpreet Gony, Munaf Patel.
  • Asia Lions XI: Upul Tharanga, Tillakaratne Dilshan, Kamran Akmal (WK), Mohammad Yousuf, Misbah-ul-Haq (C), Azhar Mahmood, Mohammad Hafeez, Nuwan Kulasekara, Shoaib Akhtar, Muttiah Muralitharan, Umar Gul

පළමුවෙන් පන්දුවට පහර දුන් Asia Lions නියමිත පන්දුවාර 20 තුල කඩුලු 7ක් දැවී ලකුණු 175ක් ලබා ගැනීමට සමත් වුනා. ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරු තිලකරත්න ඩිල්ෂාන් කඩුල්ල මුවාකිරීමේ වරදකට හසුව ලකුණු 5කට දැවී ගියා.

ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වෙමින් උපුල් තරංග 4 පහර 7ක් සහ 6 පහර 2ක් සමඟින් පන්දු 46කින් ලකුණු 66ක් ලබා ගැනීමට සමත් වුනා.

සිව්වැනි කඩුල්ල වෙනුවෙන් තරංග සමඟ පිටියේ එක්වුණු නායක Misbah-ul-Haq ලකුණු 54ක වේගවත් සබඳතාවයක් ගොඩනැංවූ අතර Munaf Patel තරංගගේ කඩුල්ල දවා ගනිමින් එම සුපිරි සබඳතාවය බිඳ දැමීමට සමත් වුනා.

146.87ක ප්‍රහාරාත්මක වේගයක් රඳවා ගනිමින් Misbah පන්දු 30ක දී ලකුණු 44ක් ලබා ගත්තේ වේගවත් පිතිකරණයක නිරත වෙමින්. ඔහුගේ එම දැකුම්කළු ඉනිමට එක් 4 පහරක් සහ මනරම් 6 පහර 4ක් ඇතුළත් වුනා.

වේගපන්දු යවන ක්‍රීඩක Manpreet Gony ලකුණු 45කට කඩුලු 3ක් දවා ගත් අතර Irfan Pathan ලකුණු 22කට කඩුලු 2ක් දවා ගැනීමට සමත් වුනා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ India Maharajas පන්දුවාර 19.1ක් අවසානයේ කඩුලු 4ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

එහි දී සුපිරි පිතිහරඹයක නිරත වූ Yusuf Pathan පන්දු 40කින් වේගවත් ලකුණු 80ක් ලබා ගත්තා. ඔහුගේ එම සුපිරි ඉනිමට 4 පහර 9ක් සහ දැවැන්ත 6 පහර 5ක් ඇතුළත් වුනා.

නායක Mohammad Kaif නොදැවී ලකුණු 42*ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී Shoaib Akhtar හා Umar Gul එක් කඩුල්ල බැගින් දවා ගන්නට සමත් වුනා.

නුවන් කුලසේකර යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන් ලකුණු 42ක් රැස් කළ අතර, මුත්තයියා මුරලිදරන් යොමු කළ පන්දුවාර 4 තුළ දී ප්‍රතිවාදීන් ලබා ගත් ලකුණු ප්‍රමාණය 32ක්.

එසේම නුවන් කුලසේකර යොමු කළ පන්දුවකට Subramaniam Badrinath පහරක් එල්ල කළ අතර, පන්දු රකිමින් සිටි මුත්තයියා මුරලිදරන් පන්දුව රැකගෙන කෙළින්ම කඩුල්ල වෙත යොමු කරමින් ඔහුව දුවද්දී දැවී යාමකට හසු කර ගැනීම විශේෂත්වයක්.

2022 ප්‍රවීණයින්ගේ ලීග් ක්‍රිකට් තරගාවලියේ තරග කාලසටහන

  • ජනවාරි 20: India Maharajas vs Asia Lions
  • ජනවාරි 21: Wolrd Giants vs Asia Lions
  • ජනවාරි 22: World Giants vs India Maharajas
  • ජනවාරි 24: Asia Lions vs India Maharajas
  • ජනවාරි 26: India Maharajas vs World Giants
  • ජනවාරි 27: Asia Lions vs World Giants
  • ජනවාරි 29: අවසන් මහා තරගය

තරග සියල්ල ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 8ට ආරම්භ වීමට නියමිතයි.

තරගාවලියේ සියලු තොරතුරු ඔබ වෙත රැගෙන එන්නට ThePapare.com සූදානම්, රැඳී සිටින්න ThePapare.com අප සමඟම.

>> තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න <<