මාලිංගට දකුණු අප්‍රිකානු සංචාරය අහිමි වෙයි

1686
Lasith Malinga

මේ දිනවල පැවැත්වෙන ශ්‍රී ලංකා දකුණු අප්‍රිකානු තරඟ සංචාරය සඳහා ප්‍රවීන වේඟපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සහභාගී කරවා නොගන්නට තීරණය කර ඇත.

පසුගිය ලිපි: මලින්දගේ දඟ පන්දුව නිසා හලාවතට පෙරළිකාර ජයක්

33 හැවිරිදි ලසිත් මාලිංග මේ සතියේදී දකුණු අප්‍රිකාව බලා පිටත් වීමට නියමිතව තිබුනේ  20-20 තරඟ ත්‍රිත්වය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කිරීම වෙනුවෙනි. කෙසේනමුත් කොළඹදී පැවති පුහුුණු තරඟ අතරතුරදී සිය දණහිස් ප්‍රදේශය ආශ්‍රිතව ඇතිවූ ආබාධ තත්වය පිළිබඳව ඔහු දැනුම් දීමෙන් පසුව ඔහුව තරඟ සංචාරය සඳහා සහභාගී කරවා නොගන්නට බලදාරීන් තීරණය කර ඇත.

කෙසේනමුත් මේ වන විට මාලිංග පෙබරවාරි මස ඕස්ට්‍රේලියාවට එදිරිව පැවැත්වීමට නියමිත 20-20 තරඟ ත්‍රිත්වය සඳහා සහභාගී වීමට අපේක්ෂාවෙන් සිටියි.

පසුගිය වර්ෂයේ පෙබරවාරි මස බංගලාදේශයේදී පැවති ආසියානු කුසලානය අතරතුරදී ඇතිවූ දණහිස් ආබාධය නිසාවෙන් ඔහු ජාත්‍යන්තර පිටියේ පසුගිය කාලවකවානුව පුරාවට දක්නට ලැබුනේ නැත.

කෙසේනමුත් ආබාධමය තත්වයෙන් සුවය ලබා ඔහු නැවතත් ක්‍රිකට් පිටියට පිවිසීමට සූදානමින් සිටියද ඩෙංගු රෝගය ඔහුව තවදුරටත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඈත් කිරීමට සමත් විය.

2010 වර්ෂයේදී ඔහු ටෙස්ට් ක්‍රිකට් පිටියෙන් සමුදෙන විට වයස අවුරුදු 27ක් වූ අතර ඉන්පසුව මෙවැනි ආකාරයටම සිය දකුණු දණහිසේ ඇතිවූ ආබාධයක් හේතුවෙන් ඔහුව මාස 18කට පමණ ක්‍රිකට් පිටියෙන් ඈත් කර තැබුවේ මීට අවරුදු 2 පෙරාතුවය.

දක්ෂ ක්‍රීඩා කෞෂල්‍යකට හිමිකම් කියනා මාලිංග, සිය 12 වසරක වෘත්තීය ගමනේ මේ වන විට ශ්‍රී ලංකාව වෙනුවෙන් දවාගෙන ඇති කඩුලු ගණන 470ක්.

තවත් ක්‍රිකට් පුවත් සඳහා පිවිසෙන්න – ක්‍රිකට් ක්‍රීඩා පිටුවට